සමස්තයක් ලෙස මාලුමාමා හොඳට සොයාබලා අවංකව වැඩ කරන බව පෙනේ. අවංක නැති තැනුත් නැතුවා නොවේ. මාළු මාමාගේ වැඩපිළිවෙලේ ප්‍රශ්න පහත දැක්වේ.
1. IMF නැවත සමාලෝචනය
අදායම් වියදම් ඉලක්ක සහ කාලය ගැන සාකච්චාවේ අවුලක් නැත. ඒක සාර්ථකව ඉවර වෙන්න පුළුවන් වේවි. GDP growth එකට ණය ප්‍රතිව්‍යුහගත කිරීම පෙග් කිරීම ගැන නැවත සාකච්චා කරන බව පෙනේ. මෙහිදී මාළු මාමා ලබාගැනීමට බලාපොරොත්තුවන වාසිය පැහැදිලි නැත. අනේ ඉතින් GDP එක වැඩි වෙනවා කියන්නේ ණය ගෙවන්න පුළුවන් වෙනව කියන එකනේ. එතකොට ඉතින් ණය කප්පාදුවක් ඉල්ලන්න බැනේ. එයාලගේ ලොජික් එක තේරෙන්නේ නැත.
අනේ ඉතින් මේ සාකච්චාව කරන කාලය තුළදීත් ණය වලට පොලිය ගෙවන්න වෙනව. ඉතින් මේක කල් යන තරමට පප්ප ගමට පාඩුයි. ඒ විතරක් නෙවෙයි. මේකෙ විසඳුමකට එනකන් රේටිංස් අඩු වෙනවා. ඒ කියන්නෙ ණය ගන්නත් බෑ. ආයෝජන එන්නෙත් නැ. චතුරංග මල්ලි කියන විදියට නන් එයාල ණයගන්න කොහොමත් බලාපොරොත්තුවක් නැ වගේ. ඉන්වෙට්මන්ට් වලත් එයාල බලාපොරොත්තු වෙන්නෙ රෝමෙට ගිය පප්ප ගමේ පප්පන්ගේ ඒවා විතරයි. එයාල හිතනවා රෝමෙට ගිය පප්පන් උදව් කරාවි කියල. ඒ විතරක් නෙවෙයි. විසඳුම කල් ගියොත් දැනට හෝල්ඩ් එකේ තියන වල්චර් ෆන්ඩ්ස් දාපු නඩු ටික ආපහු පටන් ගනීවි. එතකොට ෆොරින් ඇසෙට් ෆ්‍රීස් එකකට උනත් යන්න පුළුවන්.
අනේ ඉතින් සාකච්චා අසාර්ථක උනොත් මොකද කරන්නෙ. පේන විදියට නං එයාල රෝමෙට ගිය පප්පන්ගේ කහවනු වලින් ගම ගොඩදාන පාටක් තමයි තියෙන්නේ. ණයටික එහෙමම ඩිෆෝල්ට් තියා ගනීවි. එහෙම උනොත් නං වැඩේ හොඳටම කෙලෙවෙලා ආපහු වැටෙනව වලකට ආපහු අවුරුදු 20කින් වත් එලියට එන්න බැරි. වෙන එකෙක් ආවත් ගොඩ ගන්න බැරි වෙයි.
2. SOE
පේන විදියට නං SOE විකුණුවොත් මාළු මාමගේ වැඩ නොකරන සමිතියේ ලොක්කන්ට ගෙදර යන්න වෙනව. ඒ නිසා SOEවිකුනන්නේ නැ. කොහොමත් පප්පල අවුරුදු 70ක්ම ඔය SOE වලට බදු ගෙවගෙව හිටියනේ. ඉතින් වැඩෙත් පුරුදුයින්නේ. දිගටම බදු ගෙවන්න තමයි තියෙන්නේ. ඒ නිසා විකුණුවේ නැති උනාට අවුලක් වෙන්නෙ නැ. පප්පලටික කතාකරලා මොනවහරි කරහනිවී.
අනේ ඉතින් අනිත් ප්‍රතිපත්ති නං ඇත්තටම හොඳයි. ඒත් IMF කෙලවගත්තොත් මොලෝ දෙයක් කරගන්න බැරි වෙනවා. IMF වැඩේ හාමු කරලා දීපු විදියටම කරගෙන, ඒකට අත දාන්නෙ නැතුව අනිත් වැඩ ටික කරගත්තොත් නන් දැනට වඩා හොඳ තැනකට ඒවි. IMF එකට අතදාල කෙලවගත්තොත් වැටෙනව වලකට ගොඩ එන්න බැරි වෙන්නම.
මම නං කියන්නේ මාළු මාමා දිනුවොත් හොඳයි. වැඩේ හරි ගියොත් දැනට වඩා චුට්ටක් හොඳ වේවි. කෙලවුනොත් අපිට ආපහු මාර ආතල් එකක් ගන්න පුළුවන් සර් ගෙන් ගත්ත වගේ.