අනේ ඉතින් පප්ප ගමේ ලොක්කා හාමුය. හාමු ලොකු පප්පා උනේ මහා හොර පප්පාව බේරා ගන්නා බවට පොරොන්දු වීම නිසාය. එහෙම කිව්වට හාමුට හොර පප්පාව ගොඩ දාන්න තරන් මැන්ටල් නැත. හාමුට තියෙන්නේ වෙනම ගේමකි. හාමුගේ අන්තිම අරමුණ පප්පලාගේ චන්දෙන් ලොකු පප්පා වී රිවෙන්ජ් එක ගැනීමය. ඒකත් එක පාරක් නොව දෙපාරකි. දෙපාරක් චන්දෙන් දිනා අවුරුදු 14ක් ලොකු පප්පා වී රෙකෝඩ් එකක් තැබීමය. එහෙම කොහොමද කරන්නෙ, දෙපාරකට වඩා බෑනේ වගේ මැන්ටල් කතා අහන්න එපා. ඒක එහෙම තමයි. අනේ ඉතින් එහෙම උනාට මාධ්‍ය පප්පන්, නිලධාරි පප්පන්, දේශනා පප්පන් සහ එකී මෙකී නොකී හොර කල්ලිය ඉන්නේ මහා හොර පප්පා එක්කය. හරක් පප්පන් ඉන්නේ කයියනායක ළඟය. වහල් පප්පන් ඉන්නේ මහා හොර පප්පා, අසමගි පුතානෝ සහ කයියනායක ළඟය. අනේ ඉතින් එතකොට හාමුට තුරුම්පු නැතිව ගේම් එක ගහන්නෙ කොහොමද?
තුරුන්පු නැතුව 304 ගහන එක ක්‍රමයක් ඇත. ඒ අඩුම කොලයට තුරුම්පු කියා වැහීමය. එතකොට තමන්ට ඇර අනිත් හැමෝටම තුරුම්පු ඇත. කවුරුවත් එව තුරුම්පු කියල දන්නෙ නැති නිසා මුල ඉඳලම කෙල ගනී. ඔක්කොම තුරුම්පු ඉවර උනාට පස්සෙ වහපු කොලෙන් කපල, හතේ අටේ කොළ වලින් වාසි ගහයි. හාමුත් මේ දවස් වල ඔය වගේ ගේමක් ගහයි. වටේම කට්ටිය ලොකු ලොකු තුරුම්පු දමල ගහයි. ඒවාට පොඩි පොඩි අය හේදිලාම යයි. වාසනාවන්තයන් හිරේ ගිහින් පන බේරා ගනී. අවාසනාවන්තයන් අපාගත වේ. හාමුට විශේෂයෙන් කරන්න දෙයක් නැති නිසා එයාගෙ වැඩ ටික කරගෙන යයි. පොඩි පොඩි අය හෝදල දැම්මට පස්සේ ලොකු ලොකු අය කෙල ගන්න පටන් ගනී. වහල් පප්පන් කැම්පේන් එක උස්සන් දුවයි. හරක් පප්පන්ට මොලේ නැති නිසා දෙපැත්තට බෙදිල මරා ගනී. අන්තිමට දෙපැත්තටම හොඳටම තුවාල වී හති වැටේ. වහල් පප්පන් ටිකට කෙලවෙලාම යයි. හරක් පප්පන් තුෂ්නිම්භූත වේ. ඔන්න ඔය වෙලාවට හාමු එක පාරටම මතුවේ. එතකොට හරක් පප්පන්ට මෙහෙම හිතෙයි.
- හොරුන්ගෙන් ගම බේරගන්න නීති ක්‍රියාත්මක කරේ හාමු නේද
- වලි කාරයන්ගෙන් රාජ්‍ය බේරගන්න නීති ක්‍රියාත්මක කරේ හාමු නේද
- ආගම, ජාතිය ගලවාගන්න නීති ගෙනාවේ හාමු නේද
- සමාජ මාධ්‍ය වලින් ගමේ සංස්කෘතිය විනාස වෙන එක නවත්තන්න නීති ගෙනාවේ හාමු නේද
- සියලු ගම් වැසියන් හොරුන්ගෙන් සහ කයියන්ගෙන් බේරා ගත්තේ හාමු නේද
- ගමට කෙලවිලා තියෙද්දි ගම බාර ගත්තෙ හාමු නේද
- රෝමන් කාරයොත් එක්ක ජ්‍යාතන්තර සම්බන්ධතා ඇති කර ගත්තේ හාමු නේද
- ගම බංකොලොත් බවින් මුදවා ගත්තේ හාමු නේද
- කහවනු ශක්තිමත් කරේ හාමු නේද
- පෝලිම් නැති කරේ හාමු නේද
දැන්නන් චන්දෙ දෙන්න හේතු ඕනෑවටත් වැඩියි නේද. වැඩියි කිව්වට ඕනනං බැකප් එකට තව තියනවා. චන්දෙ දවස කිට්ටු කරලා "අවුරුද්දක් විතර කරපු මහා පරිමානයේ මෙහෙයුමක ප්‍රතිපලයක් විදියට" ලොකු හොර පප්පෙක් ඇල්ලුවොත් කොහොමද. කයියන්න්ගේ ලොකුම කොළෙත් හාමුගේ අතේ.
- හොරු අල්ලපු හාමු හොඳයි නේද
- කයිය නැතුව වැඩ කරන හාමු හොඳයි නේද
- හොරුත් එක්ක බොරුවට ශේප් එකේ ඉඳලා හොර ගෙඩිය වගේ බෙල්ල මුලිම්ම අල්ල ගත්තනෙ. හාමු කියන්නේ මොළ ගේන නැවක්.
අනේ ඉතින් ඔය වගේ අඩුම වියදමකින් වැඩි කරදරයක් නැතිව වැඩේ ගොඩ දාගන්න පුළුවන්. හාමුට ජය වේවා.
No comments:
Post a Comment