අනේ ඉතින් හාමු IMF අරන් කාපු කිරිබත් වල උණුසුම අඩුවේගෙන අඩුවේගෙන ගියා. මේ අතරෙ මහා හොර පප්ප කට්ටිය දාල තැන තැන IMF එකට බැන බැන ගියා. මහා හොර මුලේ ඉඳල හෙලිකොප්ටරේට නැග්ග හොරු ටිකත් IMF එකට බනින්න පටන් ගත්ත. ඉස්සර හාමුගේ වලව්වේ හිටපු අසමගි බලුවේගයත් එක එක කතා කියන්න ගත්ත. රැල්ල නැවතිච්ච නිසා දහ අතේ කල්පනා කරකර හිටපු අන්රයිය බැලුව IMF එකට විරුද්ධ රැල්ලක් එනව වගේ, ඒකටවත් නගිනව කියල. අන්රයිය IMF එකට බනින්න ගියොත් වෙස් මුණ ගැලවෙන නිසා, බංකුවේ අලුත් ලොක්ක වෙච්චි නන්දෙට බැනගෙන බැනගෙන ගියා. හාමු බැලුව එනපොට හොඳ නෑ ගේමක් ගහන්න ඕන කියල.
අනේ ඉතින් හාමු හිතුව IMF එකට කැමතිද නැද්ද කියල චන්දයක් තියන්න. අසමගි බලුවේගේ වැඩිහරියක් IMF එකට කැමතියි. ඉතින් විරුද්ධව චන්දෙ දෙන්න හිතුවොත් දෙකට කැඩෙනව. මහා හොරපප්පගේ කල්ලියෙ වැඩි දෙනෙක් IMF එකට අකමැතියි. ඉතින් විරුද්ධව චන්දෙ දුන්නොත් ඒකත් දෙකට කැඩෙනව. අන්රයිය IMF එකට කැමති උනාට ටිංටිං අන්කල් අකමැතියි. ඉතින් විරුද්ධව චන්දෙ දුන්නොත් වෙස් මුණ ගැලවෙනව. හෙලිකොප්ටරේට නැග්ග හොරු නං ඉතින් මොනව කරත් කමක් නෑ. හාමු චන්දෙන් දිනුවොත් එයාට විසිල් එකකුත් ගහගෙනම ප්‍රතිසංස්කරණ කරන්න පුළුවන්. චන්දෙන් පැරදුනොත් මහා පිස්සන්කොටුව විසුරවල හොරු ටික එලවන්න පුළුවන්. ඒක හොරුත් දන්න නිසා චන්දෙ පැරදෙන්නේ නෑ. චන්දෙ පැරදෙනව කියල දන්නවනන් හාමු චන්ද තියන්නෙත් නෑ. තියන චන්ද පැරදෙන්නෙත් නෑ.
අනේ ඉතින් චන්දෙ තිබ්බ. IMF එකට ඇත්තටම කැමති අසමගි බලුවේගේ චන්දෙ වෙලාවට සුපුරුදු පරිදි ශේප් එකේ මාරු වෙලා පක්ෂෙ බේරගත්ත. IMF එකට ඇත්තටම අකමැති මහා හොරු රැල පිස්සන්කොටුව විසුරුවනවට බයේ පක්ෂව චන්දෙ දුන්න. හෙලිකොප්ටරේ හොරු රැල නන් ඉතින් අදාලම නැනේ. අන්රයියට චන්දෙ දෙන්නත් බෑ, බැනපු විදියට ශේප් වෙන්නත් බෑ. අනේ ඉතින් එයා කරන්න දෙයක් නැතුව විරුද්ධව චන්දෙ දුන්න.
හාමු ඉනින්ග්ස් වලින් චන්දෙ දිනුව. මාළු මාමගේ බෙල්ලේ සීනුව එල්ලුව. දැන් ඉතින් කැත නැතිව ප්‍රතිසංස්කරණ ටික කරගෙන යන්න පුළුවන්. මාළු මාම වෙනස් වෙලා කියල රැවටිලා කඩේ ගිය අයගෙ සපෝට් එකත් පස්සෙ කවුරු හරි ගනීවි.