පප්ප ගමේ බලය බෙදී ඇති ආකාරය සටහන 1 හි දැක්වෙන පරිදී ස්ථර තුනකට බෙදී ඇත.
- රෝමය
- රෙජීමය
- ගෝල් දේශය
රෝමය යනු භාරතය, චීනය ඇතුළු ජාත්‍යන්තරයයි. රෙජීමය මහ මොලකරුවන් සහ සමිති පහෙන් සමන්විතවේ. ගෝල් දේශය වහල් පප්පන්, දායක සභාව සහ හරක් පප්පන් ගෙන් සමන්විතවේ. පප්ප ගමේ අනාගතය තීරණය වෙන්නේ රෙජීමය සහ එහි බල තුලනය අනුවය.
පප්ප ගමේ අය හිතාගෙන ඉන්නේ හාමු මහත්හොරු, මහා හොරකල්ලිය සහ කයියනායක සහෝදරහොරු යනු ඇණකොටා ගන්නා අය කියාය. ඒ වගේම සමිති පහ එකිනෙකාට සම්බන්ධ නැති බව සිතයි. තවදුරටත් ඔවුන් සිතාගෙන සිටින්නේ වැඩ නොකරන සමිතිය සහ අන්තර් ජාතික විශ්ව විද්‍යාල ළමා සමිතිය කයියනායකට අයිතිවී, ගලවාගැනීමේ සමිතිය සහ TV/කීබෝඩ් විරු සමිතිය මහා හොරපප්පාට අයිතිවී, පාතාල සමිතිය මහා හොර පප්පා සහ හාමුට අයිති බවය. නමුත් ඇත්ත බල තුලනය සටහන 2 මගින් පැහැදිලි කල හැක.
මහා හොර කල්ලිය, හාමු මහත්හොරු සහ කයියනායක සහෝදරහොරු එකිනෙකා අතර බලය ලබා ගැනීමේ පැහැදිලි තරගයක් ඇත. නමුත් බලය තුලනය වී ඇති ආකාරය අනුව තනිවම බලය ලබා ගැනීම අපහසුය. ඒ නිසා බොහෝවිට දෙදෙනෙක් එකතුවී දමන ඩිල් එක අනුව බලය ලැබේ. මෙවැනි ඩිල් සටහන 2 හි දක්ක්වෙන ආකාරයට සෑම දෙදෙනෙකු අතරම ඇත. ඒ විතරක් නොව, සෑම මහා මොලකරුවෙක්ම සියලුම සමිති සමග ඩිල් ඇත. අනේ ඉතින් ඒ විතරක්ම නොවේ. ඕනෑම සමිතියක් අන් සියලු සමිති සමගද ඩිල් ඇත.
කැම්පේන් සිදු කිරීමේදී මහා මොළකරුවන් කිහිප දෙනෙක් සහ සමිති කිහිපයක් එකාබද්ධ වේ. එයට විරුද්ධ කැම්පේන්ද එකක් හෝ කිහිපයක් තිබේ. සමහර වෙලාවට එකම කැම්පේන් එකේ කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දීර්ග කාලින වර්ශන්ස් එකිනෙක සමාන්තරව රන් වෙන වෙලාවල්ද තිබේ. උදාහරණයක් වශයෙන් හාමු 2024දී ලොකු පප්පා කරන කැම්පේන් එක රන් වෙන වෙලාවටම අන්රයියා හෝ මල් කුමාරයා 2030දී ලොකු පප්පා කරන කැම්පේන් එකත් එකම ටීම් එකකින් සිදුකරයි. බාගයක් දුරට එකට කැම්පේන් කර එක තැනකදී බෙදී යෑමේ අරමුණ ඇතුව සිදු කරන කැම්පේන්ද ඇත. උදාහරණයක් වශයෙන් හාමුට ප්‍රතිසංස්කරණ කිරීමට ඉඩ දීම සඳහා අන්රයියා විසින් පප්පන් ගාල් කර වලි ඇති නොවීමට ඉඩ දීමේ කැම්පේන් එක දැක්විය හැක. ඒ සඳහා හාමු විසින් අන්රයියාට සියලු අනුග්‍රහය සැපයීමේ ඩිල් එකක් දමයි. වෙලාව ආවාම කට්ටිය වෙන්වේ. බලාගෙන ඉන්න හරක් පප්පලාට මොනවා වෙනවද කියල හිතා ගන්නවත් බැරිය. අවධානය වෙනස් කිරීමේ කැම්පේන්ද ඇත. කොහේවත් නැති රිලවෙක් හෝ කිරි හරකෙක් ගෙනැවිත් නටන බයිලා වැනි කැම්පේන් මේවාට උදාහරණ වේ. මේවා ඉතා කෙටි කාලීන වේ.
අනේ ඉතින් පොසිටිව් සහ නෙගටිව් ලෙස කැම්පේන් ලෙස වර්ග දෙකක්ද ඇත. නෙගටිව් කැම්පේන් රන් කරන්නේ මාධ්‍ය කාලීන සහ දීර්ග කාලීන අරමුණු සඳහාය. එහි බලාපොරොත්තුව අලුත් ඩයල් එකක මුහුණ ප්‍රසිද්ධ කරවීම සහ අනාගතයේදී පොසිටිව් වෙන වෙලාවට පාවිච්චි කිරීමය. බොහෝ විට නෙගටිව් කැම්පේන් කීපයක් එක විට විවිධ පුද්ගලයන් මගින් විවිධ සමිති හරහා රන් කරයි. අවශ්‍ය කාලය ආවිට ඒ අතරින් වඩාත්ම ගැලපෙන topic එක මාකට් කරයි. මඩ කැම්පේන් නමැති ජාතියක්ද ඇත. මඩ කැම්පේන් කිරීමට සමිති කිහිපයක කෝඩිනේෂන් එක අවශ්‍යය. උදාහරණයක් වශයෙන් ගලවාගැනීමේ සමිතිය සහ TV/කීබෝඩ් සමිතියේ ඇටැක් එකක් දැක්විය හැක. මඩ කැම්පේන් වලද නෙගටිව් කැම්පේන් ඇත. තමන්ටම මඩ ගසා ගෙන වෙලාව ආවාම ඒ මඩ යුස් කරයි. උදාහරණයක් වශයෙන් ජාතිය ගලවාගන්න ගොස් ඉල්ලන් කෑ පසු, ඒ මඩ ටික ජාතික වලියකදී මාකට් කිරීමයි. අන්ඩර් කවර් කැම්පේන් කියා ජාතියක්ද ඇත. උදාහරණයක් වශයෙන් ප්‍රබල කෙනෙකුගේ ඉත්තෙක් ලෙස මතයක් සැදීමට ඉඩ දීමය. එසේ කිරීමෙන් සතුරන්ගෙන් ආරක්ෂාවී සිටිය හැක. වෙලාව ආවිට ඉත්තෙක් නොවන බව පෙන්වමින් පහර දේ. අනුන්ගේ කැම්පේන් හයිජැක් කිරීමද නිතර සිදුවේ. එම කැම්පේන් එකේ ලොක්කා කහවණු වලට ගැනීම, කැම්පේන් එක ඇතුලට මුල සිටම ට්‍රොජන්ස් ලා දමා වෙලාව ආවාම ඇක්ටිවේට් කිරීම වැනි ක්‍රම භාවිතා වේ.
කැම්පේන් සඳහාම සෑදූ ෆේක් ප්‍රොෆයිල්, පක්ෂ, සමිති වැනි දේ ඇත. ඒවා වෙලාව ආවාම ඇක්ටිවේට් කරයි. මීට අමතරව මත ජනගත කිරීමේ කැම්පේන් කියා ජාතියක් ඇත. උදාහරණයක් වශයෙන් ඉස්සර තිබු "සුදු නෙලුම්" කැම්පේන් එක, "හොරා කාපු සල්ලි ගේමු" කැම්පේන් එක දැක්විය හැක. වැඩේ හරි ගියොත් මාකට් කරයි. අවශ්‍යනම් මත හෝ ප්‍රතිපත්ති කහවනු වලට මිලදී ගත හැක. මේවාට අමතරව තවත් නොයෙක් කැම්පේන් ඇත. බොහෝවිට කැම්පේන් විශාල ප්‍රමාණයක් සමාන්තරව රන් කර, අදාළ කාලයට මාකට් කරන්න පුළුවන් ඒවා තෝරා ගනී. ගෝල් දේශයේ පප්පන්ට මොලේ කලඳක් වත් නැති නිසා අනිවාර්යයෙන්ම කැම්පේන් රැල්ලට අසුවී ගසා ගෙන යයි. ඒක නවත්තන්න නං සීසර් අයියාට වත් බැරිය.
No comments:
Post a Comment