සටහන 1හි දැක්වෙන්නේ පප්ප ගමේ දැන් තත්වයයි. පප්ප ගමේ පප්පන් 100ක් අතරින් අන්ත දුප්පත් පප්පන් 30ක්ද, දුප්පත් පප්පන්, පහල මධ්‍යම ආදායම් පප්පන් හා ඉහල මධ්‍යම ආදායම් පප්පන් 20 බැගින්ද, පොහොසත් පප්පන් 10ක්ද සිටින බව උපකල්පනය කරමු. බිත්තරයක වියදම කහවනු 100ක්ද VAT බද්ද 20%ක් නිසා බිත්තරයක මිල කහවනු 120ක් ලෙසද උපකල්පනය කරමු. බිත්තරයකට වියදම් කළහැකි මුදල සටහන 1හි දැක්වේ. අන්ත දුප්පත් පප්පන්ට කහවනු 110කට වඩා වියදම් කල නොහැකි නිසා බිත්තර කන්නේ නැත. පොහොසත් පප්පන් බිත්තර 2බැගින් කයි. ගම් සභාවට VAT ආදායම කහවනු 1600ක් ලැබේ.
අනේ ඉතින් බැලුබැල්මට මේක අසාධාරණ නිසා දුප්පත් පප්පන්ටද බිත්තර කන්න පුළුවන් වෙන්න VAT එක 10% දක්වා අඩු කලයුතු බව සිතේ. VAT එක 10% කර බිත්තරයක මිල කහවනු 110ක් වූ පසු තත්වය සටහන 2හි දක්වා ඇත. දැන් බිත්තරයක් කහවනු 110ක් නිසා අන්ත දුප්පත් පප්පන්ටත් බිත්තර කන්න පුළුවන්. හැබැයි ඉතින් බදු අඩු කිරීමෙන් ගම් සභාවේ බිත්තර ආදායම කහවනු 1400 දක්වා අඩුවේ. මෙම සහනාධාරයෙන් කොටසක් පැහැදිලිවම අන්ත දුප්පත් පප්පන්ට ලැබේ. ඊට වඩා කොටසක් පොහොසත් පප්පන්ට ලැබේ. දැන් බිත්තර මිල අඩු නිසා පොහොසත් පප්පන්ට බිත්තර 3 බැගින් කන්න පුළුවන්. ඉහල මධ්‍යම ආදායම් පප්පන්ටත් බිත්තර 2 බැගින් කන්න පුළුවන්. මෙහිදී කන බිත්තර ප්‍රමාණය වැඩි වෙයි කියා උපකල්පනය කලද ඕනනම් බිත්තර නොකා එම මුදලින් වෙන දෙයක් උනත් කරන්න පුළුවන්. මොකක් කරත් වාසියක් ලැබේ. අනේ ඉතින් මේ විදියට බදු අඩු කිරීමෙන් වැඩි වාසියක් ලැබෙන්නේ වැඩියෙන් පරිභෝජනය කරන පොහොසත් පප්පන්ටය.
ඇත්තටම කලයුතු දෙයනම් සටහන 3හි දැක්වෙන ආකාරයට බදු අඩු නොකර අන්ත දුප්පත් පප්පන්ට විතරක් සහනාධාරයක් ලබා දීමය. බිත්තරයක මිල කහවනු 120ක් නිසා අන්ත දුප්පත් පප්පෙකුට කහවනු 10බැගින් කහවනු 300ක සහනාධාරයක් ලබාදිය හැක. එතකොට හැමෝටම බිත්තර කෑ හැක. මෙහිදී අන්ත දුප්පත් පප්පන් බිත්තර මිලදීගැනීම නිසා බිත්තර වලින් එන බදු ආදායම වැඩිවුවද සමස්ත ආදායම වැඩි නොවේ. මක් නිසාද යත්, සහනාධාරයට පෙර අන්ත දුප්පත් පප්පන්ට බිත්තර ගන්න බැරි වී ඉතිරි වන මුදලින් වෙනත් දෙය ගත්තත්, දැන් ඔවුන් බිත්තර ගන්නා නිසා වෙනත් ආදායම අඩුවේ. ඒ නිසා සමස්ත ආදායම වැඩිවෙයි කියා පටලවා ගන්න එපා. නමුත් මෙහිදී වැදගත් වන්නේ සහනාධාරය කෙලින්ම අන්ත දුප්පත් පප්පන්ට ලැබීම සහ වෙනත් පප්පන්ට නොලැබීමය. ඒ නිසා සහනාධාරය අවම කර පප්පන් හැමෝටම බිත්තර කෑ හැක.
අනේ ඉතින් මේ විදියට වක්‍ර බදු අඩු කිරීම මගින් දුප්පතුන්ට සහනයක් ලැබෙන බව සිතුවද, ඇත්තටම සහනය ලැබෙන්නේ පොහොසත් පප්පන්ටය. මක් නිසාද යත්, වැඩියෙන් වක්‍ර බදු ගෙවන්නේ වැඩියෙන් පරිභෝජනය කරන පොහොසත් පප්පන්ය. එනිසා බදු අඩු කිරීමේ වාසිය ලැබෙන්නේ පරිභාජනය වැඩි පප්පන්ටය. වක්‍ර බදු අඩු කිරීම යනු ගණන් බැරි හරක් පප්පන් රවටා චන්දය දිනන ජනප්‍රිය ක්‍රමයකි. මේකෙන් ආපහු කෙලවීම වැළක්විය නොහැක.
No comments:
Post a Comment