අනේ ඉතින් හෙට උදෙන්ම පප්ප ගමේ රිලව් ටික ගණන් කරනව. රිලව් කිව්වට ඔක්කොම රිලව් ගනින්නෙ නෑ. වලිග තියන රිලව් විතරයි. ඒ නිසා බය වෙන්න එපා. අනේ ඉතින් මෙහෙම රිලව් ගැන්නට අවුලක් නැති උනාට ගැනල ඉවර වෙලා මොනවද කරන්නෙ කියන එක පැහැදිලි කරල නෑ. ඒ නිසා අපිට පහත සඳහන් නොයෙක් ක්‍රියාමාර්ග ගැන අනුමාන කරන්න පුළුවන්.
- රිලවුන්ට කැපකරු මාපිය ක්‍රමයක් හඳුන්වාදී එයාලගේ ගෙවල් වලට යැවීම. (මේක තේරෙන්නේ නැත්තන් පුතානෝ ගෙන් අහන්න)
- යු එස් එයිඩ් වලින් කීයක් හරි ඉල්ලගෙන රිලවුන්ට උපත් පාලනය කියලා දීම
- රිලවුන්ට වඳ කොත්තු සහ වඳ බ්‍රා බෙදා දීම. මේ වැඩේ රතනට බාර දුන්නනං තිතට කරයි
- රිලා වෘත්තීය සමිතියක් සාදා දින නියමයක් නැති දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් දියත් කිරීම
- රිලව් එක්ක ගිහින් මහා හොර පප්පාගේ ගෙදර වැටලීම
- රිලවුන්ට GPS ට්‍රැකින් තියන ඩිජිටල් ID එකක් හදල දීම
- රිලවුන්ව මාලුමාගෙන් ප්‍රාදේශීය සභාවට නාම යෝජනා දීම
- රිලවුන්ට ආචාර්ය උපාධි දීම
- රිලවුන්ට පන්ති පහ පැවැත්වීම
- හනුමන්තාව ගෙන්වා රිලවුන්ට ගෙවල් ගිනි තැබීමට පුහුණුවක් ලබා දීම
- රිලවුන්ගේ අධ්‍යාපනයට 6% ක් වෙන් කිරීම
- රිලවුන්ට අස් වැසුම දිම
- එක රිලවෙක් තෝරා ඌව කතානායක කිරීම
- දේසපන්දුව හොයන්න රිලවුන්ට බාර දීම
- රිලවුන්ට ජාතික ආරක්ෂාව ගැන පන්තියක් පවත්වා, ඊට පස්සේ ආරක්ෂාවත් රිලවුන්ටම බාර දීම
- මුහුණු පොතේ කුණුහරුප කීමේ වැඩේ රිලවුන්ට බාරදීම
No comments:
Post a Comment