Thursday, August 15, 2024

බලු පොරය පටාන්ගත්තා

 අනේ ඉතින් පප්ප ගමේ ලොකු පප්පා තෝරන බලු පොරය පටාන් ගත්තේය. පොරය සඳහා ටොප් බඩු පප්පන් 39යක්  ආවේය. අනේ ඉතින් 39ක් තියා අසුහාරදාහක් ආවත් පප්පන් හොයා ගන්නේ අප්සේට්ම ඩයල් එකකි. ලොකු පප්පෙක් තෝරා ගන්නා ක්‍රම 2ක් ඇත. පලවෙනි එක තමන් අකමැති එකා පරද්දන්න චන්දය දීමය. දෙවෙනි එක රැල්ලට චන්දය දීමය. 

මේ දවස් වල පප්පන් අකමැතිම ඩයල් එක මල් කුමාරයාය. මල් කුමාරයා පරද්දන්න නං අන්රයියාට චන්දය දිය යුතුය. වෙන එකෙකුට දුන්නොත් ඩිල් එකක් දාල ආපහු එන්න බැරි නැත. ඊළඟට අකමැතිම ඩයල් එක හාමුය. හාමුව පරද්දන්න නං මෝඩ පුතානෝට හෝ අන්රයියාට චන්දය දිය යුතුය. ඊලඟට ලිස්ට් එකේ ඉන්නේ අන්රයියාය. එයාව පරද්දන්න නං හාමුට හෝ මෝඩ පුතානෝට චන්දය දිය යුතුය. මෝඩ පුතානෝ මෝඩ නිසා කවුරුවත් එයා එක්ක තරහ නැත. වැරදිලාවත් එයාව පරද්දන්න ඕන කෙනෙක් හිටියොත් එයා චන්දෙ දෙන්නේ හාමුටය. මෙහෙම බැලුවොත් මෝඩ පුතානොට ලැබෙන චන්ද ටික ලැබී අනිත් අය පරද්දන චන්දත් ලැබේ. ඉතින් මේ ක්‍රමේට වැඩි වාසි තියෙන්නේ මෝඩ ලොකු පප්පෙක් ලැබීමටය. දෙවෙනි ක්‍රමයට ගියොත් රැල්ල තියෙන්නේ අන්රයියාටය. දිගටම රැල්ල තිබ්බොත් එයාට චන්ද ලැබේ. හැබැයි රැලි දිගටම තියා ගන්න එක අමාරු වැඩකි. 

මේ ක්‍රම දෙකටම නැතුව වඩාත්ම සුදුසු පිළිතුර 39 අතරින් තේරුවොත් සාපේක්ෂව එක් පිළිතුරක් වන්නේ "ඇත්ත නීති පප්පෙක්" වන නාමල් පප්පාය (මල් කුමාරයා නොවේ).  ඒ පප්පාගේ ගුණ අගුණ පහත දැක්වේ. 

උගත්කම : නීති පප්පෙකි. ඇත්තටම නඩු වලට පෙනී සිටි. ගොඩක් වෙලාවට නොමිලේ පෙනී සිටී. ඒ නිසා දුප්පත්ය. 

පළපුරුද්ද : චන්ද බර ගානකට ඉදිරිපත් වී ඇති නිසා ඒ අතින් හෙන පළපුරුද්දක් ඇත. සමාජ ක්‍රියාකාරිකයෙකි. 

දේශපාලන දැක්ම : Center right ය. ධනවාදයට බර ප්‍රජාතන්ත්‍රවාදිය  

බලය ගැන දැක්ම : ලොකු පප්පාගේ විධායක බලය අඩු කිරීම වෙනුවෙන් පෙනී සිටි. බලය බෙදා හැරීමට පක්ෂය. 

ආර්ථික දැක්ම : පැහැදිලි නැත. Center right ගතියක් ඇත. 

අධ්‍යාපනය, සෞඛ්‍ය, ප්‍රවාහනය : පැහැදිලි නැත 

ජාති වාදය : පැහැදිලිවම විරුද්ධය. සුළු ජාතික අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි. 

විදේශ ප්‍රතිපත්තිය : පැහැදිලි නැත. කිසියම් ගමකට විශේෂ කැමැත්තක් හෝ අකමැත්තක් ඇති බව නොපෙන්වයි. 

විශේෂ සුදුසුකම් : පක්ෂයක් තිබුනද විධායක සභාවක් සහ දායක සභාවක් නැත. නායකත්ව මණ්ඩලයක් නැත. ඒ නිසා ගව ගාල් දාන්නේවත් මඩ ගහන්නේවත්, පුන්නක්කු පොවන්නේවත් නැත. ඒ නිසා බැගේජ්ද නැත. පක්ෂය එක එකාට කඩේ යැව්වෙත් නැත. හයපාලනයේ සිටියද ඒකෙ වෙච්ච අප්සෙට් ඩිල් වලට සෙට් උනේ නැත. 

දුර්වලතා : සමාජ ආශ්‍රය අඩුව. ඒ නිසා දායකයන් නැත. සපොටර්ස්ලාත් නැත. අනිත් අයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුලුවන්ද කියා පැහැදිලි නැත. සමහර දේවල් පොල්ලෙන් ගැහුව වගේ කියන නිසා ගොඩක් අයට අල්ලන්නේ නැත. ටිකක් ට්‍රැක් අවුට්ය. 

මනුස්සකම : වයිරය මගින් දේශපාලනය නොකරයි. හොරෙක් නොවේ. අනාගතයේ හොරකම් කරන බවක්ද නෙපෙනේ. හැබැයි ඕනෑම කෙනෙකුට අවස්තාව සහ බලය ලැබුනාම හොරකම් කරන බව පිළිගනී. ඒ නිසා බලය සිමා කිරීම ගැන පෙනී සිටි. 






No comments:

Post a Comment