Thursday, August 15, 2024

පක්ෂයක් යනු කුමක්ද. 2 කොටස : චන්ද මැෂිමක් සදා ගන්නා ආකාරය

 අනේ ඉතින් චන්ද මැෂිමක් සදා ගැනීමට සභා දෙකක් අවශ්‍යය. පළවෙනි එක විධායක සභාවය. දෙවෙනි එක දායක සභාවය. විධායක සභාව ගමේ සමිති පහ සහ රට හොරුන් ගෙන් සමන්විතය. මොවුන්ගේ ප්‍රධාන කාර්යය වන්නේ කහවනු එකතු කිරීම, කැම්පේන් එක හැදීම සහ කැම්පේන් එක දායක සභාවට බාර දීමය. දායක සභාවේ ප්‍රධානම කාර්යය වන්නේ කැම්පේන් එක ඔසවාගෙන යාමය. 

විධායක සභාව සහ දායක සභාව පහත සටහන මගින් පැහැදිලි කර ඇත. විධායක සභාවේ පාතාල සමිතිය කුඩු, කප්පන්, මංකොල්ල වැනි දේවල් කර හොයාගත් සල්ලි සෑම පක්ෂයකම ආයෝජනය කරයි. පක්ෂය දිනුවාම පාතාල සමිතියේ වැඩ කර ගැනීමට උදවු ගනියි. ජඩ මාද්‍ය  සමිතිය කැම්පේන් එක හැදීම, ගම් සභාවේ ප්‍රචාරණ කොන්ත්‍රාත් ලබා ගැනීම, නොයෙක් ව්‍යාපාර වල ඒකාධිකාරය පවත්වාගෙන යාම වැනි දේ සිදු කර එම කහවනු සැම පක්ෂයකටම ආයෝජනය කරයි. පක්ෂය දිනුවාම නැවතත් එම කොන්ත්‍රාත් වැඩ වලට අනුග්‍රහය ලබා ගනී. රට හොරුන් සෙට් වෙන්නේ ෆන් එකක් ගැනීම සහ එයාලගේ පොර බව ප්‍රදර්ශනය කිරීමටය. ඔවුන්ගෙන් ගමට කෙලින්ම හානියක් නොවුවද, ගොන් තඩියෙක් ලොකු පප්පා කිරීමට සහය දැක්වීම මගින් වක්‍රය විශාල හානියක් සිදුවේ. ගලවාගැනීමේ සමිතිය කැම්පේන් එකට අවශ්‍ය පප්පන් සහ ආගමික චින්තනය සැම පක්ෂයකටම සපයයි. ඒ වෙනුවෙන් ආගමික බලහත්කාරය පවත්වාගෙන යෑම, පඩුරු වලින් යාන වාහන ඉඩම් ලබා ගැනීම, බදු සහන සහ ලයිට් බිල් සහන ලබා ගැනීම සිදු කරයි. වැඩ නොකරන සමිතිය යනු පප්ප ගමේ කඩ වලින් හැදුන සමිතියකි. මෙයාල කැම්පේන් එක හැදීම, දායක සභාවට පප්පන් සැපයීම සහ කැම්පේන් එක ඔසවාගෙන යාමට අනුග්‍රහය දෙයි. ඒ වෙනුවෙන්  එයාල වැඩ නොකර පඩි ගනියි. අන්තර් ජාතික විශ්ව ළමා සමිතිය විසින් අධ්‍යාපනය සිමා කිරීමට දායක වෙයි. ඒ මගින් වහල් පප්පන් බිහිකර රෙජීමය පවත්වාගෙන යාමට උදව් කරයි. ඒ වෙනුවෙන් එයාලට පක්ෂයේ තනතුරු, පප්ප ගමේ තනතුරු සහ උසස්වීම් ලබා දෙයි. 

දායක සභාව යනු සමිති පහ මගින් පවත්වාගෙන යන කඩ, ආගමික ස්ථාන, පාතාල, ජඩ මාධ්‍ය ආයතන වැනි දේවල් වල රස්සාවට ගත්ත පප්පන්ය. මෙයාල රස්සාවල් ගන්නේ විධායක සභාවට සහ පක්ෂයට රෙදි නැතුව කඩේ ගොස් කැම්පේන් එකට දායක වීමෙනි. ඒ වෙනුවෙන් රැකියා සහ උසස් වීම් ලබා දෙයි. ඒ වෙනුවෙන් නැවතත් කැම්පේන් එක ඔසවාගෙන යයි. විරුද්ධ වාදීන්ට මඩ ගසයි. මොලේ ඇති පප්පන් එලවා දමයි. එක පක්ෂයක් පරදිනකොට වෙන එකකට කඩේ යයි. ඒක පරදිනකොට තවත් එකක් හොයා ගනියි. වැඩ නොකරන වලි දමා පඩි වැඩිකර ගනියි, ඒත් වැඩ නොකර නිදාගනියි. වැඩ කිරීමට ගෙනෙන ප්‍රතිසංස්කරණ වලට,  අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලට, බදු ප්‍රතිසංස්කරණ වලට, ඩිජිටල් කිරීමට විරුද්ධ වෙයි.  තමන්ගේ පැවැත්මට ඕනෑම බලු වැඩක් කරයි. දායක සභාව, මැතිවරණ කොට්ඨාෂ සමිති, මහිලා සමිති, සංවර්ධන සමිති, රණවිරු සමිති, පැන්ෂන් පොලොස් සමිති, නර්ස් නෝනා සමිති, වැනි කුඩා සමිති වලට වෙන්වී ගම්දනව් සහ බුකිය පුරා පැතිරී යයි. පෝස්ටර් ගැසීම, කටවුට් ගැසීම, මඩ ගැසිම, ගවගාල් සෑදීම, ගවගාල් වල පුන්නක්කු බීම, බුකියේ නිවන් සැප ලබා දීම, හහා දැමීම වැනි කැම්පේන් එක ඔසවා ගෙන යාමට අත්‍යාවශ්‍ය දේ සිදු කරයි. 

අනේ ඉතින් මේවගේ චන්ද මැෂිමක් සාදා ගැනීමට සැහෙන කාලයක් පක්ෂ දේශපාලනය සිදු කල යුතුය. චන්ද මැෂිම නැතුව බලය ලබා ගත නොහැක. බලය ලබා ගත්තද චන්ද මැෂිම දිගටම මේන්ටේන් කලයුතුය. නැත්තන් එයාල වෙන පක්ෂයකට කඩේ යන්න ගනියි. අනේ ඉතින් මේ චන්ද මැෂිම පවත්වා ගැනීමට දරන පිරිවැය "දුෂණය" ලෙස හඳුන්වයි.  




No comments:

Post a Comment