අනේ ඉතින් පප්පගමේ සිස්ටම් එක පවත්වාගෙන යන්නේ පක්ෂ ක්‍රමය මගිනි. සරලව කිව්වොත් පක්ෂයක් කියන්නේ sustainable administration & business model එකකි. සිස්ටම් එකින් 75% විතර සමන්විත වන්නේ චන්දය දිනපු පක්ෂයෙනි. පක්ෂයක් ස්ථර 4කින් සමන්විත වන අතර එය පහත සටහනින්ද පැහැදිලි කර ඇත.
1. නායකත්ව මණ්ඩලය
මේක ලේකම් පප්පා, සාස්තර පප්පා, ලොක්කාගේ වයිෆ්, අග්‍ර පුරෝහිත සහ ලොක්කාගෙන් සමන්විත වේ. සෑම විටම ලොක්කාට වඩා වැඩි බලයක් තියෙන්නේ අනිත් හතර දෙනාගෙන් කෙනෙකුටය. පූට්ටුවේ නම් සාස්තර පප්පාය. හාමුගේ නන් අග්‍ර පුරෝහිත සාගල් අයියාය, මෝඩ පුතාණෝගේ වයිෆ්ය. මාළු මාමාගේ නන් ලේකම් ටිං ටිං අන්කල්ය. පක්ෂය වෙනුවෙන් තීරණ ගන්නේ ලොක්කා නොවන මේ ඩයල් එකය.
2. විධායක කමිටුව
විධායක කමිටුව කරන්නේ finantial handling සහ දායක සභාව මෙහෙයවීමය. විධායක කමිටුවට සමිති පහේ නියෝජිතයෙක් සහ රට හොරුන්ගේ නියෝජිතයෙක් සිටී. ඒ අතර සමිති පහට අයත් කැම්පේන් පප්පා, කප්පන් පප්පා, වෙඩි පප්පා, කුඩු පප්පා, බණ පප්පා, කැට හොල්ලන පප්පා, හොර පප්පා සහ ඩයස් පොර වැනි පප්පන් සිටී. කැම්පේන් එක හදන්නේ, කැම්පේන් financing බලාගන්නේ සහ කැම්පේන් එක දායක සභාවට සහ වහල් පප්පන්ට බාර දෙන්නේ විධායක කමිටුවයි
3. දායක සභාව
දායක සභාව ගම පුරාම විහිදී ඇති මැතිවරණ කොට්ඨාශ සමිති වලින් සමන්විත වේ. දායක සබාවක් සාදා ගැනීම සඳහා ප්‍රධාන ක්‍රම 6ක් භාවිතා කරයි. ඉදිරියේදී මේවා ගැඹුරින් පැහැදිලි කිරීමට බලා පොරොත්තු වෙමි.
- ලයිෂන් / පර්මිට් දීම
- සහනාධාර දීම
- රැකියා ලබාදීම
- ආගම් ප්‍රචාරණයට අනුග්‍රාහකත්වය
- ඒකාධිකාර පවත්වාගෙන යාමට ඉඩ දීම
- මර්ධනය කිරීම සහ ඉඩ දීම
විධායක කමිටුව සහ දායක සභාව එකතු වීමෙන් චන්ද මැෂිම සෑදේ. ලොකු පප්පා තේරීම වැනි ලොකු චන්දයකට නං මේවගේ ලොකු චන්ද මැෂිමක් අවශ්‍යය. පප්ප ගමේ ලොකු චන්ද මැෂින් 3ක් ඇත. එකක් හොර පූට්ටුවට අයිතිය. මේ දවස්වල ඒක හාමුට කුලියට දී ඇත. දෙවෙනි එක මෝඩ පුතානෝට අයිතිය. තුන්වෙනි එක කයියනායක දෙවියන්ට අයිතිය. චන්ද මැෂිම පාවිච්චි කිරීමෙන් ගව ගාල් හැදීම, පුන්නක්කු දීම, පෝස්ටර් කටවුට් ගැසීම, රට පප්පන් චූන් කිරීම, බුකියේ නිවන් සැප ලැබීම, මඩ ගැසීම, TV එකේ බණ දෙසීම, යුබටයෙන් කඩේ යෑම වැනි චන්දයකට අත්‍යාවශ්‍ය දේවල් කරගත හැක. මේවා කිරීම මගින් රැලි ඇතිවේ. පප්ප ගමේ දූෂණය ඇතිවන්නේ ජන්ද මැෂිම maintain කිරීමේ ප්‍රතිපලයක් විදියටය. චන්ද මැෂිමේ running cost එක දූෂණය ලෙසද හැඳින්විය හැක.
4. වහල් පප්පන්
වහල් පප්පන් යනු බයියන්ය. එයාල හරිම දුප්පත්, ඉමෝෂනල් සත්ව විශේෂයකි. ගම, අනාගතය, දූ දරුවන්, ජාතිය, ආගම, දූෂණය වැනි හදවත ටච් කරන බයිලයක් ඔලුවට දැමීමෙන් බයියන් වහලුන් බවට ලේසියෙන්ම කන්වර්ට් කර ගත හැක. වහලුන් පක්ෂයට කඩේ යන්න පටන් ගත් විට බුකියේ උඩු බිරීම, හහා දැමීම, ගව ගාල් වල පුන්නකු බීමේ සිට රොමේ ඉඳල ප්ලේන් අරන් චන්දෙට කඩේ යෑම දක්වා ඕනෑම දෙයක් කරයි. වහල් පප්පන් පක්ෂයට කඩේ යන්නේ චන්දය කිට්ටුව සහ චන්දෙට පස්සෙ මාස කිහිපයක් පමණි. ඊට පස්සෙ අරූ අපිව රැවැට්ටුව, අපි තොත්ත බබාල නිසා හොඳටම රැවටුනා කියල තවත් ෆුල් මොංගල් ඩයල් එකක් හොයාගෙන කඩේ යයි.
අනේ ඉතින් පක්ෂයක මුලික ආකෘතිය පැහැදිලි කළෙමු. ඉදිරියේදී එක් එක් කොටස් පිළිබඳව ගැඹුරින් සාකච්චා කිරීමට බලාපොරොත්තු වෙමි.
No comments:
Post a Comment