අනේ ඉතින් පප්ප ගමේ සිස්ටම් එක සෑදී ඇත්තේ සටහන 1හි දැක්වෙන ආකාරයට රෝමය, රෙජීමය සහ ගෝල් දේශය මගිනි. දුෂණය මෙහෙයවන්නේ රෙජීමයයී. ඉතින් පප්ප ගමට කෙලවී ඇත්තේ මෙම රෙජීමය නිසාය. පප්ප ගම බේරා ගැනීම යනු රෙජීමය බිදිමය. අනේ ඉතින් එහෙම කිව්වට රෙජීමය බිදින එක ලේසි වැඩක් නොවේ.
රෙජීමය පවත්වාගෙන යන්නේ පක්ෂ දේශපාලනය මගිනි. සටහන 2හි දැක්වෙන ආකාරයට රෙජීමයේ තිබෙන සමිති පහේ නියෝජිතයන් සැම පක්ෂයකම විධායක සභාවට ඇතුලත් වේ. පක්ෂයක කැම්පේන් එක සාදන්නේ මෙම විධායක සභාව මගිනි. පක්ෂයක දායක සභාව යනු සමිති පහේ සේවය කිරීමට බඳවා ගත් පප්පන්ය. දායක සභාවේ කාර්ය වන්නේ විධායක සභාව විසින් සාදා දෙන කැම්පේන් එක ගිල දැමීමය. අනේ ඉතින් දායක සභාව සහ විධායක සභාව එකතු වීමෙන් චන්ද මැෂිම සැදේ. චන්ද මැෂිම ක්‍රියාත්මක කිරීම මගින් රැලි ඇතිවේ. වහල් පප්පන් මේ රැලි වලට ගසාගෙන ගොස් චන්දය දෙයි. චන්දය දිනු පක්ෂය බලය ලබා ගනියි. ඉතින් මේ විදියට රෙජීමයේ උදව්වෙන් ලබාගත් බලය පවත්වාගැනීම සඳහා නැවතත් රෙජීමය නඩත්තු කල යුතුය. අනේ ඉතින් මේ විදියට රෙජීමයෙන් පක්ෂයකට බලය ලබා දෙයි. ඒ පක්ෂය නැවත රෙජීමය නඩත්තු කරයි. මේ ෆීඩ් බැක් ලූප් එක ක්‍රියාත්මක වීම මගින් පප්පන්ට සදාකල් කෙලවේ.
No comments:
Post a Comment