Monday, September 16, 2024

පප්ප ගමේ සිස්ටම් එක සහ පක්ෂ දේශපාලනය

අනේ ඉතින් පප්ප ගමේ සිස්ටම් එක සෑදී ඇත්තේ සටහන 1හි දැක්වෙන ආකාරයට රෝමය, රෙජීමය සහ ගෝල් දේශය මගිනි. දුෂණය මෙහෙයවන්නේ රෙජීමයයී. ඉතින් පප්ප ගමට කෙලවී ඇත්තේ මෙම රෙජීමය නිසාය. පප්ප ගම බේරා ගැනීම යනු රෙජීමය බිදිමය. අනේ ඉතින් එහෙම කිව්වට රෙජීමය බිදින එක ලේසි වැඩක් නොවේ. 

 රෙජීමය පවත්වාගෙන යන්නේ පක්ෂ දේශපාලනය මගිනි. සටහන 2හි දැක්වෙන ආකාරයට රෙජීමයේ තිබෙන සමිති පහේ නියෝජිතයන් සැම පක්ෂයකම විධායක සභාවට ඇතුලත් වේ. පක්ෂයක කැම්පේන් එක සාදන්නේ මෙම විධායක සභාව මගිනි. පක්ෂයක දායක සභාව යනු සමිති පහේ සේවය කිරීමට බඳවා ගත් පප්පන්ය. දායක සභාවේ කාර්ය වන්නේ විධායක සභාව විසින් සාදා දෙන කැම්පේන් එක ගිල දැමීමය. අනේ ඉතින් දායක සභාව සහ විධායක සභාව එකතු වීමෙන් චන්ද මැෂිම සැදේ. චන්ද මැෂිම ක්‍රියාත්මක කිරීම මගින් රැලි ඇතිවේ. වහල් පප්පන් මේ රැලි වලට ගසාගෙන ගොස් චන්දය දෙයි. චන්දය දිනු පක්ෂය බලය ලබා ගනියි. ඉතින් මේ විදියට රෙජීමයේ උදව්වෙන් ලබාගත් බලය පවත්වාගැනීම සඳහා නැවතත් රෙජීමය නඩත්තු කල යුතුය. අනේ ඉතින් මේ විදියට රෙජීමයෙන් පක්ෂයකට බලය ලබා දෙයි. ඒ පක්ෂය නැවත රෙජීමය නඩත්තු කරයි. මේ ෆීඩ් බැක් ලූප් එක ක්‍රියාත්මක වීම මගින් පප්පන්ට සදාකල් කෙලවේ. 










Wednesday, September 4, 2024

මාලුමාමා දකුණට කැරකෙයි

 



ඉස්සර 

https://economynext.com/sri-lankas-npp-slams-imf-claims-board-approval-was-hurried-fearing-npps-popularity-116610/

https://www.dailymirror.lk/breaking-news/Sri-Lanka-under-IMF-clutches-now-no-difference-to-colonial-rule-AKD/108-266083

https://si.rata.lk/36723/

https://todaynews.lk/2024/03/14/ජාතික-ජන-බලවේගය-සිටියා-නම/


දැන් 

https://divaina.lk/imf-පිළිගන්නා-බව-අනුර-කුමාර-ව/

https://lankacnews.com/imf-යෝජනා-රටට-අහිතකර-නෑ-මාලිම/#google_vignette 

Sunday, September 1, 2024

ප්‍රජාතන්ත්‍රවාදිව ගම දියුණු කිරීම

 අනේ ඉතින් ප්‍රජාතන්ත්‍රවාදය එන්න කලින් පප්ප ගමේ හිටියේ රජෙකි. රජා යනු සුපිරි ඩයල් එකකි. ගම පාලනය කිරීම, නීති හැදීම, ක්‍රියාත්මක කිරීම, දඬුවම් දීම වැනි හැම මගුලක්ම කරේ රජාය. අනේ ඉතින් රජා හොඳනන් ගම ගොඩ යයි. රජා නරකනන් ගමට කෙලවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය කියන කෙහෙල්මල මිට වඩා වෙනස්ය. ඒක ආවාම ලොක්කාගේ බලය හොඳටම අඩුවේ. ලොක්කාට ඕන ඕන විදියට නීති දාන්න බැරිය. ඒවා කරන්නේ ගම් සභාවෙන්ය. නීති ක්‍රියාත්මක කිරීම සහ දඬුවම් දීම කරන්නේ අධිකරණය සහ පොලෝසියෙන්ය. ඒමදිවට තව ඉබේ වැඩකරන සිස්ටම් කියල ජාතියකුත් ඇත. ඉතින් ප්‍රජාතන්ත්‍රවාදී උනාම ලොක්කට වඩා බලයක් තියෙන්නෙ පප්පන්ටය. ඒනිසා පප්පන්ගේ ගම පප්පන්ම එකතුවී හදා ගත යුතුය. ලොක්කා සහ ගම් සභාව කරන්නනේ පප්පන්ගේ වැඩේට පොඩි තල්ලුවක් දීම, අවශ්‍ය නීති හැදීම සහ පිස්සු නටන මැන්ටල් පප්පන් නීතියට අනුව අල්ලා දඬු කඳේ ගැසීමය. ඒවා කරන්නත් හැම පප්පෙකුටම වැඩේ පැහැදිලි කර සහයෝගය ගන්න ඕනය. මේ විදියට ගම දියුණු කරන්නේ ලොක්කා නොව පප්පන් නිසා ගමේ දියුණුව පප්පන්ගේ average IQ එකට අනුලෝමව සමානුපාතිකවේ. 

අනේ ඉතින් ඉස්සර කාලෙ රෝමෙත් හිටියේ රජවරු තමයි. එයාල පිස්සු කෙලල වලි දාගෙන, ඊට පස්සේ පිස්සු ඒකාධිපතියො ඇවිල්ල ගම් පිටින් විනාස වෙලා ගියා. අනේ ඉතින් ඉඳල හිටල සුපිරි ඩයල් එකක් ඇවිල්ල වටේටම නෙලල ලොක්ක වෙලා ගම දියුණු කරා. ගම් දියුණු උනාම ඒවායේ ඉන්න රෝමන් කාරයොන්ගේත් මොලේ වැඩි උනා. එතකොට එයාලට ප්‍රජාතන්ත්‍රවාදය ඕන උනා. ඉතින් එයාල ටිකක් දියුණු නිසා හිමින් හිමින් සිස්ටම් ටික හදා ගත්ත. එයාල චන්දෙ දෙනහැටි දන්න නිසා පිස්සු පොරවල් ලොකු පප්ප වෙන්නෙත් නැ. වැරදිලාවත් පිස්සු පොරක් ආවත් එයාට එච්චර බලයක් නැති නිසා අනිත් අය එකතුවෙලා මොනවහරි කරලා ගොඩ දාගන්නවා. 

අනේ ඉතින් එහෙම කිව්වට පප්පලාට ඔය කෙහෙල්මල් තේරෙන්නේ නැනේ. පප්පලාට ප්‍රජාතන්ත්‍රවාදය ලැබුනෙ නිකන් වගේනේ. පප්පලට ඔය චන්ද දෙන වැඩ, පාලනයට සම්බන්ධ වෙන වැඩ, ගම දියුණු කරන වැඩ  වගේ සංකීර්ණ ඒවා තේරෙන්නේ නැනෙ. පප්පලාට ඕන ඉස්සර වගේ පප්පලාගේ ප්‍රශ්න විසඳා, ගම දියුණු කරන රජෙක්. අනේ ඉතින් සුපිරි ඩයල් එකක් ඇවිල්ල වටේටම නෙලල රජ වෙන සීන් දැන් නැනේ. ඉතින් ඕනෑම ගොන් තඩියෙක් ලස්සනට අන්දලා අරගෙන ආවම පප්පල හිතන්නෙ සුපිරි ඩයල් එකක් කියල. අනේ ඉතින් ඒ මදිවට පප්ප ගමේ අර සිස්ටම්ස් ටික හැදිලත් නැනේ. ඉතින් පිස්සු ඩයල් එක ලොකු පප්පා වෙලා, හතර වටේට බදු අඩු කරලා, පඩි වැඩි කරලා, අයෝජකයො එලවල, එලෝන් මස්ක් අයියටත් බැනල, බංකුවේ ලොක්කත් එලවල, හිතෙන හිතෙන හැටියට කහවනු අච්චු ගහල ගම පුරාම බෙදල, ණය හිමියෝ ටිකත් තරහ කරගෙන, වටේ ඉන්න ඔක්කොම ගම් ටික තරහ කරගෙන හෙන පිස්සුවක් කෙලියම පප්පලගෙ චූන් එක උපරිමේට නැගල රෙදි නැතුව කඩේ යන්න ගන්නව. වැඩේ කෙලවිලා ගම කෑවම අනේ අපිව රැවැට්ටුව, අපි තොත්ත බබාලා නිසා හොඳටම රැවටුනා කියල නහයෙන් අඬන්න ගන්නව. 

අනේ ඉතින් ප්‍රජාතන්ත්‍රවාදිව ගම දියුණු කරන්න ඕන ගම් සභාව නොව පප්පලාය. ඒකට පප්පලාගේ average IQ එක වැඩි වෙන්න ඕනය. අනේ ඉතින් පප්පලට IQ තියනවනන් සර් කෙනෙක් ගේන්නේ නැනේ. ඉතින් පප්පල ගම දියුණු කරන්නෙත් නැ, කරන එකෙකුට කරන්න දෙන්නෙත් නැ. පප්පල හිතන්නෙ ගම් සභාවෙන් වැඩේ ගොඩදාල දෙයි කියල. ගම් සභාවෙ ලොකු පප්පටත් මෙලෝ අලබෝලයක් තේරෙන්නෙ නැ, ඒ මදිවට ගම් සභාවට යවන මැටි මෝල්ලු ටිකට ලොක්කට තියා පප්පන්ට තරන්වත් මොලයක් නෑ. 

අනේ ඉතින් ප්‍රජාතන්ත්‍රවාදයයි ගම දියුණු කිරීමයි දෙකම එකට කරන්න බැ. එහෙම කරන්න නන් පප්පන්ට සුපිරි IQ එකක් තියෙන්න ඕන. ඉතින් එහෙම නෑනෙ. පප්පල හිතන විදියට අවුරුදු 5ක් ඇතුලත නන් මෙලෝ මගුලක් කරගන්න බැ. කරන්න පුළුවන් උපරිමය තමයි තව ගොඩක් කටු කාල ණය ටික ගෙවාගන්න පුළුවන් ගානට මොනාහරි කරගන්න එක. ප්‍රජාතන්ත්‍රවාදිව හැමෝගෙම සපෝට් එක අරගෙන ගම දියුණු කර ගන්න නන් අවුරුදු 20ක් වත් යාවි. ඒකනේ හාමු ටක්කෙටම කිව්වේ 2048 කියල. කොහෙද ඉතින් ඔයාල හිනා වෙනවනෙ. 



Saturday, August 24, 2024

මාළු මාමාගේ සැබෑ වැඩපිළිවෙල සහ ප්‍රශ්න

 සමස්තයක් ලෙස මාලුමාමා හොඳට සොයාබලා අවංකව වැඩ කරන බව පෙනේ. අවංක නැති තැනුත් නැතුවා නොවේ. මාළු මාමාගේ වැඩපිළිවෙලේ ප්‍රශ්න පහත දැක්වේ. 

1. IMF නැවත සමාලෝචනය 

අදායම් වියදම් ඉලක්ක සහ කාලය ගැන සාකච්චාවේ අවුලක් නැත. ඒක සාර්ථකව ඉවර වෙන්න පුළුවන් වේවි. GDP growth එකට ණය ප්‍රතිව්‍යුහගත කිරීම පෙග් කිරීම ගැන නැවත සාකච්චා කරන බව පෙනේ. මෙහිදී මාළු මාමා ලබාගැනීමට බලාපොරොත්තුවන වාසිය පැහැදිලි නැත. අනේ ඉතින් GDP එක වැඩි වෙනවා කියන්නේ ණය ගෙවන්න පුළුවන් වෙනව කියන එකනේ. එතකොට ඉතින් ණය කප්පාදුවක් ඉල්ලන්න බැනේ. එයාලගේ ලොජික් එක තේරෙන්නේ නැත. 

අනේ ඉතින් මේ සාකච්චාව කරන කාලය තුළදීත් ණය වලට පොලිය ගෙවන්න වෙනව. ඉතින් මේක කල් යන තරමට පප්ප ගමට පාඩුයි. ඒ විතරක් නෙවෙයි. මේකෙ විසඳුමකට එනකන් රේටිංස් අඩු වෙනවා. ඒ කියන්නෙ ණය ගන්නත් බෑ. ආයෝජන එන්නෙත් නැ. චතුරංග මල්ලි කියන විදියට නන් එයාල ණයගන්න කොහොමත් බලාපොරොත්තුවක් නැ වගේ. ඉන්වෙට්මන්ට් වලත් එයාල බලාපොරොත්තු වෙන්නෙ රෝමෙට ගිය පප්ප ගමේ පප්පන්ගේ ඒවා විතරයි. එයාල හිතනවා රෝමෙට ගිය පප්පන් උදව් කරාවි කියල. ඒ විතරක් නෙවෙයි. විසඳුම කල් ගියොත් දැනට හෝල්ඩ් එකේ තියන වල්චර් ෆන්ඩ්ස් දාපු නඩු ටික ආපහු පටන් ගනීවි. එතකොට ෆොරින් ඇසෙට් ෆ්‍රීස් එකකට උනත් යන්න පුළුවන්. 

අනේ ඉතින් සාකච්චා අසාර්ථක උනොත් මොකද කරන්නෙ. පේන විදියට නං එයාල රෝමෙට ගිය පප්පන්ගේ කහවනු වලින් ගම ගොඩදාන පාටක් තමයි තියෙන්නේ. ණයටික එහෙමම ඩිෆෝල්ට් තියා ගනීවි. එහෙම උනොත් නං වැඩේ හොඳටම කෙලෙවෙලා ආපහු වැටෙනව වලකට ආපහු අවුරුදු 20කින් වත් එලියට එන්න බැරි. වෙන එකෙක් ආවත් ගොඩ ගන්න බැරි වෙයි. 

2. SOE 

පේන විදියට නං SOE විකුණුවොත් මාළු මාමගේ වැඩ නොකරන සමිතියේ ලොක්කන්ට ගෙදර යන්න වෙනව. ඒ නිසා SOEවිකුනන්නේ නැ. කොහොමත් පප්පල අවුරුදු 70ක්ම ඔය SOE වලට බදු ගෙවගෙව හිටියනේ. ඉතින් වැඩෙත් පුරුදුයින්නේ. දිගටම බදු ගෙවන්න තමයි තියෙන්නේ. ඒ නිසා විකුණුවේ නැති උනාට අවුලක් වෙන්නෙ නැ. පප්පලටික කතාකරලා මොනවහරි කරහනිවී. 

අනේ ඉතින් අනිත් ප්‍රතිපත්ති නං ඇත්තටම හොඳයි. ඒත් IMF කෙලවගත්තොත් මොලෝ දෙයක් කරගන්න බැරි වෙනවා. IMF වැඩේ හාමු කරලා දීපු විදියටම කරගෙන, ඒකට අත දාන්නෙ නැතුව අනිත් වැඩ ටික කරගත්තොත් නන් දැනට වඩා හොඳ තැනකට ඒවි. IMF එකට අතදාල කෙලවගත්තොත් වැටෙනව වලකට ගොඩ එන්න බැරි වෙන්නම. 


මම නං කියන්නේ මාළු මාමා දිනුවොත් හොඳයි. වැඩේ හරි ගියොත් දැනට වඩා චුට්ටක් හොඳ වේවි. කෙලවුනොත් අපිට ආපහු මාර ආතල් එකක් ගන්න පුළුවන් සර් ගෙන් ගත්ත වගේ. 


මාළු මාමාගේ සැබෑ ප්‍රතිපත්ති සහ සැබෑ වැඩපිළිවෙල

අනේ ඉතින් චතුරංග මල්ලිගේ මේ සාකච්චාව හරිම හොඳයි. හොඳටම පැහැදිලියි. ලාල් අයියල, ටිං ටිං අංකල්ලා වගේ නාකි මැන්ටල් ජෙප්පන් පිස්සුවක් කෙලියේ නැත්තන් මාළු මාමාගේ වැඩ මේ විදියට කරයි කියල බලාපොරොත්තු වෙන්න පුළුවන්. කතාවේ සාරාංශය පහත දැක්වේ.

1. ගමේ සමස්ත පාලනය 

ගම් සභාවේ මුලිකත්වයෙන් යුත් මධ්‍යගත පාලනයක් සිදු කෙරේ. ගම් සභාවට උපදෙස් දෙන පුරෝහිත පප්පන් තෝරාගන්නේ විධායක සභාව මගිනි. ස්වාධින ආයතන ඇතිකිරීම ගැන කිසිම සඳහනක් නැත. 

2. IMF එක්ක පහත ආකාරයට නැවත සාකච්චා කරයි. 

a ) ආදායම් වැඩි කර ගැනීම, වියදම් අඩු කර ගැනීමේ ක්‍රම සහ ඒවාට ගතවන කාලය වෙනස් කිරීම. මෙහි අරමුණ කොන්දේසි තව ටිකක් ලිහිල් කරගැනීමය. 

b ) මාළුමාම GDP growth එක ගැන. මාළුමාමා GDP growth එක 6%~6.5% විතර බලාපොරොත්තු වේ.  ඇත්තටම එච්චර ලොකු වර්ධනයක් ආවොත් දැන් එකඟ වී තියන ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පප්පන්ට පාඩුවක් වේ. දැන් එකඟ වී ඇත්තේ 3.5% විතර වර්ධනයක් වේ යයි සලකා බැලිමෙන්ය. 

c ) සාකච්චා අසාර්ථක වුවහොත් IMF එකින් අයින් වෙනව. ඒ වෙනුවට ණය හිමියන් සමග directly සාකච්චා කරනව. ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ් එකක් හදනවා. හැම අවුරුද්දෙම $2 bilion වල ආයෝජන හොයා ගන්නව.  

2. බදු සරල කිරීමය

මාළු මාමාගේ මතය අනුව VAT එක පප්පගම වගේ නොදියුණු ගමකට සංකීර්ණ වැඩිය. value addition එක හරියට හොයාගන්න නං දියුණු digitalization එකක් අවශ්‍යය. ඒ නිසා VAT වෙනුවට turnover tax එකක් ගසයි. turnover tax එක සරලය. VAT එක කොටස් 3කට කඩයි. අහාර වගේ දේවල් වලට VAT ගහන්නේ නැත. සමහර දේවල් වලට අඩුවෙන් VAT ගසයි. digitalization එක දියුණු වෙනකොට අනාගතයේදී ආපහු VAT එක දැමිය හැක. ආනයන බදු සරල කරයි.  ආදායම් බදු threshold එක ඩබල් කරයි. එයින් අහිමි වන ආදායම කස්ටම් සහ සුරාබදු වලින් ලීක් වෙන හිල් වැසීමෙන් එකතු කරගනී. 

3. මහා බංකුව 

මහා බංකුව මුල්‍ය පාලනයට විතරක් නොව සංවර්ධනයටද දායක කර ගනී. development fund වගේ ඒවා මැනේජ් කල යුතුය. මේ සඳහා බංකුවේ ස්වාධිනත්වය අඩු කරයි. බංකුව සහ ගම් සභාව එකතු වී තීරණ ගනී. 

4. SOE 

සමස්තයක් වශයෙන් ගත්තොත් ගම් සභාවේ කඩ විකුනන්නෙ නැ. සමහර තේරුමක් ඇත්තෙම නැති පොඩි ඒවා ටිකක් විකුනාවී. පුනර්ජනනීය බලශක්තිය ඇර වෙනත් කඩ ආපහු ගම් සභාවෙන් පටන් ගන්නෙ නැ. මාළු මාමා සිතන්නේ වෙළඳපලක් නැත්තන් ඒකට ගම් සභාවෙන් කඩ කලයුතු බවය. උදාහරණයක් විදියට කජු හැදුවත් විකින්නෙ නැත්තන් කජු ගොවියාට කෙළවෙන නිසා ගම් සභාව මැදිහත් වී මොකක් හරි කලයුතු බවය. අනේ ඉතින් විකිනෙන්නේ නැති දේවල් හදන්නෙ මොන මගුලකටද කියා මටනං තේරෙන්නේ නැත. විකිනෙන්නේ නැත්තන් කඩේ වහල විකිනෙන එකක් හැදුවාම ඉවරයිනේ. ඕව ඉතින් මාළු මාමම තමයි දන්නෙ. දැන් කරගෙන යන SOE රිෆොර්ම්ස් නැවත සමාලෝචනය කරයි. මාළු මාමාට නොගැලපෙන දේවල් නවත්වයි. සමිති පාලනය කරන්නේ මාළුමාමාගේ විධායක සභාවය (එයාල හරිම හොඳ පප්පන්ය). 

5. ප්‍රවාහන ප්‍රතිපත්තිය 

පොදු ප්‍රවාහනය මුලිකවේ. ලයිෂන් පර්මිට් ක්‍රමය එහෙමම කරගෙන යයි. බස් පප්පන් සමග සාකච්චා කර හොඳ දෙයක් කරයි. 

6. පාප්ප ගම ඩිජිටල් කරයි. ඒක මාස 6ක් ඇතුලත පටාන් ගෙන අවුරුදු 2කින් සැහෙන දෙයක් කරයි. 

7. SME 

freelancers ලව රෙජිස්ටර් කරලා එයාලට ණය ගන්න වගේ දේවල් වලට පහසුකම් දෙයි. සුළු කඩ වලට අවශ්‍ය තොරතුරු ලබාදීම වැනි දිරිමත් කිරීම් කරයි. SME දියුණු කරන්න අනුග්‍රහය ලබා දේ. 

8. හොරකන් කරපු පප්පන් අල්ලාගෙන එයි.

9. සාර්ව ආර්ථික ප්‍රතිපත්තිය 

GDP growth එක 6%~6.5%. උද්ධමනය 5% වලට අඩුයි. 

10. නොබැඳි විදේශ ප්‍රතිපත්තියකි 

11. වෙනත් 

අධ්‍යාපනයට යන වියදම ක්‍රමයෙන් වැඩි කරනවා 

චන්ද පොරොන්දු නොකලොත් නඩු දැමීමේ අයිතිය ලබා දේ 

ගම් සභාවේ පිං පඩිය අයින් කරයි 

https://www.youtube.com/watch?v=2tw8_d_kmU4&t=2203s







 

Thursday, August 22, 2024

කරන දේ කියන, කියන දේ කරන අපේ සර්

 අනේ ඉතින් අපේ සර් කරන දේ කිව්වා. කියපු විදියටම කරා. කෙලවුනා. 


  1. The Economic Service Charge and withholding taxes for private companies and levies on religious places will be repealed - Done 

  2. “The VAT rate will be reduced to 8 percent.

     - Done 
  3. The pay-as-you-earn tax will be removed for both public and private sector employees,

     - Done 
  4. Both PAYE and ESC are advance collections on income tax.

    If elected, income taxes for the manufacturing sector will be reduced.

     - Done 
  5. Rajapaksa promised free fertilizer and the writing off of agriculture loans for farmers and the introduction and better agriculture technologies.

     - Done 
  6. Sri Lanka will be made into a world-famous organic agriculture sourcing destination under the manifesto.

     - Done 
https://economynext.com/gotabaya-says-will-abolish-paye-tax-slash-sri-lanka-vat-boost-biz-environment-29590/

Tuesday, August 20, 2024

ගම කන ගොන් වැඩ : VAT අඩු කිරීම හෙවත් පෝසතුන්ට සහනාධාර දීම (විස්තරාත්මක පැහැදිලි කිරීම)

අනේ ඉතින් ආහාර වල බදු අඩු කිරීමෙන් පප්ප ගමට වන හානිය වඩාත් සවිස්තරාත්මකව විමසා බලමු. මෙහිදී ගණනය කිරීම සරල කිරීමට පහත උපකල්පන භාවිතා කරමු. 

  1. පප්පන්ට බිත්තර වලට වියදම් කරගන්න බැරුව ඉතුරු වන සියලු කහවනු වලින් වෙනත් දෙයක් මිලදී ගනී 
  2. වෙනත් දෙයක් මිලදී ගනිමීදී එහි වියදමෙන් 20% බදු ලෙස ගම් සභාවට එකතු වේ.

ප්‍රථමයෙන්ම සටහන 1හි දැක්වෙන ආකාරයට දැන් තත්වය සලකා බලමු. අන්ත දුප්පන් පප්පන්ට බිත්තර ගැනීමට වියදම් කල හැක්කේ කහවනු 110ක් පමණි. බිත්තරයක් 120ක් වන නිසා පප්පන් බිත්තර නොගෙන වෙනත් දෙයක් ගත්තේ යයි උපකල්පනය කරමු. එවිට එම වියදම් කල මුදල තුල බදු වශයෙන් 20%ක් ගම සභාවට එකතු වේ යැයි උපකල්පනය කලොත් ගම් සභාවට අන්ත දුප්පන් පප්පන් 30 දෙනා කහවනු 550ක්  බදු ගෙවයි. මේ ආකාරයටම පහල මධ්‍යම ආදායම් පප්පන් කහවනු 120ක් දී බිත්තර මිලදී ගත්තානම් වෙනත් වියදම් සඳහා එක පප්පෙකුට කහවනු 40ක් ඉතිරි වේ. එම ඉතිරිය වියදම් කිරීම මගින් පප්පන් 20 දෙනා කහවනු 133ක් බදු ගෙවයි. මේ ආකාරයට බිත්තර සඳහා කහවනු 1600කුත්, ඉතිරි සල්ලි වියදම් කිරීමෙන් කහවනු 1166කුත් බදු ගෙවයි. ගම් සභාවේ සමස්ථ අදායම කහවනු 2766කි.

දැන් අපි මාළු මාමාගේ විසඳුම වන VAT එක අඩු කරාම (10% කරාම) මොකද වෙන්නෙ කියා බලමු. මේ අවස්ථාවේදී සිනාරියෝ දෙකක් සලකා බලමු. පලවෙනි එක වන්නේ සටහන 2 හි දැක්වෙන ආකාරයට බිත්තර පරිභෝජනය වෙනස් නොවන බව උපකල්පනය කිරීමය. එනම් බිත්තර වල මිල අඩු වුවද අන්ත දුප්පන් පප්පන් හැර වෙනත් පප්පන්ගේ පරිභෝජනය වැඩි නොවී, ඔවුන්ට ඉතිරි වන මුදලින් වෙනත් දෙයක් 20% බදු ගෙවා මිලදී ගන්න බවය. මෙහෙම කල්පනා කරලා බැලුවොත්,  බිත්තර සඳහා කහවනු 1100කුත්, ඉතිරි සල්ලි වියදම් කිරීමෙන් කහවනු 750 කුත් බදු ගෙවයි. ගම් සභාවේ සමස්ථ අදායම කහවනු 1850කි. සටහන 3හි දැක්වෙන සිනාරියෝ එකේදී බිත්තර මිල අඩුවූ විට බිත්තර පරිභෝජනය වැඩිවේ.  මෙහෙම කල්පනා කරලා බැලුවොත්,  බිත්තර සඳහා කහවනු 1400කුත්, ඉතිරි සල්ලි වියදම් කිරීමෙන් කහවනු 200 කුත් බදු ගෙවයි. ගම් සභාවේ සමස්ථ අදායම කහවනු 1600කි. 

දැන් අපි ඇත්ත විසඳුම සලකා බලමු. ඇත්ත විසඳුම වන්නේ VAT එක අඩු නොකර, අන්ත දුප්පත් පප්පන්ට විතරක් සහනාධාරයක් ලබා දීමය. එය සටගන 4හි දැක්වේ. මේ ආකාරයට සහනාධාරයෙන් පසු බිත්තර සඳහා කහවනු 1900කුත්, ඉතිරි සල්ලි වියදම් කිරීමෙන් කහවනු 616කුත් බදු ගෙවයි. ගම් සභාවේ සමස්ථ අදායම කහවනු 2516කි. මෙහිදී බිත්තර ආදායම වැඩි වුවද සහනාධාර දිම නිසා සමස්ත ආදායම අඩුවී ඇති බව මතක තබාගන්න. 

අනේ ඉතින් මේ විදියට ඇත්ත විසඳුම අනුව කහවනු 300ක සහනාධාරයක් දුන්නද නැවත බදු වශයෙන් එයින් කහවනු 50ක් ගම්සභාවට ලැබේ. එහෙම බැලුවාම කහවමු 250ක අවම සහනාධාරයකින් සියලු පප්පන්ට බිත්තර ලැබේ. ගම් සභාවට අහිමිවන අදායම කහවනු 250කට අවම කරගත හැක. නමුත් මාළු මාමාගේ විසඳුම වන බදු අඩු කිරීම මගින් අහිමිවන අදායම සිනාරියෝ 1 සහ 2 අනුව පිලිවෙලින් කහවනු 916ක් හෝ 1166ක් වැනි අති විශාල ගණනකි. මෙසේ වන්නේ සහනාධාරය ලැබෙන්නේ අන්ත දුප්පත් පප්පන්ට විතරක් නොව සියලුම පප්පන්ට වීම නිසාය. මෙහිදී සිනාරියෝ 1සහ 2 සංසන්දනය කිරීමෙන් පරිභෝජනය වැඩිවීම මගින් අදායම තවත් අඩුවීම පැහැදිලි වේ. මෙහිදී ඇත්තටම පරිභෝජනය වැඩිවී ඇත්තේ අන්ත දුප්පත් පප්පන්ගේ නොව පොහොසත් පප්පන්ගේය. එනම් ඇත්තටම බදු සහනය වැඩිපුර ලැබෙන්නේ පරිභෝජනය වැඩි පොහොසත් පප්පන්ටය. 

අනේ ඉතින් මේ විදියට මාළු මාමාගේ විසඳුම ශෝක් බව පෙනුනද ඇත්තටම ගම කන විසඳුමකි. පොහොසත් පප්පන්ට ලැබෙන බදු සහනය ආපහු අයකර ගන්නේත් පප්ප ගමේ පප්පන්ගෙනි. ඒ නිසා මාළු මාමා විසඳුමක් නොවේ. අනේ ඉතින් හාමු හෝ මෝඩ පුතානෝ දිනුවද එයාල කරන්නෙත් ණය අරගෙන මේ විදියටම බදු සහන දීම පමණි. එනිසා මොකා ආවත් ආපහු පප්ප ගමට කෙලවේ. මොලේ ඇති පප්පෙක් හොයාගන්නකන් දිගටම මේ විදියටම කෙලවේ. 






 



ගම කන ගොන් වැඩ : VAT අඩු කිරීම හෙවත් පෝසතුන්ට සහනාධාර දීම (සරල පැහැදිලි කිරීම)

අනේ ඉතින් ඉස්සර කාලෙ සර් කළා වගේ බදු අඩුකිරීම ගැන ලොකු පප්පා වෙන්න ඉන්න පප්පන් පොරොන්දුවේ. කයියනායක කියන්නේ ආහාර වල VAT අඩු කල යුතු බවය. හාමු සහ මෝඩ පුතානෝ කියන්නෙත් ණය අරන් බදු අඩුකරන බවය. අනේ ඉතින් බැලූ බැල්මට මේක හරිම හොඳ වැඩක් වගේ පෙනේ. අපිට මේක සරල උදාහරණයකින් පැහැදිලි කරගත හැක. 

සටහන 1හි දැක්වෙන්නේ පප්ප ගමේ දැන් තත්වයයි. පප්ප ගමේ පප්පන් 100ක් අතරින් අන්ත දුප්පත් පප්පන් 30ක්ද, දුප්පත් පප්පන්, පහල මධ්‍යම ආදායම් පප්පන් හා ඉහල මධ්‍යම ආදායම් පප්පන් 20 බැගින්ද, පොහොසත් පප්පන් 10ක්ද සිටින බව උපකල්පනය කරමු. බිත්තරයක වියදම කහවනු 100ක්ද VAT බද්ද 20%ක් නිසා බිත්තරයක මිල කහවනු 120ක් ලෙසද උපකල්පනය කරමු. බිත්තරයකට වියදම් කළහැකි මුදල සටහන 1හි දැක්වේ. අන්ත දුප්පත් පප්පන්ට කහවනු 110කට වඩා වියදම් කල නොහැකි නිසා බිත්තර කන්නේ නැත. පොහොසත් පප්පන් බිත්තර 2බැගින් කයි. ගම් සභාවට VAT ආදායම කහවනු 1600ක් ලැබේ. 

අනේ ඉතින් බැලුබැල්මට මේක අසාධාරණ නිසා දුප්පත් පප්පන්ටද බිත්තර කන්න පුළුවන් වෙන්න VAT එක 10% දක්වා අඩු කලයුතු බව සිතේ. VAT එක 10% කර බිත්තරයක මිල කහවනු 110ක් වූ පසු තත්වය සටහන 2හි දක්වා ඇත. දැන් බිත්තරයක් කහවනු 110ක් නිසා අන්ත දුප්පත් පප්පන්ටත් බිත්තර කන්න පුළුවන්. හැබැයි ඉතින් බදු අඩු කිරීමෙන් ගම් සභාවේ බිත්තර ආදායම කහවනු 1400 දක්වා අඩුවේ. මෙම සහනාධාරයෙන් කොටසක් පැහැදිලිවම අන්ත දුප්පත් පප්පන්ට ලැබේ. ඊට වඩා කොටසක් පොහොසත් පප්පන්ට ලැබේ. දැන් බිත්තර මිල අඩු නිසා පොහොසත් පප්පන්ට බිත්තර 3 බැගින් කන්න පුළුවන්. ඉහල මධ්‍යම ආදායම් පප්පන්ටත් බිත්තර 2 බැගින් කන්න පුළුවන්. මෙහිදී කන බිත්තර ප්‍රමාණය වැඩි වෙයි කියා උපකල්පනය කලද ඕනනම් බිත්තර නොකා එම මුදලින් වෙන දෙයක් උනත් කරන්න පුළුවන්. මොකක් කරත් වාසියක් ලැබේ. අනේ ඉතින් මේ විදියට බදු අඩු කිරීමෙන් වැඩි වාසියක් ලැබෙන්නේ වැඩියෙන් පරිභෝජනය කරන පොහොසත් පප්පන්ටය. 

ඇත්තටම කලයුතු දෙයනම් සටහන 3හි දැක්වෙන ආකාරයට බදු අඩු නොකර අන්ත දුප්පත් පප්පන්ට විතරක් සහනාධාරයක් ලබා දීමය. බිත්තරයක මිල කහවනු 120ක් නිසා අන්ත දුප්පත් පප්පෙකුට කහවනු 10බැගින් කහවනු 300ක සහනාධාරයක් ලබාදිය හැක. එතකොට හැමෝටම බිත්තර කෑ හැක. මෙහිදී අන්ත දුප්පත් පප්පන් බිත්තර මිලදීගැනීම නිසා බිත්තර වලින් එන බදු ආදායම වැඩිවුවද සමස්ත ආදායම වැඩි නොවේ. මක් නිසාද යත්, සහනාධාරයට පෙර අන්ත දුප්පත් පප්පන්ට බිත්තර ගන්න බැරි වී ඉතිරි වන මුදලින් වෙනත් දෙය ගත්තත්, දැන් ඔවුන් බිත්තර ගන්නා නිසා වෙනත් ආදායම අඩුවේ. ඒ නිසා සමස්ත ආදායම වැඩිවෙයි කියා පටලවා ගන්න එපා. නමුත් මෙහිදී වැදගත් වන්නේ සහනාධාරය කෙලින්ම අන්ත දුප්පත් පප්පන්ට ලැබීම සහ වෙනත් පප්පන්ට නොලැබීමය. ඒ නිසා සහනාධාරය අවම කර පප්පන් හැමෝටම බිත්තර කෑ හැක. 

අනේ ඉතින් මේ විදියට වක්‍ර බදු අඩු කිරීම මගින් දුප්පතුන්ට සහනයක් ලැබෙන බව සිතුවද, ඇත්තටම සහනය ලැබෙන්නේ පොහොසත් පප්පන්ටය. මක් නිසාද යත්, වැඩියෙන් වක්‍ර බදු ගෙවන්නේ වැඩියෙන් පරිභෝජනය කරන පොහොසත් පප්පන්ය. එනිසා බදු අඩු කිරීමේ වාසිය ලැබෙන්නේ පරිභාජනය වැඩි පප්පන්ටය. වක්‍ර බදු අඩු කිරීම යනු ගණන් බැරි හරක් පප්පන් රවටා චන්දය දිනන ජනප්‍රිය ක්‍රමයකි. මේකෙන් ආපහු කෙලවීම වැළක්විය නොහැක. 










Sunday, August 18, 2024

වහල් පප්පෙක් සදා ගන්නා ආකාරය

අනේ ඉතින් පප්ප ගමේ බයියන්ගේ ප්‍රධාන ලක්ෂණ 3ක් ඇත. පලවෙනි ලක්ෂණය බයියන් බයිනරිය. ඔවුන් ලෝකය හොඳ සහ නරක ලෙස කොටස් දෙකකට බෙදයි. හොඳ අය මොනවා කරත් හොඳය. නරක අය මොනවා කරත් නරකය. දෙවෙනි ලක්ෂණය බයියන් සංයුක්තය. ඔවුන්ට සංකල්ප, ප්‍රවාද, තියරි, මොඩ්ල් වැනි දේ නොතේරේ. ඔවුන්ට තේරෙන්නේ ඉන්ද්‍රිය ගෝචර දේවල් විතරය. තුන්වෙනි ලක්ෂණය බයියන් ස්ථිතිකය. ඔවුන්ට එක් විචල්‍යකට සාපේක්ෂව වෙනත් විචල්‍යක වෙනස් වීම තේරුම් ගත නොහැක. නිසා උද්ධමනය වැනිදේ නොතේරේ.   

අනේ ඉතින් මේ බයියන් පක්ෂයක වහල් පප්පන් බවට පරිවර්තනය කරගැනීම ඉතාම පහසුය. ඒකට කරන්න තියෙන්නේ බයියන්ගේ ප්‍රධාන ලක්ෂණ තුනට මත කැම්පේන් එක සැදිමය. මුලින්ම බයිනරි ලක්ෂණයට ෆෝකස් කර පප්පන් කොටස් දෙකකට බෙදයි. ඉස්සර කාලෙ පිඩක සහ පිඩිත පන්තිය ලෙස දෙකට බෙදුවේය. ඊට පස්සෙ ජාතිද්‍රෝහී සහ ජාතිමාමා ලෙස බෙදුවේය. දැන් අලුත්ම ට්‍රෙන්ඩ් එක දුෂිතයන් සහ දුෂණ විරොධීන්ය. දෙවෙනි ක්‍රමය සංයුක්ත බවට ෆෝකස් කිරීමය. සල්ෆ්යුරික්, ග්‍රැෆින්, බස්, සුහුරු පංති කාමර, ගෑස් සිලින්ඩර් වැනි ඉන්ද්‍රිය ගෝචර දේවල් පප්පන්ට පැහැදිලි කරයි. ප්‍රතිපත්ති, පොලිසි වැනි දේ කියා නොදෙයි. දේශපාලනයද බයියන්ට නොත්රෙන නිසා, එම සංකල්ප භෞතික වස්තුන්ට ඌනනය කර පහදා දෙයි. උදාහරණක් වශයෙන් ඔවුන් ධනවාදය හාමුටද, සමාජවාදය අන්රයියාටද, ජාතිකවාදය මහා හොර පප්පාටද, මෝඩකම පුතානෝටද ඌනනය කරයි. ඊට පසු එම භෞතික පුද්ගලයන් සිදු කරන ක්‍රියා මගින් වියුක්ත සංකල්ප පැහැදිලි කරයි. විකිණීම ධනවාදය ලෙසත්, පාර දිගේ කෑ කෝ ගැසීම සමාජවාදය ලෙසත්, හොරකන් කිරීම ජාතිකවාදය ලෙසත්, බස් එළවීම මෝඩකම ලෙසත් තේරුම් ගනියි. තුන්වන ක්‍රමය ස්ථිතික බවට ෆෝකස්  කිරීමය. බයියන්ට මධ්‍යන්‍යය වැනි දේවල් කෙසේවත් නොතේරේ. අල  ගෙඩියක මධ්‍යන්‍යය මිල කහවනු 30යි කීවිට බයියන් කෝපයට පත්වේ. කොළඹ අලයක් කහවනු 50යි, ගාල්ලෙ කහවනු 15යි, නුවර 25යි, ඉතින් කොහෙවත් කහවනු 30 අල නැතැයි කියයි. උද්ධමනය අඩු උනා යයි කිව්වොත්, එහෙම වෙන්නෙ කොහොමද, කැරට් මිල වැඩි උනා යයි කියයි. ඒක පුද්ගල ආදායම වැඩි උනා යයි කිව්වොත්, එහෙම වෙන්නෙ කොහොමද, මගේ පඩිය වැඩි උනෙ නෑ යයි කියයි. ආර්ථික අර්බුධය සඳහා විසඳුම්ද ඉතා සරලය. උද්ධමනය වැඩි වීමෙන් බදු මිල වැඩි වෙන නිසා හැමෝටම බඩු ගන්න පුළුවන් වෙන්න පඩි වැඩි කර පොලිය අඩුකළ යුතු යැයි සිතයි. විදේශ සංචිත අඩු වන්නේ ආනයන නිසා හෙයින් ආනයන තහනම් කල යුතු බවද සිතයි. විදේශ ආයෝජන පැමිණීම ඉතාම අහිතකර බවත්, ඒවා මගින් ලාභය පිටරටට රැගෙන යන බවත් සිතයි. විතරක්ම නෙවෙයි, ඒවා ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවද සිතයි.   

අනේ ඉතින් අවුරුදු 5කට සැරයක් එන ගම බේරා ගැනීමේ අවසන් අවස්ථාව උදා උනාම චන්ද මැෂිම විසින් සාදා දෙන කැම්පේන් එක බයියන් ගිලදමයි. ගිලීමෙන් පසු හදවත් උණුවී, රෙදි ගැලවී පක්ෂයේ වහලුන් බවට පත්වේ. එවිට පක්ෂය හැර අනිත් හැමදෙයක්ම හොරුන්, දුෂිතයන්, හැලි, විකාර, වැල් බයිලා යයි සිතෙන්නට පටන් ගනී.  එතකොට පක්ෂයට බලය නොලැබුනොත් ගම විනාස වෙන බවත්, ළමයින්ට අනාගතයක් නැතිවෙන බවත්, හීන මැරෙන බවත්, රෝමන් කුමන්ත්‍රණ වලට අහුවෙන බවත් සිතෙන්නට පටන් ගනී. නිසා පක්ෂය දිනවීමට කඩේ යයි. කඩේ යෑම කොතරම්ද යත්, ගවගාල් වල පුන්නක්කු බීම, පෝස්ටර් ගැසීම, බුකියේ හහා දැමීම, මඩ ගැසීමේ සිට දඬු මොනරයේ නැගී රෝමයේ සිට පප්ප ගමට පියාසර කිරීම දක්වා සිදුකරයි. පක්ෂයේ ලොක්කා දියසෙන් ලෙසද පෙනෙන්නට පටන් ගනී. ලොක්කාට වැඳ ෆොටෝස් දමා සෙල්ෆි ගසා හෙන මගුලක් නටයි. පක්ෂය දිනූ පසු තාප්ප පුරා චිත්‍ර ඇඳ, පාර පුරා කිරිබත් කා හෙන පිස්සුවක් කෙළී. ඔහොම අවුරුද්දක් විතර ගියාම හොඳම එකකින් කෙළවාගෙන ආපහු පාරට බැස කෑ කෝ ගසයි. ඊට පස්සෙ මේවගේම තවත් පක්ෂයක කැම්පේන් එක ගිලදමා රෙදි නැතිව කඩේ යයි.

පප්පගමේ සිස්ටම් එක සැදී ඇත්තේ චන්ද මැෂින් පාවිච්චිකරල කරන පක්ෂ දේශපාලනය සහ කැම්පේන් එක  ගිල කඩේ යන වහල් පප්පන්ගෙන්ය. වහල් පප්පන්ගේ සීයල තාත්තල  අවුරුදු 76ක් කරේ ඔය සිස්ටම් එක පවත්වාගෙන යාමය. පප්පන් සියලාට බැන බැන කරනෙත් ඒ වැඩේමය. අවුරුදු 76ක් තිස්සේ ගවගාල් හදා පුන්නක්කු බොයි. තාමත් කරන්නේ ඒ වැඩේය. ඉස්සරත් දායක සභාව විසින් ගම පුරා කටවුට් ගසා පෝස්ටර් ගසා කැන්වසින් ගොස් පුන්නක්කු පොවයි. දැන් ටිකක් ස්මාට් වී ඇති නිසා පෝස්ටර් වෙනුවට මෙලෝ තේරුමක් නැති පෝස්ටර් වගේ පෝස්ට් බුකිය පුරා දමයි. මඩ ගැසීමත් සුපුරුදු පරිදිය. පක්ෂ ටිකත් අනිත් අයට බැන බැන ඒකම කරයි. බයියො ටිකත් අනිත් අයට බැන බැන ඒ විදියටම කඩේ යයි. කඩේ ගිහින් සිස්ටම් චේන්ජ් කරා කියා දවල් හීන දකියි.