Monday, January 1, 2024

පප්පන්ට සුපුරුදු ආතල් නැවත ලැබෙන නව වසරක් වේවා

 අනේ ඉතින් පප්ප ගමට අලුත් අවුරුද්දක් උදා උනා. රෝමන් කාරයො පප්පලගෙන් නිදහස් වෙච්ච් 1948න් පස්සෙ උපරිම ආතල් ලැබුනෙ 2021 අවුරුද්දෙ තමයි. ඒ ඉතින් අපේ සර් ට පිං සිද්ධ වෙන්නනෙ. දැන් පප්පලට ඒවගේ ආතල් ලැබෙන්නෙ නැති නිසා මාර අප්සෙට් එකින් ඉන්නෙ. 2024 දී ඒ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙලා සුපුරුදු ආතල් නැවතත් ලැබෙන අවුරුද්දක් උදා වෙනව. සුපුරුදු කිව්වට සුපුරුදුම නෙවෙයි. සුපුරුදු එකටත් වඩා තව චුට්ටක් වැඩියෙන්. 

කයියනායක දෙවියන්ගෙ පිහිටෙන් බදු අඩු කරල, පඩි වැඩි කරල, ලයිට් බිල් වතුර බිල් තෙල් අඩු කරල, පෝර නිකං බැරිනං සල්ලිත් එක්ක හරි දීල, පප්ප ගමේ කඩ රෝමන් කාරයන්ට විකුණන එක තහනම් කරල, වැඩ නොකරන සමිතියෙ සහෝදර පප්පන්ටම කඩ ටික බලාගන්න දිල, ආනයන අඩු කරලා, ඉල්මනයිට් විකුණලා, ග්‍රැෆීන් හදල, රෝමෙට ගිය සහෝදර පප්පන්ගෙන් කහවනු 500 ගානේ එකතු කරල එකතු කරල ඒකෙන් ණය ටික ඔක්කොම ගෙවල, මහා හොර පප්පයි එයාගෙ හොර රැනයි දඬු කඳේ ගහල, බදුවලට පොලු තියපු හොර පප්පන් අල්ලාගෙන, ඒ හිඟ බදු කෙල කෝටි අසූහාරදාහක් අයකරගෙන,  දුෂණය බින්දුවට බස්සල, සමුපකාර දාල, දේශීය නිෂ්පාදන වලට සහන දීල, IMF යක්ෂයා එලවල දාල, රෝමෙන් ණය ගන්නෙ නැතුව, දේශීය දැනුමත් රෝමෙට ගිය සහෝදර පප්පන්ගේ දැනුමත් 1:2 අනුපාතයට මික්ස් කරල දේශීය ආයෝජන මගින් නිෂ්පාදන ආර්ථිකයක් ඇති කරලා පප්ප ගම ගොඩ දානව කිව්වොත් දානවම තමයි. ආතල් කියන්නෙ ඔය කියපු ඒවායින් බාගයක් විතර සර් කරල තමයි ගියෙ. ඒකෙන් තමයි 2021 අවුරුද්දෙදි හොඳටම ආතල් හම්බු උනේ. ඉතින් ඔය ඔක්කොම කරොත් ලැබෙන ආතල් ප්‍රෝ මැක්ස් එක හිතා ගන්න පුළුවන් නේද. 

පප්පන්ට සුපුරුදු ආතල් නැවතත් ලැබෙන සුභ අලුත් අවුරුද්දක් වේවා. 

No comments:

Post a Comment