හාමු චන්දෙ තියන්නේ දිනන්නය. දිනන්නෙ නැත්තන් චන්දෙ තියන්නේ නැත. හාමුට දිනන්න ඕනනන් හොඳම ක්‍රමය මෙයයි. හාමු කරන්නෙත් ඒක බව පෙනේ.
පලවෙනි පියවර
පප්ප ගමේ ලොකු පප්ප තෝරන චන්දය හැම වෙලාවේම දෙදෙනෙකුගේ වලියකි. දෙදෙනෙකුට වඩා ආවොත් උන් දෙන්න එකතුවී අනිත් උන් හැමෝටම නෙළයි. මේ පාර නං ඒ තියරිය අමාරුය. ඒක නිසා ලොකු පප්පා අන්රයියා එක්ක මීට අවුරුද්දකට ඉස්සර ඩිල් එකක් දැම්මේය. ඒකට අනුව "මහා සාමකාමී නිර්පාක්ෂික වලිය" ඉවර උනාම නිර්පාක්ෂික උන පප්පන් ආපහු කල්ලි වලට බෙදීමය. බෙදීම වෙන්නේ මෙසේය. කල්ලි දෙකකි. "මේ පාර මාළු මාමට" සෙට් එක ප්‍රගතශීලි, දුෂණයට විරුද්ධ කල්ලියයි. අනිත් හැමෝම ප්‍රතිගාමී දුෂණයට පක්ෂ සෙට් එකය. මාළු මාමට විරුද්ධ එකෙක් ආවොත් පොර හාමුගේ කියා ලේබල් එකක් ගසයි. ඒක හාමුටද හොඳය. ඇයි ඉතින් මාළු මාමගේ නොවන අය හැමෝම හාමුගෙ නන් ශෝක්නෙ. මේ විදියට කල්ලි දෙකකට බෙදීමේ කොන්ත්‍රාත් එක වෙනුවෙන් අන්රයියාටද ප්‍රතිලාභ හිමිවේ. මාළු මාමගේ කට්ටිය අල්ලා දඬු කදේ ගහන්නේ නැත. එයාලගේ මීටින් වලට ආරක්ෂාව ලබා දේ. "ජඩ මාද්‍ය සමිතියෙන්" ප්‍රචාරණ කාලය ලබා දේ. ඒ මදිවට මාළු මාමගේ හතුරන්ට මදි නොකියන්න නෙළයි. මේ පියවර දැන් අවසන් වී ඇත.
දෙවෙනි පියවර
මුලින්ම තියෙන්නෙ ලොකු පප්ප තෝරන චන්දය යයි බොරුවක් ගම්ගත කරයි. එතකොට කට්ටිය සෙට් වෙලා සමහර සන්ධාන කඩයි, අලුත් සන්ධාන හදයි. කලින් බැනපු එවුන් එක්ක යාලුවේ. කලින් යාළුවෙච්ච අයට බනියි. මේක දකින දායක සභාව ඉච්චාභංගත්වයට පත්වේ. පරණ දායකයන් ඉවත් වේ. අලුත් දායකයන් එකතු වේ. එතකොට දායක සභාවේ ලෝයල්ටි එක අඩුවී කැලබිලි සහගත තත්වයක් ඇතිවේ. මේ දවස් වල වෙන්නේ මේකය.
තුන්වන පියවර
මහා පිස්සන් කොටුව විසුරවාහැර චන්දයක් කෝල් කරයි. එතකොට හැමෝටම අගමැති පප්පා වෙන්න ඕන වේ. සන්ධාන නැතිවී තනි තනිව චන්දයට යයි. කලින් හැදිච්ච සන්ධාන නැතිවී එකිනෙකා මරා ගනියි. හාමු පැත්තකට වී බලා ඉඳියි. එයා නිර්පාක්ෂික පප්පෙකි. අනේ ඉතින් සන්ධාන කැඩුනාම එයාල එකිනෙකාට මඩ ගහගනී. ආපහු සන්ධාන හදාගන්න බැරි ගානටම එකිනෙකා එක්ක වලි දාගනී.
හතරවෙනි පියවර
අනේ ඉතින් චන්දෙ ඉවර උනාම හැමෝටම චන්ද ටික ටික ලැබේ. අන්රයියාට 50ක්, මෝඩ පුතානෝට 50ක්, හාමුගේ කල්ලියට 30ක් (මතක තියාගන්න, හාමු ස්වාධීනය), හොර පූට්ටුවට 20ක්, අරගලෙන් එන පප්පලට 20ක්, සුළු ජාතික පප්පන්ට 30ක්, චීන පප්පලට 10ක්, පැණි සුමනෙගේ ගෝත්‍රික කල්ලියට 5ක් වගේ ලැබෙයි. අනේ ඉතින් දැන් හැමෝම දහ අතේ කල්පනා කරයි. සීට් 50කට වඩා ගන්න බැරිනන් කොහොමද ලොකු පප්ප චන්දෙ දිනන්නෙ ?.
පස්වෙනි පියවර
ලොකු පප්ප තෝරන චන්දෙ කෝල් කරයි. හාමු හොර පුට්ටුවටයි, මෝඩ පුතානෝටයි, සුළු ජාතික පප්පන්ටයි මෙහෙම කියයි. ඔයාල ඕනනන් තනියෙන් ඉල්ලන්න. හැබැයි පැරදුනොත් ලොකු පප්ප වෙන්නත් බෑ, අගමැති පප්ප වෙන්නත් බෑ, ඇමති පප්ප කෙනෙක් වෙන්නත් බෑ. ඉතින් ඔයගොල්ලෝ හැමෝම මට සහයෝගය දෙන්න. මම දිනුවාම වැඩිපුරම චන්ද ගත්ත පුතානෝ අගමැති කරල අනිත් අයටත් ඇමති පට්ටන් දෙනව. එතකොට පුතානොත් මෙහෙම හිතයි. අපේ පියානෝත් JR පප්ප ළඟ අගමැති වෙලා ඉඳල තමයි ලොකු පප්ප උනේ. ඒ නිසා මේ ඩිල් එක දාගන්න ඕන. හොර පුට්ටුව මෙහෙම හිතයි. අපිට කොහොමත් දිනන්න බෑ. පුතානෝ එක්ක ඩිල් එකක් දාගන්නත් බෑ. අන්රයිය දිනුවොත් මොනව වෙයිද දන්නෙ නෑ. ඒ නිසා හාමුට සපෝට් එකක් දෙනව හැර විකල්පයක් නෑ. සුළු ජාතික පප්පන් කොහොමත් හාමුටය. දිනනව වගේ පේන එකාට සපෝට් නොකර වෙන කාට සපෝට් කරන්නද.
අනේ ඉතින් මෙහෙම උනොත් හාමුට සීට් 130ක සපෝට් එකක් ලැබී දිනයි. ලොකු පප්ප තෝරන චන්දය ගොඩක් වෙලාවට මෙහෙම ප්‍රතිපලයකින් ඉවර වෙයි.
1. හාමු (50%)
2. අරගල පප්පෙක් (25%)
3. හරිනි අක්කා (15%) (අන්රයියා මහා පිස්සන් කොටුවේ චන්දෙන් කෙලවාගත් පසු ආයි එන්නේ නැත)
4. ඩලස් අයියා (5%) (චීන නියෝජිතයා)
No comments:
Post a Comment