අනේ ඉතින් හාමු එලිසබෙත් ආච්චිගේ මළ ගෙදර ගිහින් ආච්චිවැහුන බව අපි කලින් කිව්වෙමු. දැන් හාමුව කන්ට්‍රෝල් කරන්නේ ආච්චිගේ අවතාරයයි. අවතාරය කන්ට්‍රෝල් කරන්නේ IMF එක වන අතර ඒක කන්ට්‍රෝල් කරන්නේ මහා භාරතයයි. ඇත්තටම කිව්වොත් මහා භාරතයට හාමු ගැන විශේෂ කැමැත්තක් නැත. ඒත් පප්ප ගමේ මහා පිස්සන් කොටුවේ සිටින දකුණට බර පිස්සන් අතර වැඩියෙන්ම මොළේ තියෙන්නේ හාමුටය. ඉතින් කරන්න දෙයක් නැති නිසා මහා භාරතය විසින් හාමු ලවා ප්‍රතිසංස්කරණ කරවයි. ඒක කරේ නැත්තන් පප්පගම චීනයට සින්න වෙන නිසා මහා භාරතයට කරදරයි.
අනේ ඉතින් මේ දවස්වල හාමු බරටම ප්‍රතිසංස්කරණ කරයි. ඒවාට සමහර පප්පලා කැමතිය. ගොඩක් පප්පලා අකමැතිය. ඒ නිසා හාමු පප්පලාට අම්බානට නෙලා බඩගින්නේ තියයි. ඉතින් බඩගිනි පප්පලා අන්රයියාට සෙට් වී ඇත. අන්රයියාට හාමුව එලවා ලොකු පප්පා වෙන්න ඕනය. ඉතින් අන්රයියා ලොකු පප්පා එලවීමට දහ අතේ කල්පනා කර මාර ප්ලෑනක් ගැහුවේය. ප්ලෑනේ හැටියට මුලින්ම කුඩා පිස්සන්කොටුවල චන්දයක් තියන්න කියා කෑ කෝ ගසයි. ඉතින් හාමුත් කියපු විදියටම චන්දයක් තිබ්බාම අන්රයියා කුඩා පිස්සන්කොටු ගොඩක් දිනයි. ඊටපසු වැඩිපුර කුඩා පිස්සන්කොටු තියෙන්නේ අපිට බව කිය කියා පාරදිගේ කෑ ගසා මහා පිස්සන්කොටුවේ චන්දය තියන්න කියා හාමුට බනියි. ඉතින් හාමුත් කියපු විදියට මහා පිස්සන්කොටුවේ චන්දය තිබ්බාම අන්රයියා මහා පිස්සන්කොටුවේ ලොක්කා වෙයි. ඊට පසු ලොකු පප්පා තෝරා ගැනීමේ චන්දය තියන ලෙස කෑ කෝ ගසයි. හාමු ඒකත් කියන විදියටම කරාම අන්රයියා චන්දය දිනා ලොකු පප්පා වේ. අනේ ඉතින් හාමුට අන්රයියා කියන කියන එක කරන්න තරං මැන්ටල් නැත. ඉතින් හාමු චන්දය කල් දමා, චන්දය කල් දැම්මෙ නෑ, කල් දාන්න චන්දයක් නෑ කියා කිවේය. ඉතින් ප්ලෑනට කෙලවුනේය.
අන්රයියාගේ පලවෙනි බිය
හාමු එලවීමේ එක ක්රමයක් වන්නේ පප්ප ගමේ තැනින් තැන මහා ඇනකොටා ගැනීමේ වලි කිරීමයි. අනේ ඉතින් අන්රයියා 88/89 කාලෙදි වලියක් දමා මහා විනාසයක් කරගත් නිසා ඒකට පන බයයි. ඒ නිසා මොනම හේතුවකටවත් ඇනකොටා ගැනීමට නොයයි.
අන්රයියාගේ දෙවන බිය
හාමු එලවීමේ දෙවැනි ක්‍රමය වන්නේ පප්පලා මහා රොත්තක් එකතු කර "මහා නිර්පාක්ෂික සාමකාමී වලියක්" කිරීමය. අනේ ඉතින් නිර්පාක්ෂික උනාම අන්රයියාට ක්‍රෙඩිට් එක යන්නේ නැත. අනික අන්රයියාගේ දායක සභාව සාමකාමී වලි දන්නෙත් නැත. ඒ මදිවට වලිය දිනුවොත් කලින් පාර හාමු කොහෙවත් ඉඳල ඇවිල්ල ලොකු පප්ප උනා වගේ වෙන මල යකෙක් ලොකු පප්ප වීමට බැරි නැත. අන්රයියා ඒකට නන් පන බයය.
අන්රයියාගේ තුන්වන බිය
හාමු එලවීමේ තුන්වන ක්‍රමය හරිම ලෙසිය. දකුණට බරවී මහා භාරතය සමග ඩිල් එකක් දැම්මොත් සුටුස් ගා හාමු විසිවී අන්රයියා ලොකු පප්පා වේ. අන්රයියා හැඟීම් හංගාගෙන හිටියද එයා කොහොමත් දකුණට බරය. ඒත් මාළු මාමාගේ ලොක්කා වන ටිංටිං අන්කල් වමට බරය. මාළු මාමාට සෙට් වී ඇති වැඩ නොකරන සමිතියේ පප්පන් ඔක්කොම වමට බරය. අනික මාක් (කාල් මාක්ස්) දෙවියා වමට බර නිසා දකුණට බරවීම ආගමට විරුද්ධය. අන්රයියා ඒකට නං කොහොමත් බයය.
අනේ ඉතින් අන්රයියාට හාමුව එලවන්නට බැරිය. ඉතින් අන්රයියා දායක සභාවට මෙහෙම දෙසයි. "කවදාහරි කුඩා පිස්සන්කොටුවල චන්දයක් එනවා... ඊට පස්සේ කවදාහරි මහා පිස්සන්කොටුවේ චන්දයක් එනවා... ඊට පස්සේ කවදාහරි ලොකුපප්ප තේරීමේ චන්දයක් එනවා... ඇයි මේ කලබලේ, ටිකක් කල්පනා කර බලන්න". අනේ ඉතින් දායක සභාවත් කවදාහරි චන්දයක් එනතුරු බලාසිටිමින්ම මොනව කිව්වත් මේ පාර අපි මාළු මාමට කියා කෑ කෝ ගසයි.
අනේ ඉතින් මේ අතරේ හාමුට වැහිච්ච් ආච්චි ප්‍රතිසංස්කරණ කරගෙන කරගෙන යයි. අන්රයියා දායක සභාවට චන්දය නැමති කැරට් අලය පෙන්වා ශේප් කරගෙන ඉන්න නිසා "මහා නිර්පාක්ෂික සාමකාමී වලියක්" කරගන්න විදියකුත් නෑ. හාමුටත් වැඩේ ලේසියි. මහා භාරතයටත් සතුටුයි. කොහොමත් ප්‍රතිසංස්කරණ කරන එක පප්ප ගමේ ආර්ථිකයට හොඳ නිසා දැනට ඒහැටි අවුලකුත් නෑ. අන්රයියාට මාක් දෙවියා පිහිටයි. සකර්බර්ග් සරණයි.
No comments:
Post a Comment