අනේ ඉතින් බයියන් යනු කවදාවත් වෙනස් නොවන ස්ථිතික ජීවින් විශේෂයකි. ඔවුන් වෙනස් නොවනවා විතරක් නෙවෙයි, වෙනස් වීම තේරුම් ගැනීමද කල නොහැකිය. ඒ නිසා විචල්‍ය දෙකක සම්බන්ධතාවය තේරුම් ගත නොහැක. උදාහරණ වශයෙන් ආනයන අඩුකර අපනයන වැඩි කරගත හැකි බවත්, බදු අඩුකර පඩි වැඩි කරගත හැකි බවත් බයියන් සිතයි. අනේ ඉතින් ඒ විතරක් නෙවෙයි. තරගකාරිත්වය වැඩි උනාම හැමෝම තරඟ කර මිල වැඩි වෙන බවද සිතයි. ඉල්ලුම සහ සැපයුමද බයියන්ට නොතේරේ. ඉල්ලුම වැඩි භාණ්ඩ හැමෝටම ඕන නිසා මිල අඩු කලයුතු බවද, ඉල්ලුම අඩු භාණ්ඩ කාටවත් වැඩක් නැති නිසා මිල වැඩි කලයුතු බවද සිතයි.
බයියන්ට මධ්‍යන්‍යය (mean), විචලතාව (variance) වැනි දේවල් කෙසේවත් නොතේරේ. අල ගෙඩියක මධ්‍යන්‍යය මිල කහවනු 30යි කීවිට බයියන් කෝපයට පත්වේ. කොළඹ අලයක් කහවනු 50යි, ගාල්ලෙ කහවනු 15යි, නුවර 25යි, ඉතින් කොහෙවත් කහවනු 30ට අල නැතැයි කියයි. උද්ධමනය අඩු උනා යයි කිව්වොත්, එහෙම වෙන්නෙ කොහොමද, කැරට් මිල වැඩි උනා යයි කියයි. ඒක පුද්ගල ආදායම වැඩි උනා යයි කිව්වොත්, එහෙම වෙන්නෙ කොහොමද, මගේ පඩිය වැඩි උනෙ නෑ යයි කියයි.
ආර්ථික අර්බුධ සඳහා බයියන්ගේ විසඳුම් ඉතාම සිත් ගන්නා සුළුය. උද්ධමනය වැඩි වීමෙන් බදු මිල වැඩි වෙන නිසා හැමෝටම බඩු ගන්න පුළුවන් වෙන්න පඩි වැඩි කර පොලිය අඩුකළ යුතු යැයි සිතයි. අය වැය පරතරය වැඩි වන්නේ වියදම වැඩි නිසා හෙයින් වියදම් අඩු කර ගැනීමට බදු අඩු කල යුතු බව සිතයි. විදේශ සංචිත අඩු වන්නේ ආනයන නිසා හෙයින් ආනයන තහනම් කල යුතු බවද සිතයි. විදේශ ආයෝජන පැමිණීම ඉතාම අහිතකර බවත්, ඒවා මගින් ලාභය පිටරටට රැගෙන යන බවත් සිතයි. ඒ විතරක්ම නෙවෙයි, ඒවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවද සිතයි.
බයියන් වෙනස් නොවන නිසා ඔවුන්ගේ මොලයද වර්ධනය නොවේ. බයියන්ට පොඩි කාලෙ බයි කවන්න අම්මලා කිව් සුරංගනා කතා, ඉතිහාස කතා ඇත්ත යැයි බයියන් ලොකු උනාමත් සිතයි. ලොකු උනාම කුමාරයෙක්/කුමාරිකාවක් කසාද බැඳ, මාලිගාවක් හදාගෙන, කාරෙකක් අරගෙන ෆුල් ආතල් එකේ ඉන්න පුළුවන් බව සිතයි. අනේ ඉතින් බයියන් ලොකු වී අනාතනාථ වූ පසු අපේ හීන ඉවරයි, මුං අපිව කෑව, කපා කපා මාළු කපා අපට එපා කියා පාරට බස කෑ කෝ ගසයි. ඒ විතරක් නෙවෙයි, ඉපදුන ගමන් ඇවිදින්න පුළුවන් බවත්, පින් බලෙන් උඩින් යන්න පුළුවන් බවත්, වතුර වයින් කරන්න පුළුවන් බවත්, කොරුන් ඇවිද්දවන්න පුළුවන් බවත්, මැරිච්ච මිනිස්සු නැගිට්ටවන්න පුළුවන් බවත් සිතයි. කවුරුහරි කෙනෙක් ඔය දේවල් බොරු කියා කිව්වොත් බයියන්ට මල පැන අපහාස කරා, සිත් රිදුණා කියා ඔවුන් අල්ලාගෙන නඩු දමා දඬු කඳේ ගසයි. රාවණා නැගිටින බව සිතන බයියන් දැන් අවුරුදු 70වක් විතර රාවණා නැගිටිනකන් බකන්නිලාගෙන සිටියි. දියසෙන් කුමරා කවදා හෝ පැමිණ ගම බේරා ගන්නා බවද බයියන් සිතයි.
අනේ ඉතින් චන්දයක් ලං වෙන විට බයියන්ට ගම බේරා ගැනීමේ අවසන් අවස්ථාව උදා වේ. එතකොට දියසෙන් කුමරා පැමිණ ගම බේරා ගන්න බව සිතා කවුරු හරි මොංගල් ඩයල් එකකට කඩේ යයි. ඊට පසු මොංගල් කාරයෙක් ලොකු පප්පා කර ගෙන, තාප්ප පුරා චිත්‍ර ඇඳ, පාර පුර කිරිබත් කා හෙන පිස්සුවක් කෙළී. ඔහොම අවුරුද්දක් විතර ගියාම හොඳම එකකින් කෙළවාගෙන පාරට බැස කෑ කෝ ගසයි. ඊට පසු දියසෙන් කියල තවත් හෙන මොංගල් ඩයල් එකක් හොයාගෙන කඩේ යයි.