පප්ප ගමේ පප්පලා කොහොමත් වැඩ කරන්නේ නෑනෙ. ඒ නිසා වැඩ නොකරන දින 365ක් තියනව. අනේ ඉතින් එහෙම උනාම ගතියක් නෑනෙ. ඒ නිසා මුළු අවුරුද්දම මතක් වෙන්න කියල සංඛේතාත්මකව මැයි 1 වෙනිදා තෝරාගෙන වැඩ නොකරන දිනය සමරනව.
වැඩ නොකරණ දිනය සමරන්නේ මෙසේය. මුලින්ම හරක් පප්පන් ගාල් කරන්න පුළුවන් දඩාර පිට්ටනියක් බුක් කර ගනී. ඊට පස්සෙ පිට්ටනියට එන පාරත් බුක් කර ගනී. ඊටපස්සේ හරක් පප්පන් අදින්න බක්කි කරත්ත බුක් කර ගනී. මේ වැඩ ටික හරිම ලේසියි. අමාරුම වැඩේ හරක් පප්පන් සෙට් කර ගැනීමය. හරක් පප්පන් සෙට් කර ගැනීමට පහත සඳහන් ඕනෑම ක්‍රමයක් භාවිතා කළ හැක.
- තණකොළ පාර්සලයක් සහ පුන්නක්කු බාල්දියක් ලබාදීම
- වැඩ නොකරන සමිතිය ගෙඩිය පිටින්ම බැස්සීම
- වසන්ත මුදලාලිගේ අන්තර් ජාතික ශිෂ්‍ය සංගමය බැස්සීම
- තවත් එකී මෙකී නොකී ශිෂ්‍ය සංගම් බැස්සීම
- කළාබර කෑ කෝ පප්පන් බැස්සීම
- පොඩි පිස්සන්කොටුවල වැඩ කරන පප්පන් බැස්සීම
- මහිලා සමිතිය බැස්සීම
- ජේෂ්ඨ පුරවැසි සමිතිය බැස්සීම
- රට ජාතිය ආගම ගලවාගැනිමේ සමිතිය බැස්සීම
- කොණ්ඩා රැවුල් කැපීම අමතක වූවන්ගේ සමිතිය බැස්සීම
- කුඩු සහ ගංජා කාරයන් බැස්සීම
- අලුත්මට් ට්‍රෙන්ඩ් එක වන්නේ කිසිම අරමුණක් නැති උනත් අපි අරගලයේ කියමින් කිවිසුමක් ගියත් එලියට පනින්න සෙට් වෙලා ඉන්න රෝන් ජෙනරේෂන් එක බැස්සීමය
අනේ ඉතින් මොන ක්‍රමයකට හරි හරක් පප්පන් අසුහාරදාහක් හොයා ගනී. ඊට පසු තමන් කැමති පාටින් ලාඩන් ගසා, ඒ පාටින්ම තුවායක් සහ තොප්පියක් දමයි. ඊට පසු බක්කි වලට පටවා පාරේ කෙලවරින්ම අත අරී. අනේ ඉතින් ඊට පස්සේ පාර දිගේ දක්කාගෙන යයි. නිකන්ම දක්කා ගෙන යනකොට ගතියක් නැති නිසා උම්බෑ උම්බෑ කියමින් දක්කාගෙන යයි. ඒමදිවට තව දඬු මොනරයකුත් අහසට නංවා, හරක් පප්පන් දක්කන වීඩියෝ එක මූණු පොතේ ලයිව් දමයි. එතකොට පප්ප ගමේ හරක් ප්‍රදර්ශනය ලෝකයාට සජීවීව බලාගෙන මාර ආතල් එකක් ගන්න පුළුවන්.
ඔය විදියට ලොකු හරක් පට්ටි අයිතිකාර පප්පන් ප්‍රධාන වශයෙන් හතර දෙනෙක් ඇත. එක්කෙනෙක් මහ හොර පප්පාය. අනේ ඉතින් මීට කලින් මහ හොර පප්පා හරක් පට්ටිය බලාගන්න සර් ට දුන්නේය. සර් ට හරක් බලන්න පුරුද්දක් නැති නිසා හරක් ටික අයාලේ ගියේය. හරක් අඩු උනත් මහ හොර පප්පා කොහොම හරි දක්කාගෙන පිට්ටනියට ගියේය. හාමුටත් හරක් පට්ටියක් තිබුනේය. අනේ ඉතින් අසමගි පුතානෝ පට්ටියම හොරකන් කළේය. ඉතින් හාමුට ලැජ්ජ නැතුව එලියට බහින්න බැරි නිසා එයා සූම් එකින් සෙට් උනේය. හරක් පට්ටියත් හාමු මාර ස්මාර්ට් කියා උම්බෑ කීවේය. හාමුගේ හරක් පට්ටිය ඉන්න නිසා අසමගි පුතානෝට කැත නැතිව දක්කාගෙන යාමට පුළුවන්. හතරවෙනි එක්කෙනා අන්රයියාය. එයාගේ හරක් පට්ටිය සියට තුනකි. එයාලා හැම සතියෙම දක්කාගෙන යාම ප්‍රැක්ටිස් කරන නිසා ලස්සනට වැඩේ කරයි. මීට අමතරව තව පොඩි පොඩි හරක් පට්ටිත් අම්බානකට ඇත. සමහර වෙලාවට අයිතිකාරයා නැතිව හරක් ටික විතරක් ගාල කඩාගෙන දුවන්න ගොස් කුළුපොලු හමුදාවෙන් අම්බානකට කයි. ගොඩක් වෙලාවට ඔහොම කන්නේ රෝන් ජෙනරේෂන් එකය.
අනේ ඉතින් ඔය විදියට දක්කාගෙන ගොස් ඒක කැත නැතිව ලෝකයාටත් පෙන්නයි. ලෝකයා හිනා වුනත් පප්පලාට ගානක්වත් නැත. පිට්ටනිය ලඟට ආවාට පසු ගාල් කරයි. ලොකු හරක් පට්ටි තියනකොට හිටගෙනම ගාල් කරයි. මිඩියම් සයිස් ඒවා ටකරන් මඩුවල ගාල් කරයි. පොඩි ඒවා පුටු වල ගාල් කරයි. ගාල් කළ පසු පුන්නක්කු දීම පටන් ගනී. හරක් පට්ටි අයිති පප්පන් ස්ටේජ් එකට නැග මෙලෝ තේරුමක් නැති ගොන් කතා තොගයක් හෝල් සේල් එකේ අත අරියි. හරක් පප්පලා ඒවා අසා පස්වනක් ප්‍රීතියට පත්වී උම්බෑ කියයි.
අනේ ඉතින් වැඩේ ඉවර උනාට පස්සෙ කට්ටිය බක්කි වලට නැගල ආපු අතක් බලාගෙන යනව. උතුර දකුණ මාරුවෙන්න පුන්නක්කු බීපු අය වැටිල ඉඳල ඊළඟ දවසෙ ගෙදර යනව. ඊට පස්සේ හරක් පට්ටියෙ ෆොටෝස් බුකියට දාල එක ඇතුලෙ ඇනකොටා ගන්නව. ඔය විදියට පප්පලට සති දෙකක් විතර ආතල් එකක් ගන්න පුළුවන්. පහත චායාරුප, හරක් පප්පන් දක්කාගෙන යාම, ගාල් කිරීම සහ පුන්නක්කු දීම ලෙස පෙනෙන්නට හැකි වුවද, එහි පප්ප ගමට කිසිම සන්බන්ධයක් නැත.
No comments:
Post a Comment