අනේ ඉතින් අපි කියපු විදියටම මහා හොර පප්පා විසින් ගලවාගැනීමේ සමිතිය බස්සවා පොඩි පොඩි කට්ටිය දඬු කදේ ගැහුවේය. මේ අතර කයියනායක සහෝදරවරුන් වැඩ නොකරන සමිතිය බස්සවා පොඩි පොඩි වලි පටන් ගෙන ඇත. කයියනායකගේ වලිය නම් හාමුගේ ප්ලෑන් එකේම කොටසකි. මේ දවස් වල ප්‍රතිසංස්කරණ වල රෙසිස්ටන්ස් එක වැඩි නිසා වැඩ නොකරන වලියක් දා ගැනීමෙන් හරක් පප්පලා ගාල කඩාගෙන දුවන්නේ නැතිව පිළිවෙලකට තබාගත හැක. හැබැයි වැඩේ නැගල ගියොත් අන්රයියා හාමු එක්ක තියෙන ඩිල් එක ක්ලෝස් කර වැඩ පටන් ගැනීමටද ඉඩ ඇත. මේ බව මහා හොර පප්පටද හොඳටම තේරෙයි. බලාගෙන හිටියොත් හාමු වැඩ නොකරන සමිතිය විකුණා, ගලවාගැනීමේ සමිතිය ගෙදර යැවිය හැක. එහෙම නැත්තන් අන්රයියා වැඩේ අතට ගන්නටද ඉඩ තිබේ. ඇත්තටම කිව්වොත් තව දඬු කදේ ගැසිය යුතු පොඩි පොඩි උන් ටිකක් ඇත. ඒත් වෙලාවක් නැත. අනේ ඉතින් තව නාට්‍ය දෙක තුනක් පෙන්නන්න ප්ලෑන් කරගෙන හිටියත් වෙලාවක් නැති නිසා මහා හොර පප්පා කෙලින්ම හාමුගෙන් ගේම ඉල්ලීමට පටන් ගෙන ඇත.
මේ වෙලාවට හාමුට මොලේ ඇත්නම් මහා හොර පප්පා සහ කයියනායක එකට හැප්පවිය යුතුය. එහෙම නැතුව වැඩ නොකරන සමිතිය සහ ගලවා ගැනීමේ සමිතියට එක පාරට නෙලන්න ගියොත් කෙලවිමේ සම්භාවිතාව වැඩිවේ. මේ දෙගොල්ලන් එකාට එකා හප්පා දඬු කඳේ ගහ ගැනීමට ලැබුනොත්, හාමුට හිමීට මතුවී සාමය ඇති කළ පියා ලෙස ලොකු පප්පා වීමට පුළුවන්.
පප්පගමේ චන්ද නාට්‍යයේ හාමු ඊළඟට අදින මුව්ස් ගැන ඉතා සතුටින් බලා ඉඳිමු.