අනේ ඉතින් පප්ප ගමට අවුරුදු 5කට සැරයක් එන "ගම බේරා ගැනීමේ අන්තිම අවස්ථාව" උදා වි ඇත. මේක උදා උනාම පප්පන් හෙන සීරියස් වි රෙදි නැතුව කඩේ යන්න පටන් ගනී. පප්පන්ට ආර්ථික විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාවේ සිට භූත විද්‍යාව දක්වා සියලුම ඥානයන් එකවිට පහල වේ. ඔවුන් බදු, උද්ධමනය, පෝලිම්, සල්ෆ්යුරික්, ග්‍රෆින්, ඉන්ටනෙට්, ජාතිය, ආගම වැනි ඕනෑම මගුලක් බොග් ගාල අවබෝධ කරගනී. පප්පන් බුකියේ පෝස්ට් දමාගෙන දමාගෙන, කොමෙන්ටු කොටාගෙන කොටාගෙන, හහා කියාගෙන මාර ආතල් එකක් ගනී. ඒක බලාගෙන හිටියාම ඊටත් වඩා ආතල් එකක් ගන්න පුලුවන්ය.
අනේ ඉතින් ඔය අස්සෙ හාමු ඉස්සෙල්ලාම ගිහින් ඇප තැන්පත් කළේය. හාමුල වගේ සල්ලි තියන අය එහෙම තමයිය. ඔය අස්සේ මහා හොර පප්පාගේ කල්ලිය හෙවත් පුට්ටුව කැලි හතරකට කැඩී ඇත. ලොකුම හොරු සෙට් එක හාමුට හේත්තු විය. ගලවාගැනීමේ සමිතියේ ලොක්කන් කලින්ම නයිහාමිට හේත්තු විය. ආතක් පාතක් නැති අපත පඬියන් සෙට් එක මෝඩ පුතානෝට හේත්තු වී උපදෙස් ලබා දෙයි. මහා හොර පප්පාගේ හොර පවුල තනිවී ඊළඟ "ගම බේරා ගැනීමේ අන්තිම අවස්ථාව" ආවාම මල් කුමාරයා ලොකු පප්පා කිරීමේ ප්ලෑන හදයි.
අනේ ඉතින් පුට්ටුවේ සිටි බයියන් නන්නත්තාර වී ඇත. නන්නත්තාර උනා කිව්වට නන්නත්තාරම උනේ නැ. එයාල වැඩිහරියක් කලින්ම කයියනායක දෙවියන්ට සෙට් උනා. ඉතිරි බයියන් ටික හාමුට සහ නයිහාමිට සෙට් උනා. ඉතින් ඔන්න ඔයවගේ සාමකාමිව ගම බේරා ගැනීමේ අවස්තාව සෙලිබ්‍රෙට් කරයි කියල අපි හිතාගෙන හිටියට එහෙම වෙන්න තියන ඉඩ අඩුය.
හාමු අන්තිම මොහොතේ ෆුල් මොංගල් පිස්සුවක් කෙළීමට සෙට් වී සිටී. ගොඩක් වෙලාවට හාමුට දිනන්න බැරි බව තේරුනොත් මහා පිස්සන් කොටුව ගෙදර යවා, පිස්සන් කොටු චන්දයත්, ලොකු පප්පගේ චන්දයත් ඔක්කොම එකට අනා දැමිය හැක. ඒ අස්සට "ගොන් මත විකාරයකුත්" ඔබයි. ඊට පස්සේ වැඩ නොකරන සමිතිය සහ ගලවා ගැනීමේ සමිතිය බස්සා ඇනකොටා ගැනීමේ වලියකුත් හදල සල්ලිත් නැ කියල පිස්සුවක් කෙලිවි. ඊට පස්සේ "චන්ද නොතියන කමිටුව"ට ආතතිය වැඩි වෙලා ඉල්ලා අස් වේවි. දැන් පිස්සන් කොටුව නැතුව කමිටුව දාන්නත් බැ, කමිටුව නැතුව චන්ද තියන්නත් බැ, චන්ද දෙකක් තියන්න සල්ලිත් නෑ. අලි මදිවට හරක් කියල තව "ගොන් මත විකාරයකුත්" තියන්නලු. ඒ අස්සෙ හැම තැනම ඇනකොටා ගැනීමේ වලි. අනේ ඉතින් මෙන්න මෙහෙම උනාම ආගමික නායක ලොක්කන් මේකට මොකක් හරි කරන්න කියල හාමුට කියයි.
හාමු ඒ ගැන සලකා බලල සල්ලි තියෙන්නෙ එක චන්දෙකට විතරයි. චන්ද තුනක් තියන්න බැනේ. ඔයාලට ඕනම නං මම "ගොන් මත විකාරයක්" තියන්නන් කියල කියයි. අනේ ඉතින් ඔය ගොන්මත විකාරය අනුව චන්දය තියනකන් හාමු තව අවුරුද්දක් කාලය දික් කර ගනී. එතකොට පප්පන්ට තව අවුරුද්දක් බුකියේ ආතල් ගත හැක. කොහොමත් පප්පන් කරන්නේ හොරකන් කිරීමත්, ආතල් ගැනීමත් විතරය. පරණ පුරුදු දේවල් නිසා කිසිම අවුලක් නැත.
No comments:
Post a Comment