අද පප්ප ගමේ වැඩ නොකරණ මහ වලිය. මීට කලින් ලොකු පප්ප සීසර් අය්යට කිව්වා කන්න, බොන්න, බෙහෙත් ගන්න, පඩි ගෙවන්න සල්ලි නෑ කියල. සීසර් අයිය ලොකු පප්පට කිව්ව ආදායමට වඩා වියදම වැඩි නිසා ණය දෙන්න බෑ, ගැප් එක අඩු කරගන්න කියල. ඉතින් ලොකු පප්පා බදු ගහල ගැප් එක අඩු කරා. බදු වලින් කන්න, බොන්න, බෙහෙත් ඇබිත්තක් විතර අරං ඉතිරි ටිකෙන් රාජ්ය සේවකයන්ට පඩි ගෙව්ව. ඒ පඩි වලින්ම රාජ්ය සේවකයෝ බදු ගෙව්ව. ඉතිං බදු නැත්තං පඩි නෑ. පඩි නැත්තං බදු නෑ. රාජ්ය සේවකයො බදු වැඩියි කිව්ව. ලොකු පප්ප පඩි වැඩියි කිව්ව. කිසිම කෙනෙක් රාජ්ය සේවකයෝ වැඩියි කිව්වේ නෑ. එහෙම දෙයක් තේරුනෙත් නෑ. තේරෙන්න මොලයක් තිබ්බෙත් නෑ. මොළයක් තිබ්බනං මෙහෙම කෙලවෙන්නෙත් නෑ.
දැන් රාජ්ය සේවකයෝ කියනවා බදු අඩු කරේ නැත්තං වැඩ කරන්නෙ නෑ කියල. ලොකු පප්ප කියනව බදු නැත්තන් පඩි දෙන්නෙ නෑ කියල. සීසර් අයිය කියනව ගැප් එක වැඩි නං ණය දෙන්නෙ නෑ කියල. දැන් කට්ටියම ඇන කොටා ගන්නව. ඒක බලාගෙන අනිත් පප්පල ටික කන්නත් නැතුව බොන්නත් නැතුව බෙහෙතුත් නැතුව ණයත් නැතුව හුල්ලනවා. ඒක දැකල අන්රයිය හිතනවා ඉතුරු ටිකත් කෙලවුනොත් ලොකු පප්පව එලවල රජකම ගන්න පුළුවන් කියල.
No comments:
Post a Comment