Saturday, August 17, 2024

පක්ෂයක් යනු කුමක්ද. 3 කොටස : චන්ද මැෂිම සහ දූෂණය

අනේ ඉතින් කලිනුත් කිව්ව වගේ පප්ප ගමේ ප්‍රධාන පක්ෂ වලට චන්ද මැෂින් තිබේ. තියනව කිව්වට මේවට හොඳට තෙල් දාල මේන්ටේන් කළයුතුය. අනේ ඉතින් මේ චන්ද මැෂිම මේන්ටේන් කරන්න අවශ්‍ය කොස්ට් එකට කියන්නේ දූෂණය හෝ හොරකම කියලාය.  

ආපහු කෙටියෙන් කිව්වොත් පහත සටහනේ දැක්වෙන පරිදි චන්ද මැෂිම සැදී ඇත්තේ විධායක සභාව සහ දායක සභාව එකතු වීමෙනි. විධායක සබාව ප්‍රධාන සමිති 5කින් සමන්විතය. දායක සභාව සැදී ඇත්තේ සමිති පහේ රස්සාවල් කරන පප්පලාගෙන්ය. උදාහරණයක් විදියට ගත්තොත් වැඩ නොකරන සමිතිය හෝල් සේල් එකට පප්පන්ට රස්සාවල් දෙයි. රස්සාවල් ලබා ගැනීමට දායක සභාවට බැඳිය යුතුය. ඉතින් එහෙම දායක සභාවට ආවාම පක්ෂයට වැඩ කිරීමට අවශ්‍යය. ගවගාල් හදන්නේ, පුන්නකු බොන්නේ, පෝස්ටර් ගහන්නේ, කැන්වසින් යන්නේ මේ දායක සභාවේ සෙට් එකය. එහෙම කරල පක්ෂය දිනුවොත් මෙයාලගෙ පඩි වැඩි කරයි. පඩි වැඩි කරත් මෙයාල වැඩ කරන්නෙ නැතුව නිදා ගනියි. අනේ ඉතින් මෙයාල දන්නෙ පෝස්ටර් ගහන්න විතරයිනෙ. ඉතින් වැඩ දන්නෙ නැතුව වැඩ කරන්නත් බැ, කරන්න වැඩක් ඇත්තෙත් නැ. වැඩ කරේ නැතත් පඩි වැඩි කරයි. ආදායමක් නැති උනත් පඩි ගෙවිය හැකි ක්‍රම 3ක් ඇත. පලවෙනි එක ණය ගැනීමය. දෙවෙනි එක කහවනු අච්චු ගැසීමය. තුන්වන එක බදු ගැසීමය. අනේ ඉතින් පලවෙනි දෙකම දැන් කරන්න බැරි නිසා බදු ගසයි. තව ටික දවසකින් ණය ගන්න පුළුවන් උනාම බදු අඩුකර ණය වලින් පඩි වැඩි කරාවි. පඩි වැඩි කරේ නැත්තන් වැඩ නොකරන වලි දමා වෙන පක්ෂයකට මාරු වෙයි.  එතකොට දායක සභාව නැතිවෙන නිසා චන්ද මැෂිම කොටඋඩ ගොස් චන්දයෙන් කෙලවේ. ඒ නිසා කොහොම හරි දායක සභාව පවත්වාගෙන යායුතුය. ඒකට පඩි වැඩි කළ යුතුය. පඩි වැඩිකිරීමට ආපහු ණය ගැනීම, සල්ලි අච්චු ගැසීම හෝ බදු ගැසීම කලයුතුය. 

අනේ ඉතින් හරක් පප්පන් හිතන්නේ වැඩ නොකරන සමිතිය වැඩ කරන්නෙ නැත්තේ කළමනාකරණය අප්සෙට් නිසා බවය. ඒක බයිලයකි. පප්පන් වැඩ කරන්නෙ නැත්තේ වැඩ නොකරත් පඩි ගෙවන නිසාය. අනේ ඉතින් මාර කලමනාකාරයෙක් ඇවිත් වැඩ නොකරන පප්පන්ට පඩි කැපුවොත්, එයාල වැඩ නොකරන වලි දමයි. එතකොට දායක සභාව නැතුව චන්දය පරදියි කියා පක්ෂය බයවී පඩි වැඩි කරයි. එනිසා දිව්‍ය ලෝකෙන් කලමනාකාරයෙක් ගෙනාවත් වැඩ නොකරන සමිතියනන් වැඩ කරන්නේම නැත. වැඩ නොකරන සමිතියක් හදල තියෙන්නෙම ඉතින් වැඩ නොකර ඉන්නනේ. 

අනේ ඉතින් අනිත් සමිතිත් මේ වගේමය. අන්තර් ජාතික විශ්ව ළමා සමිතිය තිබෙන්නේ පප්පන්ට අධ්‍යයාපනය අහිමිකර වහල් පප්පන් හැදීමටය. ඒ නිසා සල්ලි තියන පප්පන් රෝමෙට යයි. වැඩි හරියක් පප්පන්ට ඉගෙන ගන්න ඉස්කෝල නැති නිසා එයාල ත්‍රීවීල් එලවයි. එතකොට නිෂ්පාදනයක් වෙන්නෙ නැති නිසා එයාල දුප්පත් වේ. එතකොට එයාලගෙ ළමා පප්පන්ටත් සල්ලි නැති නිසා රෝමෙට යන්නත් බැ, පප්ප ගමේ ඇති තරන් ඉස්කෝලත් නෑ. අනේ ඉතින් එතකොට එයාලත් ත්‍රීවීල් එළවීම හෝ පක්ෂයකට කඩේ ගොස් වැඩ නොකරන සමිතියේ රස්සාවක් ගැනීම හැර වෙන කරන්න දෙයක් නෑ. පප්පන්ගේ බදු සල්ලි ඔක්කොම වැඩ නොකරන සමිතියට පඩි ගෙවන්නයි, ණය සහ පොලිය ගෙවන්නයි, මහා පිස්සන්කොටුවේ පප්පන්ට හොරකන් කරන්නයි ගියාම ඉස්කෝල හදන්න කහවනු ඉතුරු වෙන්නේ නැත. අනිත් සමිතිත් මේ වගේමය. පාතාල සමිතිය හොර බිස්නස් කර ඒ කහවනු කැම්පේන් එකට පක්ෂයට දෙයි. පක්ෂය දිනුවාම එයාලට නිදහසේ හොර බිස්නස් කරන්න ඉඩදේ. එහෙම කලේ නැත්තන් එයාල වෙන පක්ෂයකට ආධාර කරයි. ජඩමාධ්‍ය සමිතියත් ගලවාගැනීමේ සමිතියත් කරන්නේ මීටම සමාන දෙයකි. 

අනේ ඉතින් කිසිම පක්ෂයක් චන්ද මැෂිම නැතිකර ගැනීමට සුදානම් නැත. ඒක නැති උනොත් චන්දය දිනිය නොහැක. ඒ නිසා චන්ද මැෂිම හොඳට මේන්ටේන් කරයි. එතකොට දූෂණය ඇතිවේ. ඒ නිසා මැෂිමක් තියන පක්ෂයකට බලය ලැබුනොත් කවදාවත් දූෂණය නැති නොවේ. දුෂණය නැති කරන්න ගියොත් චන්ද මැෂිම කැඩී චන්දය පරදී. දූෂණය නැති කරන්න කොතරම් ඕනෑකමක් තිබ්බත් ඒක theoretically impossible වේ. ඒ නිසා හාමු දිනුවත්, මෝඩ පුතානෝ දිනුවත්, මල් කුමාරය දිනුවත්, මාළු මාමා දිනුවත් පප්පන්ට හොඳම එකින් කෙලවේ. ඒක නොදන්නා හරක් පප්පන් අවුරුදු 5න් 5ට මොකක් හරි පක්ෂයකට කඩේ යයි. ඊට පස්සේ අපි තොත්ත බබ්බු නිසා රැවටුනා කියල නහයෙන් අඬයි. අඬල අඬල ආපහු තවත් මොකක්හරි පක්ෂයකට කඩේ යයි. මේ පක්ෂ ක්‍රමය සහ කඩේ යෑම නවතිනකන් පප්පන්ට කෙලවේ.  








No comments:

Post a Comment