අනේ ඉතින් පප්ප ගමේ චන්ද මැෂිම කපුටාය. කපුටා හරක් පප්පන්ට අමුර්තය දෙයි. ඒ වෙනුවට හරක් පප්පන් චන්දය දෙයි. චන්දෙ දුන්නෙ නැත්තන් අමුර්තය කපයි. අනේ ඉතින් ඒ විතරක් නෙවෙයි. හොරුන් වෙනුවෙන් බස් වල පැක් වී කඩේ යාම, ගාල් වී පුන්නක්කු බීම වැනිදේ කරන්නේ අමුර්තය බිව් හරක් පප්පන්ය. ඒ විතරක්ම නෙවෙයි. හතුරන්ට නෙලීම, මඩ ගැසීම, ඇන කොටා ගැනීමෙ වලි දැමීම මෙන්ම හදිසියකට ජාතිය ගලවා ගැනීමටද පාවිච්චි කරන්නේ අමුර්තය බිව් හරක් පප්පන්ය. අනේ ඉතින් දිගටම පප්පන් අමුර්තය බොන තරමට කපුටාටද පූට්ටුවටද වාසිය. පප්පන්ටද වැඩ නොකර ඉන්න පුළුවන් නිසා අමුර්තය බොන එක වාසිය. චන්ද වැඩි කර ගැනීමට නම් අමුර්තය බොන පප්පන්ද වැඩි කරගත යුතුය. ඒ නිසා පූට්ටුවට කඩේ යන පප්පන්ට දිගටම අමුර්තය දුන්නේය. මේ විදියට පප්ප ගමේ වැඩ නොකර අමුර්තය බී කඩේ යන පප්පන් වැඩිවේගෙන ගියේය. මෙය පප්ප ගම බංකොලොත් වීමට ලොකු හේතුවකි.
අනේ ඉතින් මේ හරක් පප්පන් හාමුට කොහොමත් අල්ලන්නේ නැත. මෙයාල කොහොමත් හාමුට චන්දෙ දෙන්නේ නැත. ඉතින් හාමු අමුර්තය කපා හැරියේය. පූට්ටුව අන්දුන් කුන්දුන් වී ගියේය. කඩේ ගිය හරක් පප්පන්ට ආච්චි වහුනේය. ආච්චි වැහුණු පප්පන් පාරට පැන කෑ කෝ ගැහුවේය. අනේ ඉතින් ඔය විදියට පූට්ටුවේ චන්ද මැෂිම කඩා බිමට සමතලා කළේය. දැන් පූට්ටුවන්ට කැත නැතිව පාරේ යන්නත් බැරිය. පාරෙ යන්නත් බැරි පුට්ටු කාරයින් කොහොමද ලොකු පප්ප තෝරන චන්දෙට එන්නේ. දැන් පූට්ටුව හාමුට හෝ අන්රයියාට හේත්තු විය යුතුය. ඇත්තටම කිව්වොත් පූට්ටුව අන්රයියාට හේත්තු වෙන තරමට හාමුට වාසිය. හාමු ගේම් එක ගහන හැටි බලන් ඉමු.
No comments:
Post a Comment