Thursday, April 3, 2025

පප්පගමට සුපුරුදු ආතල් නැවතත්

 අනේ ඉතින් ඩඩ්ලි සහෝදරයට බයේ හාල් වලට කෙලල ඇරිය. 

ලයිට් කපන සමිතියට බයේ අදානි සහෝදරයා (හොරා) එලවල නිකන් හම්බුවෙන සෝලත් ගලවල දැම්ම. 

තෙල බෙදන සමිතියට බයේ ඕස්ට්‍රේලියා ආයෝජකය එලවල දැම්ම. 

ටෙලිකොමාට බයේ එලෝන් මස්ක් තක්කඩිය එලවල දැම්ම. 

ඒ වෙනුවට රිලව් එලව එලව, බත් කඩයි, ලුණු කඩයි දදා, ක්‍රීම් සිරිලංකා එකකුත් කරා. 

ඊට පස්සේ චිනගෙනුයි, ට්‍රම්පච්චිගෙනුයි ඇනගෙන දැන් තියෙන්නෙ මොදිගේ පිහිට විතරයි.

දැන් ඉතින් බේරෙන්න තියෙන්නේ පප්පගම ගෙඩිය පිටින්ම භාරතයට විකුණලා දාන එක විතරයි. 

නැත්තන් සුපුරුදු ආතල් නැවතත්!!!



Friday, March 14, 2025

ජාතික මහා රිලා සංගණනය

 අනේ ඉතින් හෙට උදෙන්ම පප්ප ගමේ රිලව් ටික ගණන් කරනව. රිලව් කිව්වට ඔක්කොම රිලව් ගනින්නෙ නෑ. වලිග තියන රිලව් විතරයි. ඒ නිසා බය වෙන්න එපා. අනේ ඉතින් මෙහෙම රිලව් ගැන්නට අවුලක් නැති උනාට ගැනල ඉවර වෙලා මොනවද කරන්නෙ කියන එක පැහැදිලි කරල නෑ. ඒ නිසා අපිට පහත සඳහන් නොයෙක් ක්‍රියාමාර්ග ගැන අනුමාන කරන්න පුළුවන්. 

  1. රිලවුන්ට කැපකරු මාපිය ක්‍රමයක් හඳුන්වාදී එයාලගේ ගෙවල් වලට යැවීම. (මේක තේරෙන්නේ නැත්තන් පුතානෝ ගෙන් අහන්න)
  2. යු එස් එයිඩ් වලින් කීයක් හරි ඉල්ලගෙන රිලවුන්ට උපත් පාලනය කියලා දීම 
  3. රිලවුන්ට වඳ කොත්තු සහ වඳ බ්‍රා බෙදා දීම. මේ වැඩේ රතනට බාර දුන්නනං තිතට කරයි 
  4. රිලා වෘත්තීය සමිතියක් සාදා දින නියමයක් නැති දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කිරීම 
  5. රිලව් එක්ක ගිහින් මහා හොර පප්පාගේ ගෙදර වැටලීම
  6. රිලවුන්ට GPS ට්‍රැකින් තියන ඩිජිටල් ID එකක් හදල දීම  
  7. රිලවුන්ව මාලුමාගෙන් ප්‍රාදේශීය සභාවට නාම යෝජනා දීම
  8. රිලවුන්ට ආචාර්ය උපාධි දීම 
  9. රිලවුන්ට පන්ති පහ පැවැත්වීම 
  10. හනුමන්තාව ගෙන්වා රිලවුන්ට ගෙවල් ගිනි තැබීමට පුහුණුවක් ලබා දීම 
  11. රිලවුන්ගේ අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම 
  12. රිලවුන්ට අස් වැසුම දිම 
  13. එක රිලවෙක් තෝරා ඌව කතානායක කිරීම 
  14. දේසපන්දුව හොයන්න රිලවුන්ට බාර දීම
  15. රිලවුන්ට ජාතික ආරක්ෂාව ගැන පන්තියක් පවත්වා, ඊට පස්සේ ආරක්ෂාවත් රිලවුන්ටම බාර දීම 
  16. මුහුණු පොතේ කුණුහරුප කීමේ වැඩේ රිලවුන්ට බාරදීම 




Tuesday, February 11, 2025

පප්පන්ගේ ගාය

 අනේ ඉතින් සර් සහ අන්රයියා කියන්නේ පප්පන්න්ගේ ගායන් නිට්ටාවටම හොඳ කරන වෙදුන්ය. දැනටම බොහෝ ගායන් හොඳ කරගෙන ඇත. අන්රයියා හිතුවාට වඩා එලම කොල්ලෙකි. ගායවල් ටික නියමෙටම හොඳ කරගෙන යයි. ඉතිරි ටිකත් හොඳ කර ගත්තනං ගොඩය. 


සර් විසින් හොඳ කල ගායවල් 

1. රණ විරු ගාය 

2. කාබනික ගාය 

3. රාවනා ගාය 

4. යක්ක පුත්තු ගාය 

5. කොටි නැගිටින ගාය 

6. හෙළ වෙදකන් ගාය 

7. ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගාය 


අන්රයියා හොඳ කල ගායවල් 

1. රථ ගාය 

2. ඉන්දියන් ව්‍යාප්තවාදී ගාය 

3. පොල් කන, පොල් ගහන ගාය 

4. දේවාල ගාය (මේක දණහිසින් උඩට ගන්න දෙන්නෙ නෑ)


ඊළඟ අවුරුදු පහ තුල අන්රයියා විසින් හොඳ කිරීමට නියමිත ගායවල් 

1. බත් කන ගාය (ඇත්තටම කනව වැඩියිනේ)

2. දේශීය ගොවියා රැක ගැනීමේ ගාය 

3. වෘත්තීය සමිති ගාය 

4. පෞද්ගලික විශ්ව විද්‍යාල ගාය 

5. බදු නොගෙවන ගාය

6. පාලන මිල ගාය 

7. විදුලිබල මාෆියා ගාය 

8. වාහණ පර්මිට් ගාය 

9. එයාර් ලංකා ගාය 

10. තෙල් ගාය