අනේ ඉතින් පප්ප ගමේ ලොකු පප්පාගේ සිට පොඩිම පොඩි පප්පා දක්වාම හොරුය. එක වසරේ පප්පෙක් උනත් පැන්සලක් හරි හොරකන් කරයි. ඉතින් මෙහෙම වෙන්නේ ඇයි.
දියුණු වෙච්ච ගම් වලත් පප්ප ගමේත් ලොකුම වෙනස වන්නේ පහත සටහනේ දැක්වෙන රෙජිමයේ විශාලත්වයයි. පප්ප ගමේ එකිනෙක ඉතා තදට බැඳුනු ප්‍රධාන සමිති පහකින් සමවිත අති විශාල රෙජිමයක් ඇත. පප්ප ගමේ ලොක්කා පත්කරන්නේ මෙම රෙජිමයයි. ඒක වෙන්නේ මෙහෙමයි. මුලින්ම මාකට් කරන්න පුළුවන් පොටෙන්ෂල් එකක් තියෙන පප්පලා තෝරා ගනී. ඒ ඒ පප්පලාට අදාළ කැම්පේන් ඩිසයින් කරයි. ඊට පසු අදාළ පප්පලා සමග සාකච්චා කර හෙට්ටු කර ඩිල් එකක් දා ගනියි. අලුත් චන්දයකදී අලුත් කැම්පේන් තීම් එකක් අවශ්‍යය. "ජාතිය ගලවා ගැනීම", "යහපාලනය", "ජාතික ආරක්ෂාව", "හොරා කෑ සල්ලි ගෙන්විම" මේවාට උදාහරණය. ඊට පසු ජාතික වීර කැරැක්ටර් එකක් අවශ්‍යය. "අප්පච්චි", "මහ රජානෝ", "පොළොවෙන් මතු වූ ගැඩවිලා", "හිට්ලර්", "අයියා", "සහෝදරයා" ඒවාට උදාහරණය. ඊට පසු මඩ කැම්පේන්, නඩු කැම්පේන්, ගලවා ගැනීමේ කැම්පේන් ඇතුළු මහ ගොඩක් කැම්පේන් කරයි.
අනේ ඉතින් කැම්පේන් කිරිමට කහවනු අවශ්‍යය. රෙජීමයෙන් ඕන තරම් කහවණු පොම්ප කරයි. "ජඩ මාධ්‍ය සමිතිය" කැම්පේන් හදයි. ගලවා ගැනීමේ සමිතිය මඩ ගසා, වලි දමා, නඩු දමයි. වැඩ නොකරන සමිතිය ඇන කොටාගෙන, වලි දමා, කඩේ යයි. අන්තර් ජාතික විශ්ව ළමා සමිතිය පාර දිගේ කෑ කෝ ගසයි. පාතාල සමිතිය සතුරන් අපාගත කරයි. වහල් පප්පන් කැම්පේන් එක උසුලාගෙන දුවයි. දායක සභාව තෙල බෙදයි. හරක් පප්පන් කැම්පේන් එක ගිල රැල්ලේ ගසාගෙන ගොස් චන්දය දෙයි.
අනේ ඉතින් චන්දය දිනුවාට පස්සේ ලොකු පප්පාට රෙජිමයට කලගුණ සැලකීමට සිදුවේ. තමන් හොරකම් නොකෙරුවද රෙජිමයට ලයිෂන් දීම, පර්මිට් දීම, නඩු අයින් කිරීම, රස්සා දීම, තනතුරු දීම සහ අමුර්තය දීම වැනිදේ අනිවාර්යයෙන්ම කිරීමට සිදුවේ. වැරදිලාවත් එහෙම කරේ නැත්තන් රෙජීමය විසින් ඩිල් හෙළිකර ඇන්ටි කැම්පේන් කර ලොකු පප්පා එලවා දමයි. අනේ ඉතින් ලයිෂන්, පර්මිට් දෙන්නේ ගමේ ආයෝජන මණ්ඩල, අපනයන, ආනයන මණ්ඩල හරහාය. රැකියා, තනතුරු දෙන්නේ ගම් සභාවේ කඩ හරහාය. ඒ වගේම බංකු ණය කපා හරිම, ගමේ ණය ප්‍රතිපත්තිය ලොකු පප්පාගේ යාලුවන්ට ඕන විදියට වෙනස් කිරීම සිදු කරන්නේ මහා බංකුව සහ අනිත් බංකු හරහාය. ඉතින් මේ රැකියා තනතුරු ලබා ගන්නේ කැම්පේන් එක සංවිධානය කල, වියදම් කල සහ ක්‍රියාත්මක කල පප්පන්ය. ඉතින් ඒකට යටකළ කහවනු හොයා ගන්නේ පප්ප ගමේ කඩ වලින් හොරකම් කිරීම, පිනට කෑම, ලයිෂන් පර්මිට් වලින් ඒකාධිකාරයක් හදාගෙන තනියම කෑම වැනි හොරකම් වලිනි. ඉතින් ලොකු පප්පා මහා බංකුව ස්වාධින කිරීම, අනිත් බංකු සහ කඩ විකිනීම, අමුර්තය කැපීම, ලයිෂන් පර්මිට් නැති කිරීම යනාදියට විරුද්ධ විය යුතුය.
අනේ ඉතින් පප්පන් කල යුත්තේ හොරු නොවන පප්පන් හොය හොයා චන්දය දීම නොවේ. හොරු නොවන පප්පන් චන්දය දිනුවද ස්වාභාවිකවම හොරු බවට පරිවර්තනය වේ. මෙච්චර කලක් උනේද ඒකය. මින් පසු සිදුවන්නේද එයමය. ඒ වෙනුවට කල යුත්තේ අනාගත හොරු ඇතිවීමේ පරිසරය විනාශ කිරීමය. අනාගත හොරු හඳුනාගන්නේ මෙසේය. හැමදාම රැස්වීම් තියන, පෙළපාලි යන, කැම්පේන් කරන, රෝමෙට යන අය හඳුනාගන්න. ඔවුන්ට කහවනු ගෙවන්නේ රෙජිමයයි. ඒ නිසා ඔවුන් ගම් සභාවේ කඩ විකිනීමට විරුද්ධය. බංකු ස්වාධින කිරීමට විරුද්ධය. අමුර්තය කපා හැරීමට විරුද්ධය. ආයෝජන වලට විරුද්ධය. ලයිෂන් පර්මිට් නැති කිරීමට විරුද්ධය. රෝම ඉස්කෝල ගමට ගෙන්වීමට විරුද්ධය. අධ්‍යාපනය දීමට විරුද්ධය. ආර්ථිකය විවෘත කිරීමට සහ තරඟකාරිත්වයට විරුද්ධය. රෙජීමය පවත්වා ගැනීම සහ විශාල කිරීම වෙනුවෙන් පෙනී සිටි. ඔවුන් අනාගත හොරුන්ය.
No comments:
Post a Comment