Saturday, March 25, 2023

පප්ප ගමේ ජන වර්ග

ටොයියන් යනු පප්ප ගමේ පැරණිතම ජන වර්ගයයි. ටොයියන්ගේ දෙයියා එලිසබෙත් ආච්චි වන අතර ඔවුන්ගේ ලොක්කා හාමුය. අනේ ඉතින් ආච්චි මළාය. ආච්චිගේ මළ ගෙදර ගිය හාමුට ආච්චි වැහින. ඊට පසු හාමු ආච්චිමෙන් රතු පෙට්ටියක් පාවිච්චි කිරීම, මුහුදට වෙඩි තැබීම, පෙරහැර බලන්න නුවර යෑම වැනි දේ සිදුකරයි. හාමුගේ වටේට සමනලයින්ගෙන් සැදුම්ලත් inner circle එකක් සිටී. ඔවුන් දුකේදී හාමුව හැර නොයන අතර සැපේදී හොරකං කරයි. ඔවුන් හොරකං කරන විට හාමු අහක බලාගෙන සිටී. ටොයියන් තමන් ලිබරල් බව විශ්වාස කරන නමුත් එහි තේරුමවත් නොදනී. ටොයියන්ගේ අරමුණ වලව් සංස්කෘතිය ආරක්ෂා කර ගනිමින් පුළුවන් තරම් හොරකං කිරීමය. ටොයියන් ඉතාම ස්මාට් වන අතර හොරකං සිදු කරන්නේ ගමේ නීතියට අනුවය. හොරකං කිරීමට අපහසු අවස්ථාවල අලුත් නීතියක් සාදා එයට අනුව හොරකං කරති. 

ටොයියන්ට විරුද්ධව බිහිවූ ජන වර්ගය බයියන්ය. බයියන්ගේ ආරම්භක දෙයියා "මාර්ක්" ය. මාර්ක් කියන්නේ මාර්ක් සකර්බර්ග් නොව කාල් මාර්කස් ය. ඔවුන්ගේ ලොක්කා ගමේ බයියාය. පසුව ඔවුන් මාර්ක් දෙයියා එලවා දමා, අලුත් දෙයියා ලෙස ගමේ බයියා පත්කර ගත්තේය. ගමේ බයියා මහ හොර පප්පා ලෙසද හඳුන්වයි. ඔහු වටේට හොර පවුලක් සිටී. ටොයියන් මහ හොර පප්පා රජෙකු යැයි සිතා සිටි. මහ හොර පාප්ප හොරකං කරන්නේ මහ දවාලේය. ඔහුට නීති අදාළ නැත. 

තෙවන ජන වර්ගය ජෙප්පන් වන අත්ර ඔවුන් 3%කි. ඔවුන් විසින් බයියන් එළවා දැමූ මාර්ක් ව දෙයියා කර ගත්තේය. නමුත් ඉතා මෑතකදී තමන් ගේ දෙයියා කාල් මාර්කස් නොව මාර්ක් සකර්බර්ග් බව සිතයි. දෙන්නාම මාර්ක් නිසා ප්‍රශ්නයක් නැත. ජෙප්පන්ගේ ලොක්කා ටිංටිං අංකල් ය. අනේ ඉතින් ටිංටිං අංකල්ට දවල්ට එළියට බැසිය නොහැක. එළියට බැස්සොත් පප්පලා අයිඩන්ටිටි කාඩ් ඉල්ලා පස්සෙන් එයි. එනිසා ජෙප්පන් තමන්ගේ ලොක්කා ලෙස නමට විතරක් අන්රයියාව පත් කර ගත්තේය. අන්රයියා ඉතා ප්‍රියමනාප පුද්ගලයෙක් වන අතර හැමදාම දිය නා අලුත් ඇඳුම් ඇඳ ඉතා පිරිසිදුව සිටී. ජෙප්පන් උපාසක බළලුන් වන අතර මීයන් අල්ලන්නේ රෑටය. 

අදාළ උෂ්ණත්වය සහ පීඩනය යටතේ ටොයියන් බයියන් බවටත්, බයියන් ටොයියන් බවටත් ඉතා පහසුවෙන් පරිවර්තනය කලහැක. ටොයියන් බවට පරිවර්තනය වූවිට හැසිරීමේ නොයෙක් වෙනස්කම් සිදුවේ. ඔවුන් කලිසම් කෝට් ඇඳ ටයි දමයි. globalization, free market, democracy, liberalism වැනි වචන ඒවායේ තේරුම නොදැන කතා කරයි. ඔවුන් ඕනෑම ජීවියෙකු සමග නොබියව බිස්නස් කරයි. කිසිම භෞතික වස්තුවකට ඇලි ගැලී නොසිටින අතර විකිනීමට කිසිසේත්ම මැලි නොවේ. 

බයියන් බවට පරිවර්තනය වූවිටද හැසිරීමේ නොයෙක් වෙනස්කම් සිදුවේ. ඔවුන් සරම් ඇඳ සාටක දමයි. නොයෙක් නොයෙක් දේ ගලවා ගැනීමට පෙළඹෙන අතර විශේෂයෙන්ම ජාතිය, ආගම වැනි දේ ගලවා ගැනීමට ලොල් බවක් දක්වයි. ඔවුන් හැමවිටම බියෙන් පසුවේ. විශේෂයෙන්ම අධිරාජ්‍යවාදය, බටහිර, ඇමරිකාව, කොටි නැගිටීම වැනි දේට බියවෙති. පන්සල් යෑම, පුජා පැවැත්වීම වැනි දේද සිදුකරයි. 

ටොයියන් සහ බයියන් ජෙප්පන් බවට පරිවර්තනය කිරීම ඉතා අපහසුය. නමුත් ඉතා අධික පීඩනයක් යටතේ IMF වැනි උත්ප්‍රේරකයක් භාවිතා කිරීමෙන් ටොයියන් සහ බයියන් හෝල්සේල් එකට ජෙප්පන් බවට පරිවර්තනය කලහැකිබව මෑතකදී සොයා ගත්තේය. ජෙප්පන් වූවිටද හැසිරීමේ නොයෙක් වෙනස්කම් සිදුවේ. ඔවුන් රතුපාට ඇඳුම් ඇඳ රතු තොප්පි දායි. අලුත් ඇඳුම් මිලදී නොගන්නා අතර ඇඳුම් හුවමාරු කරගනී. දවස පුරාම බුකියේ සැරිසරමින් "නිවන් සැප ලැබේවා" යි කමෙන්ට් කර හිනාවෙන මුණක් දායි. ඔවුන්ගෙන් කුමන ප්‍රශ්නයක් ඇහුවද "මේ පාර අපි මාළු මාමට" යයි පවසයි. ඕනෑම අංකල් කෙනෙකුට කැත නැතිව සහෝදරයා යැයි අමතයි. ඔවුන් මසකට වරක් දත් මැද ස්නානය කරයි. කිසිදු අවස්ථාවක වැඩ නොකර, වැඩ නොකරන වලි සිදු කරයි. බයියන්ටත් වඩා අධිරාජ්‍යවාදයට, ඇමරිකාවට සහ මහා භාරතයට බියවෙයි. නමුත් ඔවුන් චීනයට ඉතා කැමති අතර චීනුන් මොනවා කරත් කිසිවක් නොකියයි. ජෙප්පන් පන්සල් නොයයි. පුළුවන් සෑම විටම මහා මාර්ගයේ කැ කෝ ගසමින් සැරිසරන අතර, ඕනෑම පුද්ගලයෙකු සමග ඇනකොටා ගැනීමටත්, රාත්‍රී කාලයේදී ගෙවල් ගිනි තැබීමටත් නැඹුරුවක් දක්වයි. අදාළ අධික පීඩන තත්වය පහව ගියපසු ස්වාභාවිකවම ටොයියෙක් හෝ බයියෙක් බවට නැවත පරිවර්තනයවේ. 

පප්ප ගමේ ටොයියන්, බයියන් සහ ජෙප්පන් නොවන ජීවින් දුසිමක් විතර සිටී. ඔවුන් බළල් අත්, පිල්ලි, අවජාතක පුත්තු, ප්ලාන්ට්, යන නම් වලින් හඳුන්වයි. ඔවුන් සාපේක්ෂව බුද්ධිමත් වන අතර, අම්බානකට කෙලවී ගියවිට මොවුන් පැමිණ වැඩේ ගොඩ දායි. ඊට පසු ඔවුන්ව එලවා දමයි. මොවුන් නිහඬ පුද්ගලයන් වන අතර වැරදිලාවත් කතා කරොත් අම්බානට නෙලයි. 

Tuesday, March 21, 2023

සිස්ටමැටිකලි ගම කන හැටි ඉතාම සරලව පියවර 5 කින් - පස්වන පියවර : වියදම අඩු නොකර ආදායම් වියදම් පරතරය පියවීමට බදු ගැසීම

 අනේ ඉතින් අලුතෙන් ලොකු පප්ප වෙච්ච හාමු සීසර් අයියට zoom කෝල් එකක් අරන් ණයක් ඉල්ලුව. ඔයාලගේ ණයයි පොළියයි වැඩියි. ඒ මදිවට වියදම අදායමට වඩා තුන් ගුණයක් වැඩියි. ඒ මදිවට ගමේම වස්තුව ඔක්කොම වික්කත් ණය ගෙවන්න බැ. අලුතෙන් ණය ගත්තත් ණය ගෙවන එකයි වියදම කවර් කරන එකයි ඇරුනාම ගමේ නිෂ්පාදනය වැඩි කරගන්න බැ. ඉතින් ණය තිරසාර නෑ. තිරසාර නෑ කියන්නේ ජීවිතේට ආපහු ණය ගෙවන්න බෑ. එහෙම උන්ට ණය දුන්නොත් රෝමන් කාරයො මාවත් එලවයි කියල සීසර් අයිය කිව්ව. ඉතින් ඔක්කොටම කලින් ණය ප්රතිව්යුහගත කරන්න ණය හිමියන්ව එකඟ කරගන්න කිව්ව. ඉතින් එහෙම කිව්ව කියල ණය හිමියො එකඟ වෙන්නෙ නෑනේ. ඉතින් ආපහු ණය ගෙවන්න පුළුවන් වෙන්න පප්ප ගමේ ආර්ථික ප්රතිසංස්කරණ කරන්න ඕන කිව්ව. ඉතින් ඒකට කරන්න ඕන වැඩ 10ක් සීසර් අයිය කිව්ව.

  1. මුලින්ම රාජ්ය ව්යවසාය ප්රතිව්යුහගත කරන්න ඕන, ඒ කියන්නේ ගම් සභාවේ කඩ ආපහු මුදලාලිලාට දෙන්න ඕන සහ බඩු විකිනෙන්නේ නැති කඩ වහල දාන්න ඕන.
  2. ගම් සභාවේ පරිපාලනය කාර්යක්ෂම කරන්න ඕන.
  3. ජරාව කන එක නවත්තන්න නීති පනවන්න ඕන.
  4. බංකුවට හරි කෙලින් වැඩ කරන්න පුළුවන් වෙන්න ස්වාධින කරන්න ඕන.
  5. ඩොලර් එකේ මිල ඉල්ලුම සහ සැපයුම මත තීරණය වෙන්න ඕන.
  6. කහවනු අච්චු ගහන එක නවත්තන්න ඕන.
  7. තෙල්, ලයිට් විකුනනකොට වියදමවත් කවර් වෙන්න විකුණන්න ඕන.
  8. ආනයන අපනයන සිමා ඉවත් කරන්න ඕන.
  9. පොලී අනුපාතිකය වැඩි කරල උද්ධමනය පාලනය කරන්න ඕන.
  10. බදු ප්රතිපත්තිය සංශෝධනය කරලා ආදායම වැඩි කර ගන්න ඕන.
අනේ ඉතින් ලොකු පප්ප රෝමන් බාසාව දැන ගෙන හිටියට මොළේ තිබ්බෙ නෑනේ. ලොකු පප්ප හිතුව බදු සංශෝධනය කරනවා කියන්නේ බදු වැඩි කරන එක කියල. ඒකත් ඉතින් කොටසක් තමයි. ඊට කලින් tax base එක වැඩි කර ගන්න ඕන. ඒ කියන්නේ හැම පප්පටම බදු ෆයිල් එකක් ඇරල හැම අවුරුද්දෙම ආදායම නිවැරදිව ඒකෙ රෙකෝඩ් කරන්න ඕන. ඒකට ඉතින් ගම් සභාවට කොන්පියුටර් හයි කරන්න ඕන. ගනු දෙනු බංකුව හරහා කරල බංකු ගිණුම් බදු ෆයිල් එකට එකතු කරන්න ඕන, වගේ ගොඩක් දේවල් කරන්න ඕන. අනේ ඉතින් ලොකු පප්පට ඕව තේරෙන්නෙ නෑ. තේරෙන්න මොළේකුත් නෑ, මොළේ තිබ්බනං ඔච්චර කෙලෝගන්නෙත් නෑ. ලොකු පප්ප අනිත් දේවල් මුකුත් නොකර බදු විතරක් නහුතෙට වැඩි කරා. අන්තිමට හැමදාම බදු ගෙවන වැඩ කරන පප්පලගේ බද්ද තවත් වැඩි උනා. හොර පප්පලට කිසි අවුලක් නෑ. අනේ ඉතින් කන්නත් නැතුව, බොන්නත් නැතුව, ලයිටුත් නැතුව, තෙලුත් නැතුව, ණයත් වැඩි වෙලා හිටපු පප්පල තව බදුත් ගෙවන්න ඕන. අන්තිමට පඩි දවසට අතිනුත් සල්ලි ගෙවන්න උනා. අනේ ඉතින් ටිකක් හරි වැඩ කරන්න පුළුවන් පප්පල ගම අතෑරලා රෝමේ රස්සාවට ගියා. එතකොට ගමේ වැඩ කරන්න මොළේ තියන පප්පල කවුරුත් නෑ.
අනේ ඉතින් ගමේ වැඩි හරියක් ඉතුරු උනේ මොළේ නැති වැඩ නොකරන පප්පල විතරයි. එයාලට මල පැනල කැ කෝ ගහන්න ගත්ත, කපා කපා මාළු කපා අපිට එපා කියල. ඉතින් එයාල සෙට් වෙලා ලොකු පප්පට කිව්ව පඩි වැඩි කරල, බදු අඩු කරල, බඩු මිළ අඩු කරල, ලයිට් බිල අඩු කරල, තෙල් මිල අඩු කරල, තවත් වැඩ ගොඩක් කරන්න කියල. ලොකු පප්ප ඇහුව ඔයාලට මැන්ටල්ද, සීසර් අයිය මට වැඩ 10ක් දීල තියනවා, ඒක කරේ නැත්තන් ණය හම්බුවෙන්නේ නෑ කියල. ලොකු පප්ප බදු තවත් වැඩි කරල ලයිට් බිලත් වැඩිකරල කිව්ව, ඉදිරි සති දෙක තවත් අමාරුයි, ඊට පස්සෙත් හොඳටම අමාරුයි, කොහොමත් මම ඉන්න කන් ඔයාලට අමාරුයි, 2048දි මම මළාම තමයි ඔයාලට චුට්ටක් හරි ඔලුව උස්සගන්න පුළුවන් වෙන්නේ කියල. ඒ පාර වැඩ නොකරන පප්පලට අම්බානකට මල පැනල මහා වැඩ නොකරන වලියක් කැදෙව්ව. ලොකු පප්පටත් නහුතෙට තද වෙලා කුළු පොලු හමුදාවක් දාල පප්පලට නෙලාගෙන නෙලාගෙන ගියා. අනේ ඉතින් පප්පල ටික පඩිත් නැතුව, බදුත් ගෙවල, කන්නත් නැතුව, බොන්නත් නැතුව, තෙලුත් නැතුව, ලයිටුත් නැතුව, තව අම්බානට ගුටිත් කාල ගෙදරට වෙලා, ඔයාල මොනව කිව්වත් “මේ පාර අපි මාළු මාමට” කියල කෑ කෝ ගැහුව. අනේ ඉතින් මාළු මාමට චන්දෙ දෙන්නේ කොහොමද, ලොකු පප්ප චන්දෙටත් කෙළිය.
දැන් ගම කන වැඩේ සම්පුර්ණයි. කන්නත් නෑ, බොන්නත් නෑ, තෙලුත් නෑ, ලයිටුත් නෑ, පප්පලත් රෝමෙට ගියා, නිකන් වගේ තිබ්බ ප්රජතන්ත්රවාදෙත් නෑ, අනේ ඉතින් මුකුත් නෑ. ඉතුරු වෙච්ච පප්පල ටික මේ මොකද උනේ කියල හූල්ලනවා.

Monday, March 20, 2023

සිස්ටමැටිකලි ගම කන හැටි ඉතාම සරලව පියවර 5 කින් - හතරවන පියවර : ආදායම් වියදම් පරතරය පියවීමට සල්ලි අච්චු ගැසීම

අනේ ඉතින් මෙහෙම කාලයක් යනකොට ගම් සභාව අම්බානකට ලොකු උනා. ඉතින් පඩි ගෙවන්නයි ජරාව කන්නයි ගියාම වියදම වැඩි උනා. වැඩ නොකරන පප්පලට කොහොමත් පඩි ලැබෙන නිසා වැඩ කරේ නෑ. ඉතින් නිෂ්පාදනය අඩු වෙලා බඩු ගණන් ගියා. අපනයනය අඩු වෙලා ඩොලර් එක වැඩි උනා. ඉතින් රෝමෙන් බඩු ගන්නත් කහවනු බර ගානක් ඕන උනා. ලොකු පප්ප දිගටම ණය ගත්ත. අන්තිමට ණය ගෙවන්නත් ණය අරගෙන පොලිය ගෙවන්නත් ණය ගත්ත. ඉතින් අන්තිමට පොලී මුදලාලි කිව්ව තවත් ණය දෙන්න බෑ කියල. සීසර් අයියත් කිව්වා තවත් ණය දෙන්න බෑ කියල.

අනේ ඉතින් මේ ජරමර අස්සේ පප්පලට ජාතිය බේරගන්න ඕන උනා. එතකොට සර් කිව්ව එයාව ලොකු පප්ප කරොත් ජාතියත් බේරල දීල තව බෝනස් එකට බදුත් අඩු කරල, පඩිත් වැඩි කරල, හැමෝටම ගම් සභාවේ රස්සාවල් දීල, ඩොලර් එකත් අඩු කරල, රෝමෙන් ලාබෙට බඩුත් අරන් දීල, තව කියන කියන ඕනම මගුලක් කරනව කියල. එහෙනං එලම තමයි කියල පප්පල ඇට නම ලක්ෂයක් එකතු වෙලා සර්ව ලොකු පප්ප කරල තාප්ප වල චිත්ර අඳින්න ගත්ත. අනේ ඉතින් සර් හරි කෙලින් මිනිහනේ, කියපු විදියටම වැඩේ කරා. ඉතින් ආදායම නැත්තටම නැති වෙලා වියදම නහුතෙට නැග්ග. සර් බය වෙලා බංකුවට ගියා. බංකුවේ ලොක්ක තමයි කබරාල. අනේ ඉතින් කබරාල කිව්ව සර් බය වෙන්න එපා, මෙහේ තියනව කහවනු අච්චු ගහන මැෂිමක්. ඒකෙන් ඕන තරන් කහවනු අච්චු ගහන්න පුළුවන් කියල. ඉතින් කබරාල කහවනු අච්චු ගහගෙන ගහගෙන ගියා. දැන් ඉතින් පප්පලට කහවනු අම්බානට තියනව. පප්පල හරිම සතුටින් කහවනු අරන් රොටි ගන්න කඩේට ගියා. අනේ ඉතින් කහවනු අච්චු ගැහුවට රොටි අච්චු ගහන්න බෑනේ. රොටි ප්රමාණය වැඩි උනේ නෑ. ඒ මදිවට හැමෝම කහවනු ගොඩක් අරගෙන රොටි ඉල්ලන නිසා මුදලාලි රොටියෙ ගාන වැඩි කරා. ඉතින් දැන් එක රොටියක් ගන්න කහවනු බර ගානක් දෙන්න ඕන. අනේ ඉතින් ඔහොම යනකොට ඔක්කොම බඩු ගණන් ගිහින් කහවනු විතරක් ඉතුරු උනා. කහවනු තිබ්බ කියල කන්න බෑනේ. කන්නේ රොටිනෙ. දැන් ඉතින් රොටි නෑනේ. පප්පල රෝමෙන් වත් රොටි ගේන්න හිතුව.

අනේ ඉතින් රෝමෙන් රොටි ගන්නේ කොහොමද, ඩොලර් එක ගණන් වැඩියිනේ. ඉතින් කබරාල බංකුව යට හදිසියකට ගන්න තිබ්බ ඩොලර් ටික පප්පලට අඩු ගානකට වික්ක. පප්පලත් කබරාලට තැන්ක්ස් කරල රෝමෙන් ලාබෙට රොටි අරන් කැව. ඉතින් ටික දවසක් යනකොට බංකුව යට තිබ්බ ඩොලර් ඉවර උනා. ඉතින් ඩොලර් එකේ ගාන රොකට් එක වගේ ඉහල ගියා. කහවනු අම්බානට තිබ්බට සත පහක් වත් වටින්නෙ නෑ. පප්පලට පඩි ගෙවා ගන්නත් බෑ. පඩි නැතුව බඩු ගන්නත් බැ. කන්නත් නෑ, බොන්නත් නෑ, ලයිටුත් නෑ, තෙලුත් නෑ, ඩොලරුත් නෑ, කහවනු වලින් වැඩකුත් නෑ, රෝමෙන් බඩු ගන්නත් බෑ. ණය ගන්නත් බෑ. ණය තියා පොලිය ගෙවාගන්නත් බෑ. පප්ප ගම බංකොලොත් උනා. සර් ඇවිල්ල හරි ආඩම්බරෙන් කිව්ව වැඩේ හරි, කිව්ව දේවල් ඔක්කොම කලා, දැන් ගම බංකොලොත්. ඉදිරියට තවත් සහන දෙන්නන් කියල.

අනේ ඉතින් පප්පලට මල පැන්න. අපි ඔයාට කිව්වේ බදු අඩු කරල, පඩි වැඩි කරල, හැමෝටම ගම් සභාවේ රස්සාවල් දීල, ඩොලර් එකත් අඩු කරල, රෝමෙන් ලාබෙට බඩු අරන් දෙන්න කියල මිසක් ගම බංකොලොත් කරන්න නෙවෙයිනේ. ඔයා හරිම නෝටියි, අපිව රැවැට්ටුව, අපි තොත්ත බබාලා නිසා අහු උනා, අපි හරි පවු කියල. ඉතින් පප්පල ටික ලොකු වලියක් දාල සර් එලෙවුව. සර් ගියාට පස්සේ පප්පල හිතුව මෙච්චර කල් අපි රැවටුනා. මීට පස්සෙ නන් අපි රැවටෙන්නෙ නෑ. දැන් එක පාරටම අපිට අම්බානකට මොලේ ආව, දැන් අපේ මොලේ අයින්ස්ටයින් අයියගේ මොලේටත් වඩා චුට්ටක් වැඩියි කියල. ඉතින් පප්පල හරිම සතුටින් කෑ කෝ ගහන්න ගත්ත.

අනේ ඉතින් මේ අතරේ සර්ගෙ පවුලේ කට්ටිය මේ හුටපටේ හාමුට කිව්ව. හාමු කිව්ව ඕකට රෝමෙන් ණයක් ගන්න ඕන. ඒකට සීසර් අයියට කතා කරන්න ඕන. ඉතින් ඒකට රෝම බාසාව දැන ගන්න ඕන. රෝම බාසාව දන්නේ මම විතරයි කියල. සර්ගෙ පවුලේ කට්ටිය හිතුව ඇත්ත තමයි කියල හාමුව ලොකු පප්ප කරා.

දැන් නං කන්න දෙයක් නැති තරමටම ගම කාල ඉවරයි. ඉවරයි කිව්වට ඉවරම නෑ. තව ටිකක් කන්න පුළුවන්. ඒකට අන්තිම පියවරට යන්න ඕන. ඒකත් වෙලාවක් තිබුනොත් පස්සේ ලියන්නන්.

Sunday, March 19, 2023

සිස්ටමැටිකලි ගම කන හැටි ඉතාම සරලව පියවර 5 කින් - තෙවන පියවර : ආර්ථිකය විවෘත කර දැඩි සීමා පනවා බදු ගැසීම.

 අනේ ඉතින් මෙහෙම කාලයක් යනකොට ලෝකෙ වෙනස් වෙලා ගෝලීයකරණය කියල එකක් උනා. ආර්ථිකය වීවෘත උනා, වෙළඳපල නිදහස් වෙලා වෙළඳ සීමා නැති උනා. රෝමන් කාරයෝ එංගලන්තෙ සුස්දන්ට බඩු විකුනනව. සුස්දො ජපානෙට බඩු විකුනනවා. ඔය වගේ වෙළඳපල විශාල උනා. රෝමේ ලොක්ක තමයි සීසර් අයිය. සීසර් අයිය බිස්නස් කරන්නේ කහවණු වලින් නෙවෙයි, ඩොලර් වලින්. ඉතින් නිෂ්පාදන වැඩි වේගෙන වැඩි වේගෙන ගියා. ඒත් එක්කම කාර්යක්ෂමතාව වැඩි වේගෙන වැඩි වේගෙන ගියා. එතකොට භාණ්ඩ වල මිල අඩු වේගෙන අඩු වේගෙන ගියා. අනේ ඉතින් පප්ප ගමට වඩා හොඳ බඩු රොමෙ ලාබෙට තියනව. ඉතින් හාමු කිව්ව මාව ලොකු පප්ප කරොත් ලාබෙට ඇට අටක් දෙනව කියල. ඉතින් පප්පල ගමේ බයියව එලවල හාමුව ලොකු පප්ප කරා.

අනේ ඉතින් අලුත් ලොකු පප්ප, පප්ප ගමේ ගේට්ටු ඇරිය. දැන් රෝමෙන් බඩු ගන්න පුළුවන්. දැන් රෝමෙන් බඩු ලාබෙට පප්ප ගමට එනව. එතකොට පප්පල කෑ කෝ ගැහුව රෝමෙ බඩු ලාබයි. එයාල හරි නරකයි. මෙහෙම ගියොත් පප්පලගේ බඩු විකිනෙන්නේ නෑ කියල. ඉතින් ලොකු පප්ප රෝමෙන් එන හැම බඩුවකටම බදු ගැහුව. එතකොට බඩු ගණන් ගියා. බදු වලින් ගම් සභාවට පඩි ගෙව්ව. ඉතින් බදු වැඩි කරල විතරක් බැනේ. ඕව හරියට ගෙවන බව බලන්න තව නියාමන පප්පල රොත්තකුයි, වැඩ නොකරන පප්පල රොත්තකුයි පත් කළා. එයාලට පඩිත් ගෙව්ව. අනේ ඉතින් පප්පල රෝමෙට විකුනන්න කියල පිසරොටි හැදුව. ඉතින් පීසරොටි වලට චීස් ගේන්නෙ රොමේන්නෙ. ලොකු පප්ප චීස් ගේනවට බදු ගහල. ඉතින් චීස් ගණන්. චිස්‌ ගණන් ගියාම පීසරොටිත් ගණන් යනව. ඉතින් රෝමන් කාරයො කිව්ව ඔයාලගෙ පීසරොටි ගණන් වැඩියි. එංගලන්තෙ ලාබයි. අපි එංගලන්තෙන් ගන්නව කියල. අනේ ඉතින් පප්ප ගමේ පීසරොටි කවුරුත් ගත්තෙ නැ. ඒ මදිවට පප්ප ගමේ නියාමන පප්පල වැඩියි, එයාල ජරාව ඉල්ලනවා කියල රෝමන් කාරයෝ පප්ප ගමේ කඩ දාන්න අවේ නෑ. ඉතින් පප්ප ගමට ඩොලර් ආවෙ නෑ.

ඔහොම කාලයක් යනකොට ආනයනය වැඩි වේගෙන වැඩි වේගෙන ගියා. ගම් සභාව ලොකු වේගෙන ලොකු වේගෙන ගියා. ලොකු පප්ප බදු ගහගෙන බදු ගහගෙන ගියා. එතකොට නිෂ්පාදන වියදම වැඩි වේගෙන වැඩි වේගෙන ගියා. එතකොට අපනයනය අඩු වේගෙන අඩු වේගෙන ගියා. එතකොට ආනයන අපනයන අතර ගැප් එක වැඩි වේගෙන වැඩි වේගෙන ගියා. ඔන්න ඔය ගැප් එකට අමු සිංහලෙන් කියන්නේ trade deficit එක කියල. ඔය මගුල වැඩි උණාම ඩොලර් ගණන් යනව. එතකොට ආනයන කර ගන්න බැරි වෙනව. එතකොට බඩු මිළ වැඩිවෙනව. නිෂ්පාදනය අඩු වෙනව. අපනයන අඩු වෙනව. ආපහු ඩොලර් එක වැඩි වෙනව. ඔය චක්රය වටේට රොටේට් වෙනව. අනේ ඉතින් ලොකු පප්ප බැලුව වැඩේ කෙලවෙනව නේද කියල. සීසර් අයියට කෝල් එකක් දීල රෝමෙන් ණයක් ඉල්ල ගත්ත. අනේ ඉතින් ණය ගත්තට බදු ගහපු නිසා තරඟකාරී මිලකට භාණ්ඩ නිෂ්පාදනය කරන්න බැරි උනා. ඉතින් ඔය trade deficit එකත් වැඩි වෙලා ඒ මදිවට ගම් සභාවට පඩි ගෙවන්න ගිහිල්ල budget deficit එකත් වැඩි උනා. ලොකු පප්ප රොමේන් තව තව ණය ගත්ත. පොලිය වැල් පොලිය උනා.

ආර්ථිකය වීවෘත කරාම ලෝක වෙළඳපලට හරියන භාණ්ඩ තරඟකාරි මිලට විකුනන්න ඕන. නැත්තං කෙලවෙනව. ඉතින් නිෂ්පාදන මිළ අඩුකරන්න නං අමු ද්රව්ය ලාබෙට ආණයනය කරල, නිෂ්පාදනය මහා පරිමාන කරලා කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඕන. කාර්යක්ෂමතාවය වැඩි කරන්න නං නවීන යන්තර සහ දැණුම ඕන. ඒකට රෝමෙන් ආයෝජන ඕන. ආයෝජන ගේන්න නං නියාමනය අඩු වෙලා බදු අඩු වෙලා සරල වෙන්න ඕන. නැත්තන් රෝමන් කාරයෙක් තියා බල්ලෙක් වත් එන්නෙ නෑ. අනේ ඉතින් පප්පලට ඕව තේරෙන්නෙ නෑ. තේරෙන්න මොළේකුත් නෑ, මොළේ තිබ්බනං ඔච්චර කෙලෝගන්නෙත් නෑ. දැන් එළ කිරි වගේ ගම කාගෙන කාගෙන යනව. ඊළඟ පියවර වෙන දවසක ලියන්නං.