Monday, March 25, 2024

හාමුට ලොකු පප්පා වෙන්න පුළුවන් එකම ක්‍රමය ගනිතානුකුලව පැහැදිලි කිරීම

අනේ ඉතින් හාමු, මෝඩ පුතානෝ සහ අන්රයියා ලොකු පප්පා චන්දයට ආවොත් අන්රයියා දිනයි. හාමුට දිනන්න නං මෝඩ පුතානොගේ කල්ලිය හාමුට එකතු විය යුතුය. ඒ නිසා හාමුට ලොකු පප්පා වීමට නං මහා පිස්සන් කොටුවේ චන්දයට යන්න ඕනය. නිකන්ම ගියාට මදිය. මහා පිස්සන් කොටුවේ චන්දයේ ප්‍රථිපල පහත පරිදි විය යුතුය. 


හාමු ලොකු පප්පා වීමේ සුපිරි ක්‍රමය

a = මාළු මාමාගේ කල්ලිය ගන්න ආසන ගණන 

b = මෝඩ පුතානෝගේ කල්ලිය ගන්න ආසන ගණන 

c = හාමුගේ කල්ලිය ගන්න ආසන ගණන 

d = හොර පූට්ටු කල්ලිය ගන්න ආසන ගණන 

e = උතුරු නැගෙනහිර කල්ලි ගන්න ආසන ගණන 

f = අනිත් කල්ලි ගන්න ආසන ගණන 

මහා පිස්සන් කොටුවේ චන්ද ප්‍රථිපල පහත පරිදි විය යුතුය 

  1.   a < 80
  2.   a > b, a > c, a > d, a > e, a > f 
  3.   a + e < 113, a + f < 113, 
  4.   b + c + e > 113


  • අනේ ඉතින් සරලව කිව්වොත් මාළු මාමාගේ කල්ලිය තනි කල්ලියක් විදියට වැඩිම ආසන ගණනක් ගතයුතු අතර එය කිසිසේත්ම බහුතරයේ කිට්ටුවට වත් නොයා යුතුය. 
  • මෝඩ පුතානොගේ කල්ලිය හැර වෙනත් ඕනෑම කල්ලියක් සමග මාළු මාමාගේ කල්ලිය එකතුවුවද බහුතරය ගත නොහැකි විය යුතුය. 
  • මෝඩ පුතානෝගේ කල්ලිය, හාමුගේ කල්ලිය සහ උතුරු නැගෙනහිර කල්ලි වල ආසන එකතු කලාම බහුතරය ලැබිය යුතුය. 
  • අනේ ඉතින් එහෙම උනොත් මෝඩ පුතානෝ මාළු මාමාට පරදින නිසා කීයටවත් ලොකු පප්පා චන්දෙට නොයයි. එතකොට මෝඩ පුතානෝ මහා පිස්සන් කොටුවේ මහ පිස්සා බවට පත්කර, හාමු සහ උතුරු නැගෙනහිර කල්ලි එකතුවී ගම් සභාව පිහිටුවයි. 
  • මෝඩ පුතානෝ මහ පිස්සා වීම නිසා එයාගෙ කල්ලිය හාමුට සපෝට් කරයි. හාමු ලොකු පප්පා චන්දෙන් දිනයි. 
  • හොර පුට්ටුව ගන්න ආසන ගණන වැදගත් නැත. ඒ කල්ලිය මහා පිස්සන් කොටුවේ විරුද්ද පක්ෂෙට ගිහින් මාළු මාමට සහ ගමට සුපුරුදු පරිදි කෙළවයි.

හාමුට ලොකු පප්පා විය හැකි එකම ක්‍රමය මේකය. පප්ප ගමට නන් සුපුරුදු පරිදි ආපහු කෙලවෙයි. එයාලට දැන් පුරුදු නිසා ගානක් නැත. 








Saturday, March 23, 2024

දේශපාලනික වීම සඳහා කඩේ යන පප්පන්

 අනේ ඉතින් පප්ප ගමේ දේශපාලන පක්ෂ හැට හුටාමාරක් ඇත. ඒවායින් බහුතරයක් දේශපාලනය නොකරන නිකන්ම නිකන් කල්ලිය. පප්ප ගමේ ප්‍රධාන කල්ලි පහත දැක්වේ. 


1. හොර පූට්ටුවේ කල්ලිය 

මේ කල්ලිය හොර පරම්පරාව ලොකු පප්පන් කිරීමේ පරමාර්ථයෙන් පිහිටුවාගත් කල්ලියකි. කල්ලියේ ලොක්කා මහා හොර පප්පාය. ඊට පසු ලොක්කා මල් කුමාරයාය. ඊට පසු මල් කුමාරයාගේ පුත් කුමාරයාය. ගමේ ඉතිරි තනතුරත් ලොකුම හොරුන්ට බෙදා දෙයි. මේ කල්ලියට දේශපාලන දර්ශනයක් නැත. ඒ ඒ දවස් වලට මාකට් වෙන ප්‍රඩක්ට් එකක් ප්‍රමෝට් කර බලය ලබා ගනී. සාමය විකිනෙන කලට සාමය විකුණයි. යුද්ධය විකිනෙන කලට යුද්ධය විකුණයි. ආගම විකිනෙන කලට ආගම විකුණයි. ජාතිය විකිනෙන කලට ජාතිය විකුණයි. ආරක්ෂාව විකිනෙන කලට ආරක්ෂාව විකුණයි. කොටි විකිනෙන කලට කොටි විකුණයි. හලාල් විකිනෙන කලට හලාල් විකුණයි. කොත්තු විකිනෙන කලට කොත්තු විකුණයි. යුක්තිය විකිනෙන කලට යුක්තිය විකුණයි. 


2. මෝඩ පුතානෝගේ කල්ලිය 

මේක මරණාධාර සමිතියක් වගේ එකකි. ගමට පුටු ඕන උනාම පුටු බෙදයි. කුඩාරම් ඕන උනාම කුඩාරම් බෙදයි. බස් ඕන උනාම බස් බෙදයි. මහන මැෂින් ඕන උනාම මහන මැෂින් බෙදයි. ලයිට් බිල් ගෙවන්න ඕන උනාම සීට්ටුවක් දාල බිල් ගෙවයි. මේකටත් කිසිම දේශපාලන දර්ශනයක් නැත. මොලේ තියන පප්පන් කිහිපදෙනෙක් වෙන යන්න තැනක් නැතුව මේකෙ රිංගගෙන හිටයට ඔවුන්ටත් කිසිම තැනක් නැත. මෝඩ පුතානෝ බයිල ගහ ගහ සිටියි. 


3. මාළු මාමාගේ කල්ලිය 

මේක වැඩ නොකර බැන බැන සිට අනුන්ගෙන් කා ආතල් එකක් ගැනීමට පිහිටුවාගත් කල්ලියකි. අනිත් කල්ලි ඔක්කොම පිස්සු කෙලපු නිසා මේ සීසන් එකේ මාළු මාමාගේ කල්ලිය ජනප්‍රියය. මේ කල්ලියටද දේශපාලන දර්ශනයක් නැත. විටෙක IMF නරකය. විටෙක හොඳය. විටෙක මහා භාරතය නරකය. විටෙක හොඳය. විටෙක අදානි සහෝදරයාට බනියි. විටෙක හොඳ කියයි. විටෙක අමුල් නරකය. විටෙක හොඳය. දුෂණයට විරුද්ධය. ඒත් දුෂණය නැති කරන වැඩ පිළිවෙලක් නැත. දුෂණය නැති කරන ප්‍රධාන ක්‍රියා මාර්ග වන රජය කුඩා කිරීම, tax ෆයිල් දැමීම, tin නම්බර් දීම, තෙල් විදුලිය වගේ ඒවා තරඟකාරීව විකිණීම වගේ හැම මගුලකටම විරුද්ධය. අපනයන ආර්ථිකයක් ගැන කතා කරයි. ඒත් ආයෝජකයන් ලාභය අරගන යනවා කියා ඒකට විරුද්ධය. පර්මිට් ලයිෂන් නැති කර ඕනෑම පප්පෙකුට බිස්නස් කිරීමේ අවස්තාව ලබා දීමට විරුද්ධය. රෝමය සමග වෙළඳ ගිවිසුම් වලට විරුද්ධය. ඒවා කරාම රෝමන් කාරයන් මේක අස්සේ රිංගල පප්පනට ජොබ් නැතිවෙන බව කියයි. ආනයන අපනයන කොන්දේසි, පර්මිට් ලයිෂන් සහ බදු අඩු කර ආර්ථිකය නිදහස් කිරීමට විරුද්ධය. අන්රයියා ලිබරල් ආර්ථිකයක් ගැන කියනකොට ලාල් අන්කල් සමාජවාදය ගැන කියවයි. හරිනි අක්කා කාන්තා නිදහස ගැන කතා කරන කොට ටිං ටිං අන්කල් අපි ඕවට නැ කියයි. කියන දේ නොකරයි. නොකියන දේත් නොකරයි. එක එක අය එක එක දේ කියයි. කවුරුවත් මුකුත්ම නොකරයි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කයියනායකයන්ය. 


4. හාමුගේ කල්ලිය 

මේ කල්ලිය හාමු සහ සමනලයින් දුසිමකින් සෑදී ඇති කල්ලියකි. හාමුට මැරෙන්න කලින් කරගන්න අවශ්‍ය අශාවල් වගයක් ඇත. මේ කල්ලියේ අරමුණ එම ආශාවන් ඉටු කර ගැනීමට හාමුට උදව් කිරීම සහ වැඩවසම් ක්‍රමය පවත්වාගෙන යාමය. හාමුට පොඩි දේශපාලන හා ආර්ථික දැනුමක් ඇත. රෝමන් කාරයන් හිතන්නේ පප්ප ගමේ අබ ඇටයක් හරි මොලේ තියෙන්නේ හාමුට බවය. ඒ නිසා හාමු රෝමේ පිහිටෙන් වැඩේ කරගෙන යයි. 


අනේ ඉතින් පප්ප ගමේ පප්පන් දන්න දේශපාලනයක්ද නැත. ඔවුන් හිතන්නේ මේ කල්ලි වලින් එකකට කඩේ යෑම දේශපාලනික වීම කියාය. ඇත්තටම කිව්වොත් ප්‍රතිපත්තියක් නැති කල්ලි වලට කඩේ යෑම යනු දේශපාලනික නොවීමය. 

Thursday, March 14, 2024

හොර පප්පන්, අවංක පප්පන් සහ රෝමේ තියන හොර කරන්න බැරි සිස්ටම්

 අනේ ඉතින් පප්පගමේ ගම්සභාවේ ඉන්නේ හොර පප්පන්ය. හොර පප්පන් හොරකං කිරීම නිසා පප්ප ගම බංකොලොත් විය. ඒ නිසා පප්පන් හිතාගෙන ඉන්නේ අවංක පප්පන් ආවොත් ගොඩයන බවය. පප්පන් හිතාගෙන ඉන්නේ හොර පප්පන් සහ අවංක පප්පන් කියා ජාති දෙකක් ඉන්නා බවත්, අවංක පප්පන් (දැනට හොරකන් කර නැති පප්පන්) හොයාගෙන ජන්දෙ දුන්නොත් ගොඩ තමයි කියලාය. 

අනේ ඉතින් ඇත්ත ලෝකය තුල හොර පප්පන් සහ අවංක පප්පන් කියා ජාති දෙකක් නැත. හොරකන් කරනවද අවංක වෙනවද කියන එක තීරණය වෙන්නේ සිස්ටම් එකට අනුවය. හොරකන් කරන්න පුළුවන් සිස්ටම් එකකට දාන ඕන පප්පෙක් හොරකන් කරයි. හොරකන් කරන්නේ නැත්තන් ඒ සිස්ටම් එකේ සවයිව් වෙන්න බැරිය. ඒවගේම හොරකන් කරන්න බැරි සිස්ටම් එකකට දාන පප්පන්ට හොරකන් කරන්න බැරිය. හොරකන් කරොත් හිරේ යන්න වෙයි. ඇත්තටම පප්පන් මේ දවස් වල කලයුත්තේ හොරකන් කරන්න බැරි සිස්ටම් එකක් ගේන අයට චන්දය දීමය. ඒත් පප්පන් කරන්නේ අවංක පප්පන් බව එයාලම කියන  (දැනට හොරකන් කර නැති පප්පන්) පප්පන්ට චන්දය දීමය. 

හොරකන් කරන්න බැරි සිස්ටම් දැනටම රෝමේ හදා ඇත. පප්පන්ට ඒවා කොපි කරගත්තත් හොරකම සෑහෙන්න අඩු කරගන්න පුලුවන්ය. ඒවාගේ සිස්ටම් වලට උදාහරණ පහත දැක්වේ. 

  1. මිනිස්සු අයින් කර ඩිජිටල් කිරීම, ඔටෝමේට් කිරීම
    • බදු විස්තර, ඉඩම් විස්තර, ආදායම් විස්තර, වාහන විස්තර, බැංකු ගිණුම් වගේ ඔක්කොම කොම්ප්යුටරේට දමා එක අංකයක් යටතේ ගබඩා කිරීම. 
    • ලයිසන්, පර්මිට් වගේ දේවල් අයින් කිරීම. හොරකන් කරන්නේ මේවා මගිනි.
  2.  බදු ක්‍රමය හා ගනුදෙනු ක්‍රමවත් කිරීම 
    • බදු ක්‍රමය සරල කිරීම, බදු වර්ග අඩු කිරීම. හිතෙන හිතෙන වෙලාවට බදු ගහන්නයි, අයින් කරන්නයි බැරි කිරීම. බදු ප්‍රතිශතය අවුරුදු ගානක් එකම ගානට තියාගැනීම. 
    • ඔක්කොම ගනුදෙනු ඩිජිටල් කිරීම, QR කෝඩ්, ක්‍රෙඩිට් කාඩ්, දෙබිඩ් කාඩ්, ඩිජිටල් කරන්සි වගේ ඒවා භාවිතා කර සිදුකිරීම. ඒවා ආදායම් වලට ඉබේම එකතු කිරීම. 
  3. ගම් සභාව පොඩි කිරීම. 
    • ගම් සභාවෙන් කඩ දැමීම නැවත්වීම, ගමේ කඩ විකිණීම, ඇමති පප්පාට ඕන ඕන අය කඩවලට පත් කිරීමට බැරි කිරීම. ගමේ වැදගත් තනතුරු පත් කිරීම සඳහා ස්වාධින ආයතනයක් ඇති කිරීම. ගම් සභාවෙන් රස්සාවල් දීම නැවත්වීම. 
    • ගම් සභාවේ තියන සුළු වැඩ, උදාහරණ වශයෙන් කිව්වොත් ටොයිලට් සේදීම, ක්ලීනින් වැඩ, සික්‍යුරිටි වැඩ වගේ ඒවා අවුට්සෝස් කිරීම. ඒවා සඳහා ගම්සභාවෙන් රැකියා ලබා නොදීම. 
    • අවම නියාමනය. සිස්ටම් එක ඉබේම බැලන්ස් වෙන්න ඉඩ ඇරීම. බැලන්ස් වෙන්නේ නැති තැන්වල නියාමනය කිරීම. 
  4. check and balance 
    • ගනුදෙනු වල මිල ප්‍රමාණය අනුව check and balance ඇති කිරීම. උදාහරණයක් ලෙස මුදල අඩුනම් එක නිලධාරියෙකුට තීරණ ගන්න පුළුවන්, මුදල වැඩි නං තීරණ ගන්න නිලධාරින් වැඩි කිරීම. check වැඩි කිරීමෙන් කොස්ට් එක වැඩිවී තීරණ ගන්න යන කාලය වැඩිවේ. ඒ නිසා balance එක වැදගත්ය. optimize කරන්නේ කොස්ට් එක සහ කාලය මිස හොරකන් නොකිරීම නොවේ. ඒ නිසා optimized සිස්ටම් එකක උනත් පොඩි පොඩි හොරකන් වලට ඉඩ ඇත. 
    • ගම් සභාවෙන් ගන්න තීරණ වලට වගවීම. ඒවාට දඬුවම් කිරීම. 
    • නීතියට ඇඟිලි නොගැසීම

මෙහෙම සිස්ටම් එකක් හැදුවාම අවංක පප්පන් නොව වැඩ පෙන්වා ඇති, අද්දැකීම් ඇති, ප්‍රායෝගික, දක්ෂ පප්පන් හොයා ගම් සභාවට යවයි. ඔවුන් හොරකක් කරොත් සිස්ටම් එකට අහුවී හිරේ යයි. දක්ෂ නැත්තම් කොහොමත් ගෙදර යන්න වේ. අනේ ඉතින් රෝමේ එහෙම උනත් පප්ප ගමේ එහෙම නොවේ. පප්ප ගමේ වෙන්නේ අවංක (දැනට හොරකන් කර නැති පප්පන්) ඒත් ගොන් හරක් මෝඩ පප්පන් සෙට් එකක් ගම් සභාවට යැවීමය. සමහර පප්පන් අවංක පප්පන් වී ඇත්තේ ඇත්තටම අවංක නිසා නොව හොරකන් කරන්න තරන් වත් මොලයක් නැති වීමය. උදාහරණයක් වශයෙන් කට වරද්දාගෙන දඬුකඳේ ගැසූ වන්ෂොට් පප්පා ගැන හිතල බලන්න.