අන්රයියා යනු ජාතියේ වාසනාවට මෙම ශතවර්ෂයේ පහලවූ සැබෑම වීරයාය. අන්ත ගල් යුගයේ සිටි ජෙප්පන්, මාළු මාමා වැනි ලිබරල් ව්‍යාපාරයක් වෙතට ඇදගෙන ආපු නියමුවා අන්රයියාය. අන්රයියා නැත්තන් නිර්පාක්ෂික සාමකාමී වලියෙන් පසු හරක් පප්පන් ඔක්කොම ජෙප්පන් හෝ කුරුට්ටන් බවට පත්වී මහා ඛේදවාචකයක් වීමට ඉඩ තිබුණි. නමුත් අන්යියාගේ ආශිර්වාදයෙන් කුරුට්ටන් සම්පුර්ණයෙන්ම මර්ධනය කර දැමීමට හාමුට පුළුවන් විය. ඒ විතරක් නෙවෙයි. චන්දයක් එන බව පවසා හරක් පප්පන් මාළු මාමා වටා ගොනුකර තබා ගැනීම මගින්, නැවතත් නිර්පාක්ෂික සාමකාමී වලියක් ඇතිවීම වැලකින.
අනේ ඉතින් කොච්චර සාර්ථකව අන්රයියා මෙම යුග මෙහෙවර ඉටු කලේද යත්, හාමු නන්නත්තාර වෙන්න ටැක්ස් ගහද්දීත්, පඩි වැඩි නොකර සිටිද්දීත්, ලයිට්, තෙල්, ගෑස් අහස උසට නගිද්දීත්, තෙල බෙදන සමිතියෙන් බාගයක් විකුණා දමද්දීත්, ලයිට් කපන සමිතිය අදානි සහෝදරයාට විකුණා දමද්දිත්, අනිත් කඩ ටික විකුනන්න ප්ලෑන් ගහද්දීත්, අමෘත්තය නැති කර දමද්දීත්, අන්තර්ජාල මර්ධන නීති ගෙන එද්දිත්, අලුගෝසුවෙක් පොලොස්පති කරද්දීත්, වසන්ත මුදලාලි දඩු කදේ ගහද්දීත් කිසිම වලියක් ඇති වීමට ඉඩ නොදී වැඩේ කලමනාකාරය කර හාමුට උදව් කලේ අන්රයියාය. ඒ විතරක් නොව, මොලේ කලඳක් නැති කුරුට්ටන් කපා කපා මාළු කපා අපිට එපා කියල පාරට ආවාම, උන්ට අම්බානට නෙලද්දී ඇතිවූ විරෝදය වෙන අතකට යොමුකර කලමාකරණය කලේ අන්රයියාය.
අනේ ඉතින් ඒ විතරක් නෙවෙයි. වාමාංශික, සමාජවාදී, මාක්ස්වාදී වැනි ගල් යුගයේ චින්තනය වෙනුවට "දුෂණ විරෝධී" නමැති අලුත්ම සංකල්පයකට ගොනු කලේ අන්රයියාය. ඒ නිසා දුෂණයක් නැත්තන් වැඩ නොකරන සමිතිය උනත් විකුණා දැමිය හැකි ආකාරයකට හරක් පප්පන් කළමනාකරණය කරගත හැකි විය. අන්තර් විශ්ව ළමා සමිතිය කොටස් වලට කඩා දුර්වල කිරීමටත් අන්රයියාගෙන් ලැබුණු සහය අති විශිෂ්ටය. මෙච්චරකල් මහා හොර පප්පා ඇතුළු ජාතිකවාදී බයියන් වටේ සිටි වාමාංශික පප්පන්, එයින් මුදාගෙන ලිබරල් center-left ව්යාපාරකට යොමු කිරීමත්, හාමු විසින් සිදුකල ලිබරල් ප්‍රතිසංස්කරණ වලට ඇතිවූ විරෝධය සම්පුර්ණයෙන්ම කලමාකරණය කරදීමත් නිසා පප්ප ගමේ උපදින උපදින පප්පන් අන්රයියාට ණය ගැතිය. අන්රයියා ලබාදුන් උදව්ව වෙනුවෙන් හාමු විසින් සිදුකලේ මාළුමාමාට නිදහසේ කැම්පේන් කරන්නට ඉඩ දීමත්, මාළු පප්පන් දඩු කදේ නොගසා සිටීමත් පමනි. නමුත් අන්රයියා කිසිම දේකින් නොසැලී ගම වෙනුවෙන් තම යුතුකම ඉටු කළේය.
ගල් යුගයේ ජෙප්පන් වන ලාල් අයියා, ටිං ටිං අන්කල්, සාස්තර ගුරුන්නාන්සේ වැනි ඩයල් ජාතිය ඉතිරියේ විහිළුවක් බවට පත්වුණේ අන්රයියාට පින් සිද්ධ වෙන්නය. ඒ වෙනුවට් ලිබරල් පප්පන් වන හරිනි අක්කා, නලින්ද අයියා සහ පොඩ්ඩක් ට්‍රැක් අවුට් උනත් චතුරංග මල්ලී වැනි ඩයල් සාර්ථක වීම මගින්, පරණ නාකි ජෙප්පන් නන්නස්තාර කර දැමීමට හැකිවිය. අන්රයියා යනු, යුග පුරුෂයෙකි, අපේ කාලයේ වීරයෙකි, සැබෑම ජනතාවාදී විපක්ෂ නායකයෙකි, කෙලින්ම කිව්වොත් දෙවියෙකි.
No comments:
Post a Comment