පප්ප ගමේ බයියන්, ටොයියන් සහ කයියන් ලෙස ප්‍රධාන පප්පන් කොටස් 3කි. ඒ අතරින් ඔරිජිනල් කයියන් 3%කි. ඔරිජිනල් ටොයියන් දුසිම් බාගයක් විතර සිටී. ඉතිරි පප්පන් ඔක්කොම බයියන්ය. ඇත්තටම කිව්වොත් ඉපෙදෙන ඕනෑම පප්පෙක් ආරම්භයේදී බයියෙකි. ඊට පසු ටික දෙනෙක් කයියන් හෝ ටොයියන් බවට පරිවර්තනය වේ. ඉතිරි බයියන් ඒ ඒ කාලයට එන රැල්ලත් සමග seasonal ටොයියන් හෝ seasonal කයියන් බවට පත්වේ. එවැනි බයියන් තමන් බයියෙක් බව දන්නේද නැත. එම නිසා බයියන් හඳුනාගැනීම ඉතා වැදගත් වේ.
බයියන් ස්වභාවිකවම binary ය. බයියන්ට අනුව ඔනෑම දෙයක් ප්‍රගතශීලි හෝ ප්‍රතිගාමී ලෙස ඉතා පැහැදිලිව බෙදා දැක්විය හැක. ගොඩක් ඉස්සර පීඩක සහ පිඩිත පන්තිය ලෙස කොටස් දෙකකට බෙදීය. ඊට පස්සෙ ජාති ද්‍රෝහී සහ එහෙම නොවන ලෙස කොටස් දෙකකට බෙදල ලදී. දැන් දුෂිතයන් සහ එසේ නොවන ලෙස කොටස් දෙකකට බෙදීය. මේ කොටස් දෙකෙන් මොකකට අයිති වෙනවද කියා තීරණය වන්නේ රැල්ල පැත්තේ ඉන්නවද, අනිත් පැත්තේ ඉන්නවද කියන එක අනුවය.
ඉස්සර ඇට බෝල ක්‍රීඩාව ප්‍රගතශීලි දෙයකි. එයාලට සපෝට් කල යුතුය. අනිත් ටීම් එකට සපෝට් කරන අය ජාති ද්‍රෝහින්ය. මේ දවස් වල රැල්ල අනිත් පැත්තට ගොස් ඇති නිසා ඇට බෝල ප්‍රතිගාමීය. ඇට බෝල ගැසීමත්, ඒවා බැලීමත් ප්‍රතිගාමී දෙයකි. කෑ කෝ පප්පන් වැනි කළා කාරයන් ඉස්සර සර් ට කඩේ යෑම ප්‍රගතශීලි දෙයකි. දැන් ඒක ප්‍රතිගාමී වී ඇත. ඒ පප්පන්ම ඉස්සර මාලුමාමට කඩේ ගියොත් උන් ජාතියක් ජන්මයක් නැති අවජාතකයෝය. දැන් කඩේ ගියොත් ප්‍රගතශිලිවේ. ඉස්සර වැඩ නොකර කෑ කෝ ගසන අය ප්‍රතිගාමීය. දැන් රැල්ල වැඩ නොකිරීමය. ඒ නිසා වැඩ නොකර පාර දිගේ කෑ කෝ ගැසීම ප්‍රගතශීලිය. ප්‍රගතශීලි කියල හිතන් ඉන්න එකෙක් නරක එකෙක් එක්ක බස් එකේ ගියත් එකා ප්‍රතිගාමී වේ. කොච්චර ප්‍රතිගාමී එකෙක් උනත් රැල්ල පැත්තට මාරු උනොත් එකා ප්‍රගතශීලිවේ.
මේ දවස් වල ප්‍රතිගාමීත්වයේ සංකේතය හාමුය. ඒ නිසා කලිසම ඉස්සිමේ සිට බදු ගැසීම දක්වා හාමු කරන හැම දේම වැරදිය. හාමු කරන දේවල් කරන හෝ හාමු ඉන්න තැන සිට මීටර් 100 ක අරයක් ඇති රවුමක් තුල සිටින ඕනෑම කෙනෙක් ප්‍රතිගාමියෙකි. ප්‍රගතශීලිතත්වයේ සංකේතය අන්රයියාය. කෙහෙල් කොලේ බත් කෑමේ සිට බොරු කීම දක්වා අන්රයියා කරන ඕනෑම ක්‍රියාවක් ප්‍රගතශීලී වේ. අන්රයියා ඉන්න තැන සිට මීටර් 100 ක අරයක් ඇති රවුමක් තුල සිටින ඕනෑම කෙනෙක් ප්‍රගතශිලියෙකි. පප්පන්ට නොයෙක් නොයෙක් අදහස් ඇති බවත්, නොයක් අය නොයෙක් දේවල් වලට කැමති බවත්, විවිධත්වයක් ඇති බවත්, ඕනෑම පප්පෙක් සම්පුර්ණයෙන්ම හොඳ හෝ නරක නැති බවත් බයියන් නොදනී.
No comments:
Post a Comment