අනේ ඉතින් පප්ප ගම බංකොලොත් වෙච්ච නිසා ණය කපල දාන්න කියල රෝමෙට වැඳ වැටුනේය. ඉතින් ඒක අහල සීසර් අයියාට මළ පැන්නේය. ඔයාල ණය අරන් පිස්සු කෙලියම අපි මොනව කරන්නද, අඩුම ගානේ ඔයාලගේ ණය ටිකවත් කපල පෙන්නුවොත් සලකා බලන්න පුළුවන් කියා සීසර් අයියා කීවේය. අනේ ඉතින් පප්ප ගමේ ණය කැපුවොත් බංකු වලට කෙලවේ. නොකැපුවොත් සීසර් අයියා ණය කපන්නෙ නැති නිසා කොහොමත් හොඳම එකින්ම කෙලවේ. ඉතින් බංකුවේ ලොක්කා දහ අතේ කල්පනාකාර, බංකු ටිකත් බේරාගෙන, පිං පඩියත් බේරාගෙන, ණයත් අඩු කරගෙන පොලියත් අඩු කරගෙන, උද්ධමනයත් අඩු කරගන්න පුළුවන් මාර ප්ලෑනක් ගැහුවේය.
අනේ ඉතින් ප්ලෑන හිතුවට වඩා සැහෙන්න හොඳය. ඇත්තටම හොඳ වැඩිය. හාමු ප්ලැන මහා පිස්සන්කොටුවට දැම්මේය. ප්ලැන පාස් උනොත් ගම ගොඩයන්න පුළුවන්. ගම ගොඩ ගියොත් අපිට කෙලවෙනවා කියල අන්රයියා කලින්ම විරුද්ධ වී රෝමෙට ට්‍රිප් එකක් ගියේය. අනේ ඉතින් පප්ප ගමේ අය හිතාගෙන ඉන්නේ අඟහරු ලෝකෙන් ආව කට්ටියක් ගම කැවා කියලාය. ලෝක හොරුන්ට චන්දෙ දීල, ඊට පස්සේ හොරා කෑවත් ඉන්න ගමක් තියනව කිවේ මේ හරක් පප්පන්ය. ඒ මදිවට බදුත් කපල, පඩිත් වැඩි කරලා, වැඩ කරන්නේ නැති අයට අමෘත්තය ඉල්ලල, තව නිකන් බෙහෙතුයි, ඉස්කෝලයි ඉල්ලල, තව තෙලුයි ලයිටුයිත් අඩු කරල, ඩොලර් එකත් අඩු කරන්න කිව්වෙ හරක් පප්පන්ය. ඒ ඔක්කොම කරලා තව නිකන් ඉන්න එකේ ජාතියත් ගලවල දෙන්නන් කිව්ව සර්ව ලොකු පප්ප කරෙත් මේ හරක් පප්පන්ය. සර්ත් කියපු විදියටම කරලා ගම කා ගත්තට පස්සේ, අපේ ණය කපන්න බෑ, සීසර් අයියට ඕනනන් කපාගන්න කියල කෑ කෝ ගසන්නේද මේ හරක් පප්පන්මය. ඔහොම පිස්සු කෙළල ආයි ඇනගත්තොත්, කන්න නෑ, බොන්න නැ, තෙල් නෑ, ලයිට් නෑ, අනේ ඉතින් මුකුත් නෑ කියා හුල්ලන්නෙත් මේ හරක් පප්පන්ය. ඇත්තටම හරක් පප්පන්ට නැත්තේ ඔය කෙහෙල්මල් නොව මොළේය.
අනේ ඉතින් මහා පිස්සන්කොටුවේ පිස්සො ටික චන්දෙට මොකද කරන්නේ කියා කල්පනා කළේය. ඒකෙ ඉන්න පිස්සන්ට මේ මොකද්ද වෙන්නෙ කියල කිසිම අවබෝධයක් නැත. පූට්ටුව චන්දෙ නොදුන්නොත් හාමු පිස්සොටික ගෙදර යවන නිසා විරුද්ධ වෙන්න බැරිය. ගොන් පුතානෝට මේ මොනවද වෙන්නේ කියන මෙලෝ දෙයක් තේරුනේ නැත. ප්ලැනට කැමති වෙලා ඒක පාස් උනොත් හාමුට වාසියි කියා හිතුවේය. කොහොමත් ගමේ බහුතරය හරක් පප්පන් නිසා එයාල කියන එක අහල විරුද්ධ උනොත් හරි කියා හිතුවේය.
අනේ ඉතින් සුපුරුදු පරිදි හාමු උඩින්ම දිනුවේය. ගොන් පුතානෝ විරුද්ධ උනේය. දැන් ඉතින් වැඩේ හරි ගියොත් වාසිය හාමුගේ සාක්කුවටය. හොඳටම කෙලවෙලා මොනව කරන්නද කියල කල්පනා කරකර හිටපු පුට්ටුවටත් පිනා චාන්ස් එකක් වැදුනේය. දැන් ඉතින් වැඩේ හරි ගියොත් එයාලටත් කොන්ද කෙලින් තියාගෙන "ගම බේරාගත් පූට්ටුව" ලෙස එලියට බැසිය හැක. ගොන් පුතානෝ අතටම ආපු පිනා චාන්ස් එක පොලවේ ගැසුවේය. මෙහෙමත් ගොන් තඩියෙක් ජීවිතේට බිහිවී නැත. බිහිවෙන්නේද නැත. ඊළඟ චන්දෙදි පින් මන්ත්‍රී කමක් වත් ඉතුරු උනොත් පුදුමය.
No comments:
Post a Comment