Thursday, March 16, 2023

ජීවිතය යනු කුමක්ද

අනේ ඉතිං අදට වලිය ඉවරයි. ලොකු පප්ප මොනවද කරන්නෙ කියල බලල ආපහු සතියකින් එනව කියල වැඩ නොකරන මහ ලොක්ක කිවුව. වලිය සාර්ථක වීම ගැන එයාට ගොඩක් සතුටුයි.

වලියක් තිබ්බත් අපි කෝච්චි දිව්ව, බැංකු ඇරිය, ඉස්පිරිතාල ඇරිය කියල ලොකු පප්පගේ සූත්තර පුංච කිව්ව. වැඩ කරේ නැත්තන් අන්තරස්දාන කරනව කියල පොඩි තගකුත් දැම්ම. එයාටත් ගොඩක් සතුටුයි. එයා මෙතන බයිල කතා කරනව. අපි ජීවිතේට වැඩක් කරලත් නෑ. වැඩ කරන එකෙකුට කරන්න දුන්නෙත් නෑ. අපිට කරන්න පුළුවන් වැඩක් ඇත්තෙත් නෑ. වැරදිලාවත් වැඩක් තිබ්බත් අපි ඒක කරන්න දන්නෙත් නෑ කියල ලාල් සහෝදර අයිය ආඩම්බරෙන් කිව්ව. එයාටත් ගොඩක් සතුටුයි. අපි උගන්නන්නේ නෑ. උගන්නන්න අපි මොකුත් දන්නෙත් නෑ. මෙච්චර කල් ඉගැන්නුවෙත් නෑ. වැරදිලාවත් ඉගන්නුවනන් මෙහෙම හරක් ටිකක් හැදෙන්නෙත් නෑ කියල ස්ටාලින් ගුරු පප්ප කින්ඩියට හිනාවකුත් දාලම කිව්ව. එයාටත් ගොඩක් සතුටුයි. ඉස්පිරිතාලේ බෙහෙත් නෑ, ඇඳන් නෑ, උපකරණ නෑ, බෙහෙත් දෙන්න දොස්තරලත් නෑ. එයාල රෝමෙට ගියා. ඉතින් අපි ගිහිල්ල මොන රෙද්දක් කරන්නද කියල වෙද පප්ප ඇහුව. අපි මීට කලින් කවදාවත් බෙහෙත් නෑ කියල, ඇඳන් නෑ කියල, උපකරණ නෑ කියල strike කරෙත් නෑ, කරන්නෙත් නෑ, වැරදිලාවත් කරත් ඒ කියන ඒව ලොකු පප්ප අහන්නෙත් නෑ කියල වෙද පප්පත් ආඩම්බරයෙන්ම කිව්ව. එයාටත් ගොඩක් සතුටුයි. එක නැවකට වත් මේ පැත්ත පළාතේ එන්න දෙන්නේ නැතුව කහවණු 1000ක් පාඩු කළා කියල වරායේ ලොකු පප්ප සහෝදරයා හෙන ගැම්මෙන් කිව්ව. එයාටත් ගොඩක් සතුටුයි. අපේ සර් හිටියනං බදුත් නෑ, වලිත් නෑ, තෙලුත් නෑ, මුකුත් නෑ, හෙන ආතල් එකේ තාප්පයක චිත්රයක් ඇඳගෙන ඉන්න තිබ්බනේ, එයා තමයි හොඳටම කරේ, හෙහ් හෙහ් හේ කියල මහ හොර පප්ප කිව්ව. එයාටත් ගොඩක් සතුටුයි.

තාම පප්පලට කන්නත් නෑ, බොන්නත් නෑ, බෙහෙතුත් නෑ, ණයත් නෑ, මුකුත් නෑ. ඒත් ජිවිතේ කියන්නේ ඔය විකාර නෙවෙයි. ජීවිතය කියන්නේ සතුට. සතුට කියන්නේ ජීවිතය. පප්පල ඔක්කොටම දැන් ගොඩක් සතුටුයි. මේ වගේ ආතල් බලල අපිටත් ගොඩක් සතුටුයි. ආතල් දුන්නට පප්පලට ගොඩාක් ස්තුතියි.

No comments:

Post a Comment