අනේ ඉතින් වැඩේට බහින්න කළින් මුළින්ම බලමු මේ සිස්ටමැටිකලි කියන්නෙ මොන අල ගෙඩියක්ද කියල. සිස්ටම් එකක් කියන්නේ පැහැදිලි ක්රමවේදයක්. ඒක පුද්ගලයාගේ හැටියට වෙනස් වෙන්නේ නෑ. එතකොට කවුරු ආවත් වැඩේ කරගෙන යන්න පුළුවන්. ගම කන එක සිස්ටමටික් කරාම සක්කයරය ආවත් කාගෙන කාගෙන යන්න පුළුවන්.
අලුත් ලොකු පප්ප හිතුව මේ බිස්නස් කාරයෝ තමයි ඔක්කොම ප්රශ්නේ. ඒ නිසා මුන්ව එලවල ගම් සභාවෙන් බිස්නස් කරනව කියල. අනේ ඉතින් දැන් ගම් සභාවෙන් පරිප්පු විකුනන්නයි, අල විකුනන්නයි, මාළු විකුනන්නයි, තෙල් බෙදන්නයි, හැම මගුලම කරන්නයි පටන් ගත්ත. ඒ පාර පප්පල කෑ ගහන්න ගත්ත අපිට බිස්නස් පාඩුයි, අපිට ගම් සභාවෙන් රස්සාවල් ඕන, නැත්තන් චන්දෙ දෙන්නෙ නෑ කියල. ලොකු පප්ප බයවෙලා පප්පල ටිකට ගම් සභාවේ රස්සාවල් දුන්න. රස්සාවල් දුන්නට විතරක් මදිනෙ, පඩිත් දුන්න. ඉතින් පප්පල බැලුව මේක එළ කිරිනේ, බිස්නස් කරනව වගේ නෙවෙයි, වැඩ කරත් නොකරත් පඩි හම්බු වෙනව. අනේ ඉතින් මොන මගුලකටද වැඩ කරන්නේ කියල, පප්පල වැඩ නොකරම පඩි ගත්ත. ඒ මදිවට වැඩ නොකරණ සමිතියක් හදල පඩි වැඩි කරන්නේ නැත්තන් වැඩ කරන්නේ නෑ කිව්වා. වැඩ නොකරනවා කිව්වේ කලින් වැඩ කරපු නිසා නෙවෙයි. කලින් වැඩ නොකර කට වහගෙන හිටිය, දැන් වැඩ නොකර ඒක තව ආඩම්බරෙන් කියන්නත් එනව.
අනේ ඉතින් වියදම වැඩි වේගෙන වැඩි වේගෙන ගියා. ගම් සභාව ලොකු වේගෙන ලොකු වේගෙන ගියා. වැඩ නොකරන වලි වැඩි වේගෙන වැඩි වේගෙන ගියා. එතකොට ලොකු පප්ප පඩි වැඩි කරගෙන වැඩි කරගෙන ගියා. එතකොට වියදම වැඩි වේගෙන වැඩි වේගෙන ගියා. ආ... ආපහු මුලටම ආව නේද. ඒක තමයි සිස්ටම් එකක් කියන්නේ. අනේ ඉතින් එතකොට දිගටම වියදම ආදායමට වඩා වැඩිවෙලා, ගැප් එක වැඩි වෙනව. ඔය ආදායමයි වියදමයි අතර ගැප් එකට අමු සිංහලෙන් කියන්නේ "budget deficit" එක කියල. ඉතින් ඔය මගුල වැඩි උනාම සිස්ටම් එක ෆේල් වෙනවා. එතකොට වැඩේ කෙලවෙනවනේ. ඊට කළින් ඊළඟ පියවරට යන්න ඕන. ඒක වෙන දවසක ලියන්නං.
No comments:
Post a Comment