Tuesday, June 11, 2024

හාමුට ලොකු පප්පා වෙන්න පුළුවන් තවත් ක්‍රමයක්

 අනේ ඉතින් හාමු ලොකු පප්පා තෝරන චන්දයට ගියොත් උඩින්ම කෙලවේ. ඒ නිසා මේ දවස් වල හාමුගේ කාලය දික් කරගන්න ගොන්මත විකාරයක් තියන්න ඕන කියල කතාවක් හාමුම ලික් කර ඇත. ඉතින් එහෙම එකක් තිබ්බත් හාමුට උඩින්ම කෙලවේ. ඒ නිසා පාප්ප ගමේ පප්පලා හිතන්නෙ හාමුට පිස්සු කියලාය. අනේ ඉතින් හාමුව එහෙම ලේසියෙන් එලවන්නට බැරිය. හාමුට ගොන්මත විකාරය දිනන ක්‍රමයක් ඇත. 

හාමු මේ පාර ගහන්නේ මාර ගේමක්ය. හාමු ගොන්මත විකාරය තියන්නේ විධායක ලොකු පප්පා ක්‍රමය අහෝසි කිරීමටය. විධායක ලොකු පප්පා ක්‍රමයට හැමෝම අකමැතිය. ඒ නිසා ඒවගේ ගොන්මත විකාරයක් දිනන්න හැකියාව වැඩිය. අනේ ඉතින් එහෙම එක පාරටම විධායක ලොකු පප්පා ක්‍රමය අහෝසි කරන්නත් බැරිය. ඒ සඳහා අලුත් අටමගලයක් ගේන්න අවශ්‍යය. ඉතින් අලුත් අටමගලයක් ගේන්න අවුරුදු 2ක් ගතවේ. ඒ නිසා විධායක ලොකු පප්පා ක්‍රමය අහෝසි උනාම අලුත් අටමගලයක් ගේනකන් තාවකාලිකව විධායක බලය හාමුට පවරාගන්න පුළුවන්. ඕනනං හාමු ආපහු මහා පිස්සන්කොටුවට ඇවිත්, පිස්සන්ගේ චන්දයෙන් ආපහු විධායක හාමු කෙනෙක් වෙන්නත් පුළුවන්. 

අනේ ඉතින් ඔන්න ඔය විධියට ඊළගට එන්නේ ලොකු පප්ප තෝරන චන්දයක් වත්, මහා පිස්සන්කොටුවේ චන්දයක් වත් නොව, ගොන්මත විකාරයක්ය. ඒකෙන් දිනල තව අවුරුදු 2ක් ඉඳල හාමු වලව්වට යාවි.