වෙනත් ගම්වල නම් චන්ද යනු ගම්පාලන ප්‍රතිපත්ති විග්‍රහ කරමින් තර්ක කරමින් සංසන්දනය කරමින්, වර්තමාන හා අනාගත තත්වයන්ට වඩාත් ගැලපේ යැයි සිතන ප්‍රතිපත්ති ඉදිරිපත්කරන පප්පන් තෝරා ගැනීමේ ක්‍රමයකි. නමුත් පප්ප ගමට ඒවා අදාලම නැත. ඔවුන් ප්‍රතිපත්ති, ක්‍රමවේදයන් වැනි දේ අහලාවත් නැත. තේරුම් ගැනීමට මොලයක්ද නැත. මොලයක් තිබ්බනං මෙච්චර කෙලෝගන්නෙත් නැති නිසා ඒ ගැන කතා කිරීමේ තෙරුමක්ද නැත. පප්ප ගමේ චන්ද දිනීමේ ප්‍රධාන න්‍යායයන් හතරක් තිබේ.
- බෙදී එකතුවීමේ න්‍යාය
- පොදු සතුරා පැරදවීමේ න්‍යාය
- රැල්ලෙන් රැල්ලට පාවෙන න්‍යාය
- සමනලයා තටු සැලීමේ න්‍යාය
1. බෙදී එකතුවීමේ න්‍යාය
මෙය ඉතාමත්ම පැරණි න්‍යායකි. මුලින්ම හරක් පප්පන් ආගම්, ජාතින්, සංස්කෘතීන්, කුල හෝ ප්‍රදේශ ලෙස බෙදා වෙන් කරයි. ඒ ඒ කොටස් වලට වෙන වෙනම නායක පප්පන් පත් කරයි. ඒ ඒ නායක පප්පන් තමන්ගේ ලබූ ගෙඩිය අනිත් අයගේ එකට වඩා හැම අතින්ම හොඳ බව හරක් පප්පන්ට දෙසා බායි. ඒ මදිවට අනිත් එවුන් අපේ ලබු ගෙඩිය අල්ලා ගන්නට එන බවත්, එනිසා ලබු ගෙඩිය ගලවාගතයුතු බවත් දෙසා බායි. හරක් පප්පන් ඒවා හිස්මුදුනින්ම පිළිගෙන පස්වනක් ප්‍රීතියට පත්වී කෑ කෝ ගසයි. ලෝකයා හිනාවෙයි. ඒත් පප්පන්ට ගානක් වත් නැත. චන්දයේදී තම තමන්ගේ නායක පප්පන් දිනවයි. ඊට පසු එම නායක පප්පන් එකතු වී, හරක් පප්පන්ට කෙලලා අරියි. හරක් පප්පන් හුල්ලයි. ඊළඟ චන්දයේදීද ඕකම රිපීට් කරයි.
2. පොදු සතුරා පැරදවීමේ න්‍යාය
මුලින්ම පොදු සතුරෙක් නිර්මාණය කරයි. එය බොහෝවිට පුද්ගලයෙක්, එහෙම නැත්තම් ජන වර්ගයක්, ආගමක් හෝ රෝමන් කුමන්ත්‍රණයක් විය හැක. එම පොදු සතුරා පැරදවීමට නායකයන් ගොඩාක් සෙට් වී ගිවිසුමක් ගසයි. එය දැක හරක් පප්පන් පස්වනක් ප්‍රීතියට පත්වී කෑ මොර දෙයි. සියලු කෙලවීම් වලට හේතුව පොදු සතුරා බව ඔවුන්ට හිතෙන්නට පටන් ගනී. පොදු සතුරා පැරදවීම ජාතික වගකීමක් බවත්, ඔවුන් මේ පින් බිමේ ඉපදුනේ පොදු සතුරා පැරදවීමට බවත් හිතෙන්නට පටන් ගනී. අනේ ඉතින් පොදු සතුරා පරදා එන සතුරාද ඒ විදියටම ගම කයි. පප්පන් හුල්ලා ඊළඟ චන්දයේදීද ඒකම කරයි.
3. රැල්ලෙන් රැල්ලට පාවෙන න්‍යාය
රැල්ලක් ඇති කිරීමට අවුරුද්දක පමණ කාලයක් ගතවේ. මුලින්ම ආකර්ශනීය සටන් පාඨයක් තෝරා ගනී. උදාහරණ ලෙස "ජාතික ආරක්ෂාව ඇති කිරීම", "රෝමන් කුමන්ත්‍රණ පැරදවීම" "හොරු එළවීම", "හොරා කෑ සල්ලි ගෙන්වාගෙන ගම ගොඩ දැමීම" දැක්විය හැක. ඉන් පසු ගමේ ඉබේම ඇතිවන සිද්ධීන් මේවාට ගලපයි. උදාහරණ වශයෙන් "මාළු පිහියක් අහුවීම" සමග "ජාතික ආරක්ෂාව බිඳවැටීම" සම්බන්ධ කරයි. "පිටේ පච්චයක් ගහපු සුස්දෙක් අහුවීම" "රෝමන් කුමන්ත්‍රණ" වලට සන්බන්ධ කරයි. ඊට පසු මේ සන්බන්ධකම් පිලිබඳ විග්‍රහ කිරීම් සැම දිනම සිදු කරයි. බාගෙට උගුතුන් ගෙන්වාගෙන ඕනෑම දෙයක් වෙනත් ඕනෑම දෙයක් වෙන බව තර්කානුකුලව ඔප්පු කර පෙන්වයි. ඒවා අහන පප්පන් සියල්ල තේරුම් ගත් බව පවසමින් පස්වනක් ප්‍රීතියට පත්වේ. ලෝකයා හිනා වෙයි. ඒත් පප්පන්ට ගානක් වත් නැත. මේවා කැම්පේන් කිරීම ලෙස හඳුන්වයි. එම කැම්පේන් එක ගිල දැමීමෙන් පොඩි පොඩි රැලි ඇතිවේ. පොඩි රැලි එකතුවී ලොකු රැලි ඇතිවේ. තරමක රැල්ලක් ඇතිවූ පසු හරක් පට්ටිය පාර දිගේ දක්කාගෙන යයි. දක්කාගෙන ගොස් ටකරන් මඩුවක ගාල් කර මොලෝ රහක් නැති පුන්නක්කු පොවයි. පප්පන්ද රස කරකර පුන්නක්කු බොයි. මෙවන් දක්කාගෙන යෑම් දකිනවිට රැල්ලක් ඇතිවන බව පෙනෙන්නට පටන් ගනී. රැල්ලත් එක්කම ගසා ගෙන යාම පප්ප ගමේ ජාන විකුර්තියකින් ඇතිවූ ස්වභාවික තත්වයකි. එම විකුර්තිය නිසා රැල්ලට අනුව ගසාගෙන යාම තමන්ගේ ජාතික වගකීමක් බව හරක් පප්පන් හිතයි. එයට විරුද්ධව කවුරුහරි කතා කරොත් ඔහු "රෝමන් කුමන්ත්‍රණ කාරයෙක්", "බහු ජාතික සමාගමක ඉත්තෙක්", "ගම, ජාතිය, ආගම විනාස කරන පිල්ලියක්", "කාගේ හරි ප්ලාන්ට් එකක්" හෝ "අව ජාතක පුත්‍රයෙක්" ලෙස හඳුන්වා අම්බානකට නෙළා දඬු කඳේ ගසයි. අනේ ඉතින් හරක් පප්පන් රැල්ලට චන්දය දී හොඳම එකින්ම කෙල ගනී. ඊට පසු, එයාල බොරු කිව්වේ, අපි තොත්ත බබාල නිසා හොඳටම රැවටුනා, අපි හරි පවු යයි කියයි. මීට පස්සෙ නන් අපි රැවටෙන්නේ නෑ. දැන් අපිට හොඳට තේරෙනවා, දැන් අපේ මොලේ අයින්ස්ටයින් අයියගේ මොලේටත් වඩා පොඩ්ඩක් වැඩියි කියා හරක් පප්පන් කියන්නට පටන් ගනී. ඊටපසු එන අලුත් රැලිවලටද ගසාගෙන ගොස්, කලින් එකටත් වඩා හොඳ එකකින් කෙල ගනී. මේ න්‍යායද කැමති වාරයක් රිපීට් කල හැක.
4. සමනලයා තටු සැලීමේ න්‍යාය
මෙය අලුත්ම න්‍යායකි. මෙහි මූලික සංකල්පය, සමනලයා නමැති ඉතාම කුඩා සතාගේ සියුම් තටු සැලීමක් මගින් විශාල චන්ධ මාරුතයක් ඇති කිරීමයි. නමුත් සාමාන්‍ය තත්වයන් යටතේ කුඩා තටු සැලිමකින් චන්ධ මාරුතයක් ඇති කල නොහැක. ඒ සඳහා පද්ධතිය තුල තිබෙන සමතුලිත තාවය බිඳ කේඔටික් සිටුවේෂන් එකක් ඇති කල යුතුය. සාමාන්‍ය ලෝකයේ කුඩා කණ්ඩායමක් තුල මෙය නිතර සිදුවේ. උදාහරණයක් වශයෙන්, ලොකු කරදරයක්, මරණයක් වැනි ශොක් එකක් ඇතිවු අවස්ථාවකදී පුද්ගලයෙක් හෝ කුඩා කණ්ඩායමක් තුල සාමාන්‍ය ආකාරයට තීරණ ගත නොහැකි තත්වයක් ඇතිවේ. මෙවන් අවස්ථාවල දේශනා පප්පෙකුගේ දේශනාවක් ඇසීමෙන් ඔහු කියන ඕනෑම දෙයක් ඇත්ත බවට හැඟීමක් ඇතිවේ. ජීවිතේට දානයක් දෙන්නෙ නැති එකෙකුට වුවද දාන දීමට සිතේ. මෙය ඊටත් වඩා විශාල කණ්ඩායම් සඳහා භාවිතා වේ. හාස්කම් ඇතැයි කියන පන්සල්, පල්ලි, දේවාල වැනි තැන්වල උපාසක බළල්ලු මුදු මාල වැනිදේ ගලවා විසි කරයි. ඊට කාලයකට පසු මේ මොන ගොන් වැඩක්ද කලේ කියා සිතයි.
අපිට මේ න්‍යාය මුළු ගමක් සඳහා ඇප්ලයි කර බැලිය හැක. උදාහරණයක් වශයෙන් ආගමික අපහාස ඇතිකර, එම අපහාස වලට අපහාස කර, එම අපහාස වලට අපහාස කරන්නන්ට අපහාස කර උන් ඔක්කොම දඬු කඳේ ගැසීම මගින් නිශ්චිත ඉලක්කයක් නැතිව හැමෝම හැමෝටම මඩ ගසා ගන්නා තත්වයකට පත්කළ හැක. වෙනත් උදාහරණයක් ගතහොත්, කඩ විකුණා, එම විකිනීමට විරුද්ධ මතයක් ඇතිකර, එම මතයට විරුද්ධ මතයකුත් ඇති කර උන් උන් කෙලවාගන්නා තත්වයකට පත් කරයි. තවත් උදාහරණයක් ගතහොත්, බංකු බිඳවැටෙන බවට මතයක් ඇති කර, එය බොරු බවටත් මතයක් සාදා, ඒකත් බොරු බවට මතයක් හැදීමය. මේ ආකාරයෙන් නොයෙක් මාතෘකා එක දිගට ගෙනැවිත් ඒවා ගැන එක එක මත එක දිගට ප්ලාන්ට් කර කොන්ෆියුස් උන්ගා බුන්ගා තත්වයක් ඇති කරයි. ඊට පසු තැන තැන කුඩා ඇන කොටා ගැනීමේ වලිද, ඒවාට විරුද්ධ වලිද, විරුද්ධ අයට විරුද්ධ වලිද ඇති කරයි. ඒ මගින් සමාජ අවිනිශ්චිත තත්වයක් ඇතිකර කාට කඩේ යන්නද කියා හිතාගත නොහැකි තත්වයක් ඇති කරයි. ඊට පසු එක්වරම විශාල බියක් ඇති කර සාමාන්‍ය ආකාරයට තීරණ ගත නොහැකි තත්වයක් ඇති කරයි. මෙයට සමගාමිව එක් පුද්ගලයෙක් ඉතා මෘදු එහෙත් විශ්වාසනීය ආකාරයෙන් යමක් පැවසීම මගින් හැමෝම එයට අනුගත වීමට පටන් ගනී. මේ දිනවල එක්වරම නැග එන අමුතු නැගිටීම් සමග හාමුගේ විශ්වාසනීය ජාතිය ඇමතීමේ කතා මෙහි පෙරහුරුවක් ලෙස අනුමාන කල හැක.
හාමු යනු පප්පන් බෙදන කෙනෙකු මිස එකතු කරන කෙනෙකු නොවේ. ඔහුට විවිධ මත දරන පක්ෂ එකතු කර සන්ධානයක් හැදීමේ හැකියාවක් නැත. ඒ නිසා ඔහුට "බෙදී එකතුවීමේ න්‍යාය" හෝ "පොදු සතුරා පැරදවීමේ න්‍යාය" භාවිතා කළ නොහැක. හාමු හරක් පප්පන්ව සත පහකට ගණන් නොගනී. ඇත්තටම කියනවනන් මෙවන් බත් කන හරකුන්ව ගණන් ගතයුතුද නැත. ඒ නිසා හාමුට රැලි ඇති කිරීමටද නොහැක. ඒ නිසා හාමු නැවත ලොකු පප්පා වීමට නම් "සමනලයා තටු සැලීමේ න්‍යාය" භාවිතා කළ යුතුය. මීට පෙර ඇතිවූ "මහා නිර්පාක්ෂික සාමකාමී වලිය" අවසන්වූ පසු ඇතිවූ අවිනිශ්චිත තත්වයද හාමු විසින් සාර්ථකව භාවිතා කරමින් අති විශාල බියක් ඇතිකර හාමුට ජීවිතේට සපෝට් නොකරන අයගේ සහයෝගයෙන් බලය ලබා ගනිමින් ලොකු පප්පා විය. එදා චන්දය දුන් බොහෝ දෙනෙක් අපි මොන මගුලක් කලාද, මේක මෙහෙමනේ කරන්න තිබ්බේ යයි සිතමින් වෙන කරන්න දෙයක් නැති නිසා හාමුටම චන්දය දෙමින් සිටින ආකාරය අපට දැක බලාගත හැක.
සමනලයා තටු සැලීමේ න්‍යාය භාවිතා කරන අකාරය පහත දැක්වෙන ආකාරයට සරල පියවර 4කින් දැක්විය හැක.
- පුද්ගලයෙක්, කණ්ඩායමක් හෝ සමාජයක් තුල නොයෙක් මත ගැටුම් ඇතිකර අවිනිශ්චිත බව ඇති කිරීම
- එක්වරම ඉතා විශාල බියක් ඇති කිරීම
- එම තත්වය තුල ඉතාම මෘදුව සහ විශ්වාසනීය ආකාරයෙන් ඇමතීම මගින් තමන්ට අනුගත කර ගැනීම
- බලය ලබා ගත් පසු එය ඉතාම ඉක්මනින් කොන්සොලිඩේට් කර ගැනීම. මෙය සිදු නොකළහොත් වෙනත් කෙනෙක් බලය පැහැරගත හැක.
මෙහි පලවන පියවරට විශාල කාලයක් ගතවුවද ඊළඟ පියවර තුන දින කිහිපයක් හෝ සති කිහිපයක් වැනි ඉතා කෙටි කාලයකදී සම්පුර්ණ කරගත යුතුය. මෙවැනි "හයිලි තියරිටිකල් කන්සෙප්ට්ස්" සැබෑ ජීවිතයේදී සාර්ථකව භාවිතා වන ආකාරය දැක බලා ගැනීමට ලැබීම අප ජිවිතේ ලබන ඉමහත් භාග්‍යකි.
No comments:
Post a Comment