අනේ ඉතින් පප්පගමේ බයියන් අතර වියතුන් අම්බානකට ඇත. ඒ උනාට වියතුන් අති බහුතරයක් කතා කරන්නේ බයිලාය. බයිල අහල චුන් වෙච්ච බයියන් කෙලපු පිස්සු නිසා, උනුත් මග, මුනුත් මග, රටත් මග, අපිත් රටය. වියතුන් බයිල කෙලින්නේ ඇයි කියල පැහැදිලි කරන්න රෝමෙ ඉන්න ඩනින් (Dunning) අයියයි කෘගර් (Kruger) අයියයි පරීක්ෂණයක් කර ඇත. ඒකට අනුව විභාගෙට පසු ගොඩ තමයි කියා සිතන ළමයින්ගේ ලකුණු අඩු බවත්, කෙලවුනා යයි සිතන ළමයින්ගේ ලකුණු වැඩි බවත් පෙනී ගොස් ඇත.
අනේ ඉතින් එහෙම වෙන්නේ ඇයි කියා නොයෙක් කතා කියයි. එක තියරියක් නම්, කතා කරන සබ්ජෙක්ට් එක ගැන හරියට හදාරල නැති උනාම ඌ කියන දේ වැරදි බව තේරුම් ගැනීමට තරම් වත් ඌට මොලයක් නැති වීමය සහ සබ්ජෙක්ට් එක ගැන හදාරපු එකාට තව ඉගෙන ගන්න සෑහෙන්න දේවල් තියන බව පැහැදිලි වීමය. ඕකට රෝමන් කාරයන් මෙහෙමත් කියයි.Those who don't know the subject don't know what they don't know, while those who do know the subject do know what they need to know.
අනේ ඉතින් වෙද පප්පා කාබනික වගාව ගැන කතා කරයි. විද්‍යාව උගන්වන ගුරු පප්පා නිවනට යන හැටි කියලා දෙයි. සිල් පප්පා ක්වොන්ටම් භෞතිකය දේශනා කරයි. කයියනායකයන් ආර්ථික විද්‍යාව උගන්වයි. ඒවා අහන බයියන් ප්‍රීතියෙන් පිනා ගොස් උම්බෑ කියයි. යමක් කමක් දන්නා පප්පන් කට වසාගෙන සිටියි. වැරදිලාවත් කට ඇරියොත් බයියන් අම්බානට නෙළයි.
නොදන්නා බව නොදන්නා වියතුනුත්, නොදන්නා බව දන්නා වියතුනුත් හැර තවත් වියතුන් ජාතියක් ඇත. ඒ දන්නා බව දන්නා වියතුන්ය. අනේ ඉතින් ඒ වියතුන් කතා කරන දේවල් හොඳටම සංකීර්ණ නිසා කියන මෙලෝ කෙහෙල්මලක් තේරෙන්නේ නැත. ඉතින් පප්ප ගමේ බයියන් හිතන්නේ උන්ට පිස්සු, එහෙම නැත්තන් රොමෙන් ආපු පිල්ලි කියලාය.
පහත සටහනින් වියතුන්ගේ Dunning–Kruger effect එක පැහැදිලි කරයි. යන්නන් මොකක් හරි අහල තියන වියතුන්හේ ආත්ම විශ්වාශය අහසටත් වඩා පොඩ්ඩක් වැඩිය. මොවුන් නොදන්නා දෙයක් ඇත්තේම නැත. මේ දවස් වල වැඩි හරියක් බෙරිහන් දෙන්නේ මෙයාලාය. කියන කතාත් හරිම සරල නිසා තේරුම් ගැනීමට පහසු ආකර්ශනීය ඒවා වේ. දැනුම වැඩි වීගෙන යනකොට තව සැහෙන්න ඉගෙනගතයුතු බව පැහැදිලි වීම නිසා ආත්ම විශ්වාශය අඩුවේ. මෙයාලා වැඩිය කතා කරන්නේ නැත. තවත් සැහෙන්න ඉගෙනගෙන පළපුරුද්දත් ලබාගෙන යන්න පුළුවන් උඩම තැනට ගියාම නැවත ආත්ම විශ්වාශය වැඩිවේ. මෙයාලා දන්නවා වැඩි නිසා කියන මෙලෝ මගුලක් තේරෙන්නේ නැත. එහෙමත් නැත්තන් මෙයාල කියන දේවල් තේරෙන්නේ තව අවුරුදු 10ක් විතර ගියාට පස්සේය. එතකොට කෙලවිලා ඉවරය.